ක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහනුවර දිස්ත්‍රික් සමුළුව

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහනුවර දිස්ත්‍රික් සමුළුව මහනුවර ජනාධිපති මන්දිරයේදී පැවැත්විණි. එහිදී ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා රැස්ව සිටි පිරිසට ආචාර කරන අයුරු. අගමැති දි. මු. ජයරත්න, ඇමැතිවරුන් වන කෙහෙළිය රඹුක්වැල්ල, සරත් අමුණුගම, එස්. බී. දිසානායක, මහින්දානන්ද අලුත්ගමගේ, මහාචාර්ය ජී. එල්. පීරිස්, ජොන්ස්ටන් ප්‍රනාන්දු, ප්‍රධාන ඇමැති සරත් ඒකනායක, ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහත්වරු ද මෙහි වෙති. ඡායාරූපය - සුදත් මලවීර




Send money to Sri Lanka - www.timesofmoney.com




සිසාරා යන්නට වෙබ් අඩවි . . . .


ජනපතිගේ අය වැය යෝජනාවට කැබිනට් අනුමැතිය

සියලු සේවකයන්ට විශ්‍රාම වැටුප් විශ්‍රාම වැටුප් අරමුදල් තුනක්

සේවකයාගෙන් සියයට දෙකක්

වයස 60 සිට විශ්‍රාම වැටුප්

රජයේ විශ්‍රාම වැටුප් සංග්‍රහය මඟින් ආවරණය නොවන සියලු සේවකයන් සඳහා විශ්‍රාම වැටුප් ප්‍රතිලාභ ලැබෙන පරිදි දායක විශ්‍රාම වැටුප් අරමුදලක් පිහිටුවීමට රජය තීරණය කරයි. 2011 අය-වැයෙන් යෝජනා වූ පරිදි ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා මේ සම්බන්ධයෙන් ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබුණු බව කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී පරිසර ඇමැති අනුර පි‍්‍රයදර්ශන යාපා මහතා පැවැසීය. කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේදී ඊයේ (9) පැවැත්විණි. මේ යෝජනාව අනුව සේවක විශ්‍රාම වැටුප් ප්‍රතිලාභ අරමුදල්, විදේශ ශ්‍රමික විශ්‍රාම වැටුප් ප්‍රතිලාභ අරමුදල් හා ස්වයං රැකියා නියුක්තිකයන්ගේ විශ්‍රාම වැටුප් ප්‍රතිලාභ අරමුදල් යනුවෙන් දායක විශ්‍රාම වැටුප් අරමුදල් තුනක් පිහිටුවීමට ඇමැති මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබේ.

විස්තර »

සවස 3න් පසු පාසල් ගුරු-සිසු කැමැත්ත අනුවයි

රජය සිය ස්ථාවරය පැහැදිලි කරයි

පස්වරු 3.00 දක්වා පාසල් විවෘත කර තබන්නේ සිසුන්, ගුරුවරුන් හා මව්පියන්ගේ කැමැත්ත මත පමණක් බව රජය අවධාරණය කරයි. කිසි විටෙකත් මෙය අනිවාර්ය කර නොමැති අතර, එය ක්‍රියාවට නංවන්නේ දිවයින පුරා සංවර්ධනය කෙරෙන පාසල් දහසේ පමණක් බව ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා සඳහන් කරයි. දේශපාලන වාසි තකා ඇතැමුන් විවිධ ප්‍රචාරයන් ගෙන යන බව සඳහන් කරන ඒ මහතා රටේ අනාගතය බාර ගන්නා දරු පරපුරේ අධ්‍යාපනය වෙනුවෙන් දේශපාලඥයන් මැදිහත් වීමෙන් වැළකිය යුතු බවද පෙන්වා දෙයි. හෙතෙම මේ බව පැවැසුවේ ‘දිනමිණ’ ට විශේෂ ප්‍රකාශයක් කරමිනි.

 

විස්තර »

මන්ත්‍රී-ප්‍රභූ ආරක්ෂාව අඩු කිරීමේ තීරණ

මන්ත්‍රීවරුන්ට හා ප්‍රභූවරුන්ට ආරක්ෂාව සඳහා ලබා දී ඇති ආරක්ෂකයන් ප්‍රමාණය අඩු කිරීමට පටන්ගෙන ඇතැයි ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, ජල සම්පාදන හා ජලපවාහන ඇමැති දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (9) පැවැසීය. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු නීත්‍යානුකූ®ලව ආරක්ෂාව සැපයීය යුතු යැයි තීරණය කර ඇති ප්‍රභූන් සඳහා ලබා දී ඇති පොලිසියේ භට සංඛ්‍යාව තීරණය කරනු ලබන්නේ ඔවුන්ට එල්ලවන තර්ජනයේ ස්වභාවය අනුව බව ද ඇමැතිවරයා කීවේ ය. ඇමැතිවරයා එසේ පැවැසුවේ වාචික පිළිතුරු අපේක්ෂාවෙන් කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී රවී කරුණානායක මහතා අසා තිබූ ප්‍රශ්නයට පිළිතුරු වශයෙනි.

විස්තර »

‘ලංකා’ පුවත අසත්‍යයක්

හෙට්ටිගේ පරීක්ෂණයක් ඉල්ලයි

පසුගිය 6 වැනිදා ලංකා ඉරිදා සංග්‍රහයේ “මහේල – තිලාන් අනතුරේ – පළවූ තරග තහනමක් අවදානමක්” යන හිසින් පළ වූ වාර්තාව තම ආරක්ෂාවට බරපතළ ගැටලුවක් ලෙස හැඟී ඇති බව ජනාධිපති සම්බන්ධීකරණ ලේකම් (පාර්ලිමේන්තු කටයුතු) කුමාරසිරි හෙට්ටිගේ මහතා පොලිසියට දන්වා සිටී. එම ප්‍රවෘත්තියේ සඳහන්වන පරිදි තමා ස්වාධීන රූපවාහිනියේ විමසුම වැඩසටහනට තමා කිසි දිනෙක කිසිවෙකුට උපදෙස් ලබා නොදුන් බව හෙට්ටිගේ මහතා කියයි. එම ප්‍රවෘත්තිය තම ජීවිතයට තර්ජනයක් මෙන්ම ම විසින් නොකරන ලද ක්‍රියාවකට සම්බන්ධ කිරීම කුමන්ත්‍රණකාරී සංවිධානාත්මක වැඩපිළිවෙළක් ඇති බව හැඟී යන හෙයින් ඒ ගැන පරීක්ෂණයක් පවත්වා තමාගේ ආරක්ෂාව තහවුරු කරන ලෙස  හෙට්ටිගේ මහතා පොලිස්පතිගෙන් ඉලා සිටී.

විස්තර »

හිල්ටන් හෝටලයේ අයිතිය රජයට

කොළඹ හිල්ටන් හෝටලයේ සම්පූර්ණ අයිතිය දැන් රජය සතුවන බව ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්‍ෂ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (9) පැවසීය. හිල්ටන් හෝටල් සමාගම පසුගිය එක්සත් ජාතික පක්ෂ සමයේ ලබාගැනීමෙන් පසු බදු මුදල් ගෙවා තිබුණේ මාස 2ක් පමණක් බව සඳහන් කළ බැසිල් රාජපක්‍ෂ මහතා එබැවින් එම හෝටල් භූමියේ අයිතිය ද රජය පවරා ගත් බවද පැවසීය. ඉඩමක සම්පූර්ණ තක්සේරු වටිනාකම ගෙවීමකින් තොරව එම ඉඩමේ අයිතිය යම් සමාගමකට පවරා නොදීමේ තීරණයක් ද රජය ගත් බව ඇමැතිවරයා කීවේය.

විස්තර »

දළදා කරඬුව වැඩමවීමේ භාග්‍ය ලද

“මිල්ලන්ගොඩ රාජා” ආහාර ගැනීමේ අපහසුවෙන්

ජනපති උපදෙසින් විශේෂ ආහාර

ආසියාවේ දිගම දළ ඇතා වශයෙන් පිළිගැනෙන “මිල්ලන්ගොඩ රාජා” ඇතාට පෝෂණීය ආහාර ලබාදීමට වනජීවී දෙපාර්තමේන්තුව පියවර ගනී. “මිල්ලන්ගොඩ රාජා” ඇතාගේ සෞඛ්‍ය තත්ත්වය පිරිහීම පිළිබඳව වනජීවී දෙපාර්තමේන්තුව මගින් පරීක්ෂා කර ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට වාර්තා කිරීමෙන් අනතුරුව ජනාධිපතිතුමන් විසින් මෙම හස්තියාට දෛනිකව පෝෂණීය ආහාර ලබාදෙන ලෙස එම දෙපාර්තමේන්තුවට නියෝග කැර තිබේ. වනජීවී හා ගොවිජන සේවා ඇමැති එස්. එම්. චන්ද්‍රසේන මහතා පෙරේදා (09) පෙරවරුවේ මොලගොඩ මිල්ලන්ගොඩ ඇත් ගාලට පැමිණ මෙම ඇතාගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව තොරතුරු විමසා බැලීය.

විස්තර »

‘දිවි නැඟුම’ ජාතික ව්‍යාපාරය 12දා ඇරැඹීමට එක්වන්න

පවුලේ ආර්ථිකය හා පෝෂණය වැඩිදියුණු කරන ගෘහ ආර්ථික ඒකක දශලක්‍ෂයේ ‘දිවිනැඟුම’ ජාතික ව්‍යාපාරය දීපව්‍යාප්ත ව ක්‍රියාවට නංවන මොහොත ට මාර්තු 12 දා පෙරවරු 11.21 ට තම තමන්ගේ ගෙවතුවල සිට ම පහනක් දල්වා සුබ මොහොතින් පැළයක් සිටුවා එක් වෙමු.

රණවිරු සේවා අධිකාරිය ටී. බී. ජයා මාවතට

රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයට අයත් රණවිරු සේවා අධිකාරිය මාර්තු 07 දා සිට කොළඹ 10 ටී. බී. ජයා මාවතේ අංක තුනෙහි පිහිටි ගොඩනැගිල්ලේ 4 වැනි මහළට ගෙන ගිය බව රණවිරු සේවා අධිකාරිය දන්වා සිටී. (මරදාන ශාන්ත ජෝසප් විද්‍යාලය ඉදිරිපිට) දුරකථනය 0112694536 – 37.

“පිට රටට අත පෑම අත හැර තම ගෙවත්තේ වගා කරමු”

ජනාධිපති මහින්ද රාජපක්‍ෂ
2011 පෙබරවාරි 20 කොළඹ දී



වෙළඳ දැන්වීම් . . . .

 
 

ශ්‍රී ලංකාවේ කාලගුණය

Click for Colombo, Sri Lanka Forecast

 
විජය මරා ලැබුණා මහ විමුක්තිය
සාගරිකගෙ ලතෝනියයි විමුක්තිය
ප්‍රේමකීර්තිව මැරුවත් විමුක්තිය
පොල් ගෙඩියක් හැට වුණාම අයුක්තිය