ගර්භනී අපේක්ෂිකාවට පහරදීම ගැන නඩු

ගර්භනී අපේක්ෂිකාවට පහරදීම ගැන නඩු

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහර ප්‍රාදේශීය සභා අපේක්ෂිකාවට එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයකු පහරදීම පිළිබඳව නීතිමය පියවර ගන්නා බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් ඛනිජ තෙල් කර්මාන්ත ඇමැති සුසිල් පේ‍්‍රමජයන්ත් මහතා පවසයි.

කාන්තා දිනයට දින දෙකකට පෙර  පහරදීමට ලක් වූ ගැබිනි අපේක්ෂිකාව රෝහල්ගතකර සිටි බවත් මේ වන විට කිසිදු ප්‍රකාශයක් නොකර එ. ජා. ප ය සිටින්නේ කාන්තාවනට හිරිහැර කිරීම අතීතයේ සිටම ඔවුන් සිදුකළ නිසා බව යැයි ද මහලේකම්වරයා කීය.

එක්සත් ජනතා නිදහස් සන්ධානය මේ සිද්ධිය දැඩි සේ හෙළා දකින බව කී මහ ලේකම්වරයා 1977න් පසු පොලිස් නිලධාරින් ලවා එදා පෙළපාළි ගිය  ලංකා සමසමාජ පක්ෂයේ කාන්තා සම්මේලනයේ නායිකා විවියන් ගුණවර්ධන සහ ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ වීඩා කෙනමන් සහෝදරියට එජාපය පොලිස් මැර ප්‍රහාර එල්ල කළ බව ද කීය.

මැර ප්‍රහාර එල්ල කළ පොලිස් නිලධාරියාට අධිකරණය එම කාන්තාවට වන්දි ගෙවන ලෙස එදා නියෝග කළ විට එදා එජාප රජය එම මුදල් ගෙවූ බව කී මහ ලේකම්වරයා එම රජය එම පොලිස් නිලධාරියාට උසස්වීමක් ලබාදුන් බව ද කීය.

හෙට රට බාර ගැනීමට සූදානම් බව පවසන එක්සත් ජාතික පක්ෂය මාතෘත්වයට නිගා කරමින් වර්තමානයේ ක්‍රියා කරද්දී අතීතයේ කතුන් නිරුවත් කිරීම් පවා සිදුකිරීම මේ රටේ ජනතාව දන්නා බවත් එ. ජා. ප. ය මෙවර පළාත් පාලන මැතිවරණයේ 19 වැනි පරාජය අත්විඳින්නේ මේ රටේ බුද්ධිමත් ජනතාව ඔවුන් හොඳින් දන්නා නිසා බැවින් යැයි ද ප්‍රකාශ කෙළේ ය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා