පන්-වැටෙකේවලින් අත්කම් භාණ්ඩ නිපැයුමට දැනුම බෙදන දිරිය කත

පන්-වැටෙකේවලින් අත්කම් භාණ්ඩ නිපැයුමට දැනුම බෙදන දිරිය කත

ගෙතුම වියමන පිළිබඳ ලබාගත් දැනුම දිවයිනේ ඕනෑම ප්‍රදේශයක සිටින රැකියා විරහිත කාන්තාවන් සමඟ සමව බෙදා ගනිමින් රට දැය වෙනුවෙන් සුවිශේෂී සේවයක් ඉටුකිරීමට කැපවී සිටින පොල්ගහවෙල වදාකඩ නාගනේ ප්‍රේමා අදිකාරී මෙනවිය ආදර්ශවත් කාන්තාවකි.

ඇය මුණ ගැසුණේ කොරස සංස්කෘතික මධ්‍යස්ථානයේ පැවැති අත්කම් නිර්මාණ ප්‍රදර්ශනයක දීය. ඇය අප හා මෙසේ අදහස් දැක්වූවාය.

අත්කම් නිෂ්පාදනය කළ භාණ්ඩ

ඉස්කෝලෙ යන කාලෙ ඉඳන් අම්මගෙන් ලැබුණු පන් වියමන් දැනුම සමග 1991 දඹදෙණි අපනයන සංවර්ධන මණ්ඩලයෙන් සහ ශ්‍රී ලංකා හස්ත කර්මාන්ත මණ්ඩලයෙන් ලබාගත් දැනුමත් උපයෝගී කරගෙන ඈපාකන්ද ගලතරය කඳුරුවැල්ල මැදකළුගමුව කියන ගම්වල මධ්‍යස්ථාන පිහිටුවා ඒ ප්‍රදේශවල කාන්තාවන්ට අත්කම් නිර්මාණ කරන්න දැනුම ලබාදීම ආරම්භ කළා.

ඒ අයත් සාර්ථකව තමන්ගේ අත්කම් භාණ්ඩ නිර්මාණ කිරීමේ ව්‍යාපාරවල නියැළී ඉන්නවා. මගෙන් ඉගෙන ගත්ත කෙනෙක් දියුණු වෙලා ඉන්නවා දැකීමෙන් මම හොඳ ආත්ම තෘප්තියක් ලබාගන්නවා.

මේ සේරටම උදව් දුන්නේ ජාතික ශිල්ප සභාව . ජාතික ශිල්ප සභාව වාර්ෂිකව පවත්වන ප්‍රදර්ශන වලින් මගෙ නිර්මාණ තුළින් 2001 - 2005 - 2006 වර්ෂවලදී ජනාධිපති සම්මාන පවා ලබා ගත්තා.

පරිසරයේදී අපට හමුවන දේශීය අමුද්‍රව්‍ය වලින් හොඳ නිර්මාණ බිහි කරන්න පුළුවන්. නම් ඒක තමා ජයග්‍රහණය. දැන් වෙලා තියෙන්නෙ පරිසරය විනාශ කරන එකෙන් අපිට පන්ගස වැටකේ කොළය සොයා ගන්න අමාරු වෙලා තියෙනවා.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා