මරණ දැන්වීම්




 

එල්. එම්. රූපසිංහ මහතා - අධ්‍යාපන දෙපාර්තමේන්තුවේි (විශ්‍රාමික) - එස්. රණවීර මහත්මියගේ ආදරණීය ස්වාමිපුරුෂයා වූද, (අතිරේක රෙජිස්ට්‍රාර් මොරටුව ප්‍රාදේශීය සභාව), සී/ස එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ ප්‍රවාහන අංශයේ සේවයේ නියුතු කුමාර රූපසිංහ හා අරුණ රූපසිංහ යන අයගේ ආදරණීය පියාණන් වූද, මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ සේවයේ නියුතු ආර්.ඩී. නානායක්කාර මහත්මියගේ ආදරණීය මාමණ්ඩිය වූද, සෙව්මිණ සහ දෙව්මිණගේ ආදරණීය සීයා වූද, එල්.එම්. රූපසිංහ මහතා හදිසියේ අභාවප්‍රාප්ත විය. ඒ පිළිබඳව අවසන් කටයුතු 2011.03.10 වන දින සවස 4.00 ට පානදුර වලපල පොදු සුසාන භූමියේදී සිදුකරන බව කණගාටුවෙන් දැනුම් දෙනු ලැබේ. 102/12, ඩයස් මාවත, පානදුර. 071912

මොලී මාජරි අබේගුණසේකර - නැසීගිය ෆ්‍රැන්සිස් අබේගුණසේකර (ෆ්‍රැන්සිස් රාළහාමි) මහතාගේ ආදරණීය බිරිඳ වූ මොලී මාජරි අබේගුණසේකර මැතිණිය අභාවප්‍රාප්ත වූයෙන් අවසාන කටයුතු 11.03.2011 සිකුරාදා සවස 5.00 ට බොරැල්ල ආදාහනාගාරයේදී සිදුකරන බව සංවේගයෙන් දැනුම් දෙමු. දේහය ජයරත්න මල්ශාලාවේ තැන්පත් කොට ඇත. මෙයට ශෝකයටපත් දරු පිරිස. 63, ආනන්ද මාවත, කොළඹ 10. 072213

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා