මරණ දැන්වීම්

 

 

එච්.ඩී. සීලවතී මිය - බණ්ඩාරගම, කිදෙල්පිටිය ශ‍්‍රී සාරාලංකාර මාවතේ ටී. විමලසේන මහතාගේ ආදරණීය භාර්යාව වූ විශ‍්‍රාමලත් විදුහල්පති, සාම විනිසුරු එච්.ඩී. සීලවතී මහත්මිය අභාවප‍්‍රාප්ත වූයෙන් ඒ පිළිබඳ
අවසන් කටයුතු අද දින පස්වරු 4.30 ට කිඳෙල්පිටිය පොදු සුසාන භූමියේදී
සිදු කෙරේ. අවමඟුල් පෙරහැර නිවසින් පිටත්වීම පස්වරු 4.00 ට. දුරකථනය 038 2292168.
 


කේ.එච්. මැපී ද සිල්වා මැතිණිය - නැසීගිය ඩබ්ලිව්.ජී.එම්. ඇල්බට් සිල්වා මහතා (මොණරාගල හිටපු පාර්ලිමේන්තු නියෝජ්‍ය ඇමැතිතුමා)ගේ ආදරණීය භාර්යාව වූද, ඩබ්ලිව්.ජී.එම්. පෙ‍්‍ර්මදාස සිල්වා සහ මංගලිකා ද සිල්වා ගේ දයාබර මෑණියන් වූ, කේ.එච්. මැපී ද සිල්වා මැතිණිය අභාවප‍්‍රාප්ත විය.
අවසන් කටයුතු 2009 පෙබරවාරි මස 4 දින සවස සිදු කෙරේ. දේහය බොරැල්ල ජයරත්න මල්ශාලාවේ විශේෂ ප‍්‍රභූශාලාවේ තැන්පත් කොට ඇත. කෘතවේදී සියලු දෙනා වෙත සාතිශය සංවේගයෙන් දැනුම් දෙනු ලැබේ.
ඩබ්ලිව්.ජී.එම්. පෙ‍්‍ර්මදාස සිල්වා. දු.අ. 2822145, 2809801.
 


ජී. ජයරත්න ප‍්‍රනාන්දු – දෙමන්හන්දිය, මීගමුව. රාණි ප‍්‍රනාන්දු මහත්මියගේ ආදරණීය ස්වාමි පුරුෂයා වූද, බුද්ධික, මෙසිත, බුද්ධිනී යන අයගේ ආදරණීය පියාණන් වූද, නැසීගිය පියරත්න සහ මෛති‍්‍රරත්න යන අයගේ සොහොයුරා වූද, නන්දා, ලලිතා, අයිරාංගනී, පුන්‍යා, විමලා යන අයගේ ආදරණීය සොහොයුරා වූද, මීගමුව දෙමංහන්දිය ජය ශ‍්‍රී එන්ටර්ප‍්‍රයිසස් අධිපති, ඉඩම් හිමි වැවිලිකරු ජී. ජයරත්න ප‍්‍රනාන්දු මහතා 2009 පෙබරවාරි මස 2 වැනි දින අභාවප‍්‍රාප්ත විය. මේ පිළිබඳ
ආදාහන කටයුතු 2009 පෙබරවාරි මස 4 වැනි දින බදාදා සවස 4 ට උතුරු කදිරාන බේස්ලයින් පාරේ සරස්වතී කොහු මෝල පිහිටි ඉඩමේදී
සිදු කෙරෙන බව සියලු ඥාති මිත‍්‍රාදීන් වෙත සංවේගයෙන් දැනුම් දෙමු. ශෝකයට පත් භාර්යාව, සොයුරියන් සහ දරු කැළ.
 


පී. පී. එෆ්. පෙරේරා මහතා - සේනාධීරගේ ලීලාවතී පීරිස් යන අයගේ ආදරණීය ස්වාමි පුරුෂයා වූද, ලීලානී පෙරේරා (සමුද්‍රදේවී බාලිකා විද්‍යාලයේ ආචාරිණී) ප‍්‍රියානි පෙරේරා (රෝමය) යන අයගේ දයාබර පියාණන් වූද, අනුර එදිරිසිංහ (විභාග කොමසාරිස් ජනරාල්), සමන්ත චන්ද්‍රසිරි (රෝමය) යන අයගේ මාමණ්ඩිය වූද, චලිත දසුන්, හශිනි එදිරිසිංහ, විශ්ව එදිරිසිංහ යන අයගේ සීයාවූද, ශ‍්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාවේ සභාපති හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර සෝමවීර චන්ද්‍රසිරි යන අයගේ මාමා වූද විශ‍්‍රාමලත් පරිපාලන නිලධාරි හා ලංකා කම්කරු සමිති මණ්ඩලයේ උප සභාපති හා මහජන එක්සත් පෙරමුණ කි‍්‍රයාකාරියකු මෙන්ම හිටපු මධ්‍යම කාරක සභික පී.පී.එෆ්. පෙරේරා මහතා අභාවප‍්‍රාප්ත වූයෙන් ඒ පිළිබඳ
අවසන් කටයුතු 04.02.2009 දින ගොඩිගමුව පොදු සුසාන භූමියේදී සිදු කරන අතර මෙදින පස්වරු 3.30 අවමංගල්‍ය උත්සව සභාව නිවසේදී සිදු කරන බව සියලු ඥාති මිත‍්‍රාදීන් වෙත සංවේගයෙන් දැනුම් දෙමු.
අවංමගල්‍ය නිවස - අංක 20, මායා මාවත, ජනතා මාවත, පතිරගොඩ පාර, මහරගම.
 


වැලිපිටියගේ උපුල් විජයරත්න ද සිල්වා - තරුණ මහතා”මංගල” පන්සල පාර, පොහද්දරමුල්ල, වාද්දුව නිවසේ විසූ, සිංහගිරි පුද්ගලික සමාගමේ සේවයේ නියුතු වූ වැලිපිටියගේ උපුල් විජයරත්න ද සිල්වා තරුණ මහතා හදිසියේ අභාවප‍්‍රාප්ත විය.
අවසන් කටයුතු පෙබරවාරි මස 4 වැනි දින වස්කඩුව ආදාහනාගාරයේදී සිදු කෙරේ.
සංවේගයෙන් දැනුම් දෙන්නේ බිරිඳ සහ දරු දෙදෙනා.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා