සෑබැ වු නිදහස් උදානය....


 






හත්වැනි කොටි ගුවන් පථයත් පුදුකුඩුඉරිප්පුවෙන් සොයා ගැනේ

පුදුකුඩුඉරුප්පු තිරිමිනාද ප‍්‍රදේශයේ ඝන කැලෑවක පිහිටුවා තිබූ කොටින් ගේ හත්වැනි ගුවන් පථය 58 වැනි සේනාංකය විසින් පෙරේදා (2) සවස අත්පත් කර ගන්නා ලදී. එය දිගින් කිලෝමීටර් දෙකක් වන අතර මීටර් 350 ක ප‍්‍රමාණයක් දක්වා තාර දමා සකස් කර තිබේ. එය පළලින් මීටර් 50 ක් බව ද යුද හමුදාව පවසයි.

විස්තර »

නොබෙදූ රටක එකම ජාතියක්
ලෙස අපි එක්වෙමු

-ජනපති

රුදුරු ත‍්‍රස්තවාදීන්ගේ බන්ධනයෙහි පසුවන උතුරේ අහිංසක ජනයා නිදහස් කරගෙන ඔවුන්ට සමානත්වය හා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව යටතේ සියලු අයිතිවාසිකම් ලබාදෙන බවට 61 වැනි නිදහස් දිනයදා ප‍්‍රතිඥා දෙන්නේ යැයි ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

විස්තර »

උතුරේ ජනතාවට නිදහසේ
අරුණලු උදාවේවා!

- අගමැති

යටත් විජිතවාදී ග‍්‍රහණයෙන් මිදීම සඳහා එදා ලේ කඳුළු දහදිය හෙළු අප මුතුන් මිත්තන් ගමන් කළ මඟ යමින් අද අපගේ වීරෝදාර රණවිරුවන් ත‍්‍රස්තවාදී බළකොටු පීරමින් උතුරේ ජනතාවට නිදහසේ අරුණළු උදා කිරීමට වෙහෙසෙන්නේ යැයි අගමැති රත්නසිරි වික‍්‍රමනායක මහතා පවසයි.

විස්තර »

61 වැනි නිදහස් දිනය
අභිමානවත්ව සමරති

ශී‍්‍ර ලංකාවේ 61 වැනි ජාතික නිදහස් දිනය අදට (4) යෙදී ඇත. ශී‍්‍ර ලංකා මාතාව සිය 61 වැනි ජාතික නිදහස් දිනය මහත් අභිමානවත් අයුරින් පැවැත්වීමට සියලු කටයුතු යොදා ඇත. අප මෙවර නිදහස සමරන්නේ එල්.ටී.ටී.ඊ ග‍්‍රහණයේ පැවැති උතුරු - නැගෙනහිර ප‍්‍රදේශ ත‍්‍රස්තවාදීන්ගෙන් මුදාගෙන ඇති අවස්ථාවක ය.

විස්තර »

දැයට කිරුළ අද ඇරැඹේ

“රට දිනන-හෙට දිනට” යන්න තේමාව කරගත් දැයට කිරුළ ජාතික සංවර්ධන ප‍්‍රදර්ශනය අද (4) කොළඹ බණ්ඩාරනායක සම්මන්ත‍්‍රණ ශාලා පරිශ‍්‍රයේදී ආරම්භ කැරේ. මේ ප‍්‍රදර්ශනය 8 දා තෙක් පෙරවරු 9.00 සිට රාතී‍්‍ර 12.00 දක්වා පැවැත්වීමට කටයුතු යොදා ඇති අතර ප‍්‍රදර්ශනය පැවැත්වෙන දින පහ විවිධ ක්ෂේත‍්‍ර සඳහා වෙන් කැර ඇත.

විස්තර »

දැයට කිරුළ භූමියේදී
රණවිරුවකු වන්න වරම්

වීරෝදාර රණවිරුවකු ලෙස ශ‍්‍රී ලංකා යුද හමුදාවට එක්වීමට කැමැති තරුණයන්ට “දැයට කිරුළ” ප‍්‍රදර්ශන භූමියේදී ඊට අවස්ථාව සලසා තිබේ. මේ මස 4 දින සිට 8 දා දක්වා කාලයේ දී බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ ආධුනිකයන් බඳවා ගැනීමේ කුටියේදී යුද හමුදා නිත්‍ය හා ස්වේච්ඡා සේනාවලට බඳවා ගැනීම් සිදුකැරේ.

විස්තර »