ජනාධිපතිතුමා නිර්භීත ලෙස නායකත්වය . . . .

ජනාධිපතිතුමා නිර්භීත ලෙස නායකත්වය
දෙමින් හමුදාවන් මෙහෙයවනවා

කර්නල් ඒ. කේ. ආර්. එස්. ටී. සුරවීර පැලවත්ත හමුදා කඳවුරේ
සෙබළුන් 173 ක් විසිරයාමේ උළෙලේදී කියයි

ශ‍්‍රී ලංකා ඉතිහාසයේ රන් අකුරින් ලියවෙන අපේ රණවිරුවන් අති විශිෂ්ට ජයග‍්‍රහණයන් ලබන මොහොතක අවසන් සටනට එක්වීමේ පුහුණුව ලැබූ ආධුනික සෙබළුන් පිරිසක් අද විසිර යනවා. එය ඔවුන්ගේ ජීවිතයේ ඉතාමත් වැදගත් අවස්ථාවක්.


ශ‍්‍රී ලංකා යුදහමුදා මූලස්ථානයේ සේවා වනිතා ඒකකයේ සම්බන්ධීකරණ නිලධාරි කර්නල් ඒ. කේ. සූරවීර මහතා ආචාර්ය පෙලපාලිය
පරීක්ෂා කරන අයුරු.
ඡායාරූප - මතුගම සංචාරක

රට ජාතිය වෙනුවෙන් ඉදිරිපත් වන මේ තරුණ පිරිස මෙවන් ජයග‍්‍රාහී අවස්ථාවක අගය කළ යුතුයයි ශ‍්‍රී ලංකා යුද හමුදාවේ සේවා වනිතා ඒකකයේ සම්බන්ධීකරණ නිලධාරි කර්නල් ඒ. කේ. ආර්. එස්. පී. සුරවීර මහතා පැවසීය.

පැලවත්ත යුදහමුදා කඳවුරේ පුහුණුව ලැබූ ආධුනික සෙබළුන් 173 දෙනෙකු විසිරයාම වෙනුවෙන් පැවැති උත්සවය අමතමින් එසේ කීය.

සුරවීර මහතා මෙසේද කීය. මේ මාතෘභූමියේ ඇති වී තිබෙන ව්‍යවසනයෙන් රට බේරා ගන්න හිත තුළ උත්තරීතර අදහස් ඇති කර ගෙන අපේ රට වෙනුවෙන් සටන් වැද සිටිනවා. නිර්භීතව ඉදිරියට යනවා.

අද වගේම එදාත් මෙවැනි ව්‍යසනයන් තිබුණා. දුටුගැමුණු රජතුමා එදා කෙළේ ලොකු කැපකිරීමක් ලොකු සටනක් කරලා රට බේරාගත්තා. නූතන දුටුගැමුණුවරු අද මේ රට බේරගන්නවා. මේ පිළිබඳව කිසිම සැකයක් නැහැ. අපේ ජනාධිපතිතුමා මේ ස¼ඳහා නිර්භීතව නායකත්වය දෙමින් හමුදාවන් මෙහෙයවනවා.

අද වගේ යුදහමුදාවක් එදා තිබුනේ නැහැ.

රටේ අවශ්‍යතාවයත් ඇති වූ මොහොතක රටපුරා අඬබෙරයක් යවනවා. ඇතිවී තිබෙන ව්‍යසනයෙන් රට බේරා ගන්න හැකි අය එකතුවන්න කියලා කාය ශක්තිය ශිල්පීය ශක්තිය තිබෙන අය තමන් භාවිත කළ හැකි කවර හෝ ආයුධයක් අරන් රට බේරා ගැනීමේ උත්තරීතර සටනට මුහුණ දුන්නා. අනිකුත් පිරිස්ද නන් අයුරින් ඒ ස¼ඳහා සහය දුන්නා.

අදත් ඒ වගේ රට ගැන හිතලා දැඩි කැපවීමෙන් යුද කරන තරුණ පිරිසක් සිටිනවා. බොහෝ දෙනෙක් මහත් ආශාවෙන් හමුදා සේවයට එකතුවෙනවා. ගේදොර අඹු දරුවන් පවා නොතකා නිවාඩු නොගෙන ඛ්2යාන්විත රාජකාරින් වල නිරතව සිටිනවා.

තව නොබෝදිනකින් මේ යුද්ධය අවසන් කිරීමට හැකිවේ යයි දැඩි විශ්වාසයක් පවතිනවා. මේ ජයග‍්‍රහණය ලැබීමෙන් පසු ඒකීය රාජ්‍යයක් ඇතුළත් පාලනය කර ගෙන යාමේ උත්තරීතර අවස්ථාව උදා වෙනවා.

ශ‍්‍රී ලාංකීය සියලුම ජනතාව මේ උත්තරීතර කි‍්‍රයාවන්ට උරදී සිටිනවා.

මේ පුහුණු පාඨමාලාවේ සෑම අතින්ම අතිශූර සෙබළා ලෙස දුටුගැමුණු ඛන්ඩයේ එස් ගජනායක දක්ෂතම වෙඩික්කරු ලෙස විජය ඛණ්ඩයේ කේ. චතුර ත්‍යාග හිමිකර ගත්තේය.

සෑම අතින්ම අතිශූර ඛණ්ඩය දුටුගැමුණු ඛණ්ඩය දක්ෂතම සරඹ ඛන්ඩය ගජබා ඛන්ඩය ත්‍යාග හා කුසලාන ලබා ගත්තේය.ශ‍්‍රී ලංකා යුදහමුදාවේ පැලවත්ත පුහුණු ක¼ඳවුරේ සේනා විධායක ලුතින්න කර්නල් එච්. වී. ඩී. ඒ. එන්. විතානගේ මහතාගේ මෙහෙයවීමෙන් පුහුණු පාසලේ ප‍්‍රධාන උපදේශක මේජර් එන්. ජේ. පී. ඒ. එස්. විජේසිිංහ මහතා පාඨමාලා කටයුතු මෙහෙයවීය.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා