මාතලේ දිසා මලල කී‍්‍රඩා උළෙල

මාතලේ දිසා මලල කී‍්‍රඩා උළෙල

සා. තෝමස්-සංඝමිත්තා සූරතා දිනති

මාතලේ දිස්ති‍්‍රක් මලලකී‍්‍රඩා සංගමය වාර්ෂිකව සංවිධානය කරන මාතලේ දිසා මලල කී‍්‍රඩා මහා උලළේදී 2008 බාලක සූරතාව සාන්ත තෝමස් ජාතික පාසල විසින්ද බාලිකා සූරතාවය ශ‍්‍රී සංඝමිත්තා බාලිකා ජාතික පාසල විසින් ද හිමිකරගනු ලැබීය.


උළෙලේ අති සූර සම්මානය මධ්‍යම පළාත් සෞඛ්‍ය අමාත්‍ය චම්පක විජේරත්න මහතා අතින් සංඝමිත්තා විදුහලේ මේධානි වික‍්‍රමනායක ලබාගත් අයුරු. සේයාරූ :- චන්ද්‍ර ශ‍්‍රී අසෝක බණ්ඩාර හිඳගොඩ මාතලේ දිසා විශේෂ වාර්තාකරු

මෙම තරගාවලිය පසුගියදා මාතලේ බර්නාඩ් අළුවිහාරේ කී‍්‍රඩාංගණයේදී පැවැත්විණි. මෙම තරගාවලියේ සමාරම්භක උළෙල නාගරික සංවර්ධන අමාත්‍ය “රෝහණ දිසානායක” මහතාගේ ප‍්‍රධානත්වයෙන්ද සමාප්ති උළෙල මධ්‍යම පළාත් සෞඛ්‍ය අමාත්‍ය “චම්පක සුගීෂ්වර විජේරත්න” මහතාගේ ප‍්‍රධානත්වයෙන්ද සිදු විය.

මේ අවස්ථාවට විශේෂ ආරාධිතයා ලෙස ප‍්‍රවීණ මලල කී‍්‍රඩක “ඩබ්.බී.බෝගහලන්ද” මහතාද සහභාගි විය. මෙම තරගාවලියේ අති සූර සම්මානය 13 න් පහළ වයස් සීමාව නියෝජනය කරමින් බාලිකා මීටර් 100 හා 200 තරග ඉසව්වලදී නව වාර්තා ලැබූ මාතලේ ශ‍්‍රී සංඝමිත්තා බාලිකා ජාතික පාසලේ මේධානී වික‍්‍රමනායක” ට හිමිවූවාය.

මෙම තරගාවලියේ දක්ෂතම කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් මෙසේයි. 11 න් පහළ බාලක - තිලංග ඉමේෂ්කුමාර (කි‍්‍රස්තුදේව විදුහල), බාලිකා - ජී.කේ.රත්නායක (ශ‍්‍රී සංඝමිත්තා බා. වි ) 13 න් පහළ බාලක - ආර්.සී ගුණසේකර (මාතලේ ජාත්‍යන්තර පාසල) බාලිකා - මේධානි වික‍්‍රමනායක (ශ‍්‍රී සංඝමිත්තා බා.ම.වි) 15 න් පහළ බාලක - එම්.ඩබ්.එම්.බණ්ඩාර (වීර කැප්පෙටිපොල ම.ම.වි) බාලිකා - බී.ඒ.සී. සදශීලී කුමාරි (වීර මොහාන් ජයමහ වි) 17 න් පහළ බාලක - නිපුණ නිර්මාල් කුමාර (කි‍්‍රස්තුදේව වි) බාලිකා - ලීලානි අපේක්ෂා කලුධීර (ශ‍්‍රී සංඝමිත්තා බා. වි) 19න් පහළ බාලක - මොහොමඩ් ෆාහිම් (මඩවල – උල්පත ම.වි) බාලිකා - ඩබ්.ජී.කේ. ශෂිකලා (මහින්ද රාජපක්ෂ ම.වි) 21 න් පහළ බාලක - එස්.ජී.පී.එම්. ජයලත් (සිරි සීවලී වි) බාලිකා - චමිලා ප‍්‍රියදර්ශනී (ශ‍්‍රී සංඝමිත්තා බා.ම.වි)

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා