විශ්වමඩු ප‍්‍රදේශයෙන් කොටි මළසිරුරු 12 ක් හමුවෙයි

විශ්වමඩු ප‍්‍රදේශයෙන් කොටි මළසිරුරු 12 ක් හමුවෙයි

මුලතිව් විශ්වමඩු ප‍්‍රදේශයේ දී පෙරේදා (02) දවස පුරා ත‍්‍රස්තවාදීන් සමඟ ඇතිවූ ගැටුම්වලින් පසු කොටි මළසිරුරු 12 ක් හා ගිනි අවි, බෝම්බ ඇතුළු යුද උපකරණ තොගයක් යුද හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙසේ සොයාගත් ගිනි අවි හා යුද උපකරණ අතර එල්. එම්. ජී. අවි. 14 ක්, ටී - 56 අවි 14 ක් එම උණ්ඩ 5000 ක්, මිලිමීටර් 60, මෝටාර් අවියක් හා එම බෝම්බ උණ්ඩ 08 ක්, පුද්ගල නාශක බෝම්බ 50 ක්, අත්බෝම්බ 162 ක්, ක්ලේමෝ බෝම්බ 18 ක්, නාවික යාත‍්‍රාවලට සවිකරන වර්ගයේ අවි කොටස් හා එම උණ්ඩ 35 ක්, මිලිමීටර් 12 දශම හත වර්ගයේ ගුවන් යානා නාශක අවි කොටස්, මිලිමීටර් 152 කාලතුවක්කු හා 120 මෝටාර් අවි කොටස් සහ තවත් යුද උපකරණ තිබුණු බව ජාතික ආරක්‍ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානය පැවැසීය.

ඩීසල් බැරල් හතරක් හා සන්නිවේදන උපකරණ කට්ටලයක් ද මේ සමඟ තිබී ඇත.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා