කොටි රේඩාර් මධ්‍යස්ථානයකට ගුවනින් ප‍්‍රහාර

කොටි රේඩාර් මධ්‍යස්ථානයකට ගුවනින් ප‍්‍රහාර

කොටි ත‍්‍රස්තවාදීන්ගේ රේඩාර් මධ්‍යස්ථානයකට සහ අණදීමේ මධ්‍යස්ථානයකට ඊයේ (3) පෙරවරුවේදී ගුවන් හමුදාවේ ප‍්‍රහාරක ජෙට් යානා මගින් ප‍්‍රබල ගුවන් ප‍්‍රහාර එල්ල කර තිබේ.

මුලතිව් කලපුවට කිලෝමීටර් එකහමාරක් උතුරින් මේ ස්ථාන පිහිටා ඇති බවත් ජාතික ආරක්ෂාව පිළිබඳව මාධ්‍ය මධ්‍යස්ථානය සඳහන් කෙළේය.

කෆීර් සහ මිග් ජෙට් යානා මගින් පෙරවරු 11.30 ට මේ ප‍්‍රහාර එල්ල කර ඇති අතර ප‍්‍රහාර ඉතාමත් සාර්ථකව නිවැරදි ඉලක්කයට එල්ල කළ බව ගුවන් නියමුවන් විසින් සනාථ කර තිබේ.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා