මරණ දැන්වීම්

 



කුසුම් රත්නායක -
ෂර්ලි රත්නායක මහතාගේ ආදරණීය භාර්යාව වූද, උපුලී සහ අනුෂාගේ මෑණියන් වූද, ලසිත් ගලගෙදරගේ නැන්දණිය වූද, කල්පනී මධුරසිංහ (විහාර මහා දේවි බාලිකා විද්‍යාලයේ ශිෂ්‍ය) දිනේති‍්‍ර හා සචිති‍්‍රගේ අත්තම්මා වූද, 391/10 මාකොළ දකුණ මාකොළ පදිංචි කුසුම් රත්නායක මාතාව හදිසි අනතුරකින් අභාවප‍්‍රාප්ත වූයෙන් ඒ පිළිබඳව අවසාන කටයුතු 2009.02.07 දින සවස 5.00 ට මාකොළ පොදු සුසාන භූමියේදී සිදුකරන බව සියලු ඥාතිහිතමිත‍්‍රාදීන්ට කණගාටුවෙන් දැනුම් දෙමු. (0112962045)
 


රෝහිණී දිසානායක මෙනවිය - බොරලැස්ගමුවේ පිරිවෙන හන්දියේ පදිංචි ශි‍්‍රයා සහ නැසීගිය පෙ‍්‍ර්මදාස දිසානායක යන අයගේ දියණිය වුද, ඕමානයේ සේවය කරන රෝහිත දිසානායක සහ ශි‍්‍රයානිගේ දයාබර සොහොයුරිය වූද, යමුනා සහ වික‍්‍රමගේ නෑනා වූද, ලං.වී.ම. ප‍්‍රධාන කාර්යාලයේ සේවය කළ රෝහිණී දිසානායක මෙනවිය හදිසියේ අභාවප‍්‍රාප්ත වූයෙන් ඒ පිළිබඳ අවසන් කටයුතු 7 වන සෙනසුරාදා සවස 5.00 ට ගොඩිගමුව සුසාන භූමියේදී සිදුකරන බව කණගාටුවෙන් දැනුම් දෙමු. 25, පිරිවෙන පාර, බොරලැස්ගමුව. දු.ක. 2518290.
 


වැලිකඩගේ චන්ද්‍රවංශ ද සිල්වා - නැසීගිය වැලිගොඩගේ ආරියදාස ද සිල්වා සහ එම මැතිණියගේ ජ්‍යෙෂ්ඨ පුත් වූද, ඩබ්ලිව්. අමරවංශ ද සිල්වා (විශ‍්‍රාමික විධායක අධ්‍යක්ෂ - ශී‍්‍ර ලංකා ආයෝජන මණ්ඩලය) ධර්මවංශ ද සිල්වා (විශ‍්‍රාමික ගුරු උපදේශක - කලාප අධ්‍යාපන කාර්යාලය අම්බලන්ගොඩ) අමිතා ද සිල්වා (විශ‍්‍රාමික පාඨශාලාචාරිනි - ගා/සිද්ධාර්ථ මහා විද්‍යාලය - බලපිටිය) ස්වර්ණා ද සිල්වා විශ‍්‍රාමික පාඨශාලාචාරිනී) සහ කුමාරවංශ ද සිල්වා (අධ්‍යක්ෂ - පශු සම්පත් සංවර්ධන අමාත්‍යාංශය - කොළඹ) යන අයගේ සොහොයුරා වූද, නැසීගිය භද්‍රා ද සිල්වා (පාඨශාලාචාරිනී - සීවලී මහා විද්‍යාලය - කොළඹ) එච්. එල්. වයලා ද සොයිසා (ශා/හීනටිය විදුහල බලපිටිය) ගාමිණී පුංචි බණ්ඩාර අමරසිංහ (විශ‍්‍රාමික සුභ සාධක නිලධාරි - බන්ධනාගාර දෙපාර්තමේන්තුව) සහ නැසීගිය උපාලි මෙන්ඩිස් වැවදෙනිය (ව්‍යාපාරික) යන අයගේ ඥාති සොහොයුරා වූද, වැලිගොඩගේ චන්ද්‍රවංශ ද සිල්වා (චන්‍ද්‍ර අයියා / චන්‍ද්‍ර මාමා) මහතා අභාවප‍්‍රාප්ත වූයෙන් ඒ පිළිබඳ අවසන් කටයුතු 2009.02.08 වෙනි ඉරිදා සවස 4 ට බලපිටිය, වැලිකඩමුල්ල (දුම්රිය පොළ අසල) පවුලේ සුසාන භූමියේදී ආදාහනය කෙරේ. දැනුම් දෙන්නේ කරන්දෙණි මල් ශාලාවෙනි.
 


හුඹුටියාවේ ඒ.ජී. සරත් කුමාර - ලේක්හවුස් (විශ‍්‍රාමික) සහ එල්. එච්. තිලකා ශි‍්‍රයාලතාගේ ආදරණීය බාලපුතණුවන් වූද ඒ.ජී. වසන්ත සහ ඒ.ජී. සම්පත්ගේ සොහොයුරා වූද ලේක්හවුස් ආයතනයේ නිෂ්පාදන දෙපාර්තමේන්තුවේ සේවය කළ ඒ. ජී. ප‍්‍රසාද් සමන් කුමාර තරුණ මහතා හදිසි අනතුරකින් අභාවප‍්‍රාප්ත විය. ඒ පිළිබඳ අවසන් කටයුතු පෙබරවාරි මස 7 වන සෙනසුරාදා දින හුඹුටියාව පොදු සුසාන භූමියේදී සවස 4.00 ට සිදු කෙරේ. 214/1, හුඹුටියාව, නිට්ටඹුව.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා