දැරියකට බෝම්බ අන්දවා හමුදා භටයන් ළඟ පුපුරවති

කොටින්ගේ තවත් තිරිසන් වැඩක්!

දැරියකට බෝම්බ අන්දවා හමුදා භටයන් ළඟ පුපුරවති

ම්ලේච්ඡ කොටි ත‍්‍රස්තවාදීන් වයස අවුරුදු 12 ක කුඩා දැරියකට බෝම්බ ඇඳුම් අන්දවා මරා ගෙන මැරීමට ආරක්ෂක හමුදා වෙත එවීමේ සිද්ධියක් උතුරේ චලෙයි ප‍්‍රදේශයෙන් වාර්තා විය.

චලෙයි අත්පත් කර ගැනීමේ මෙහෙයුමේ යෙදී සිටි 55 වැනි බළ සේනාංකය වෙත එම කුඩා දැරිය යවා තිබේ.

ආරක්ෂක හමුදා වෙත බාර වීමට එන දැරියක් ලෙස ලස්සනට හැඳ පැළඳ දෑත ඔසවාගෙන පැමිණි එම දැරිය ආරක්ෂක හමුදා නිලධාරීන් ආසන්නයට පැමිණෙනාවත් සමගම බෝම්බය පුපුරා ගොස් තිබේ.

කොටි ත‍්‍රස්තවාදීන් මේ අහිංසක දැරියට මරාගෙන මැරෙන බෝම්බ ඇඳුම් අන්දවා ආරක්ෂක හමුදා සමීපයටම එවා දුරස්ථ පාලකයකින් බෝම්බය පුපුරුවා හරින්නට ඇතැයි විශ්වාස කෙරේ.

චලෙයි අත්පත් කර ගැනීමේ මෙහෙයුමේ යෙදී සිටි හමුදාවේ දෙදෙනකුද එම පිපිරීමෙන් තුවාල ලබා තිබේ.

කොටි ත‍්‍රස්තවාදීහු කාලයක් තිස්සේ අහිංසක දරුවන් ළමා සෙබළුන් ලෙස බංකර් වලට දමා යුද්ධයෙන් මැරුම් කෑමට ද ඉඩ හැර තිබේ.

අවසානයේ ඔවුන් අන්ත පරාජයකට පත්වෙමින් තිබියදී එම දරුවන්ට මරාගෙන මැරෙන ඇඳුම් අන්දවා ආරක්ෂක අංශ නිලධාරීන් ඝාතනය කිරීමට එවීම රටට හා ජාත්‍යන්තරයට හෙළිකළ යුතු බව ආරක්ෂක ලේකම්වරයා කියයි.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා