දරු දැරියන් සමඟ බැසිල් රාජපක්ෂ මහතා සුහද කථාබහේ නිරතව සිටින අයුරු.

කොටි කටෙන් පලා ආ ජනතාව රැඳී සිටින සෙටටිකුලම, මැණික්ෆාම් සුබසාධක කඳවුරේ පවතින පහසුකම් හා එහි ජීවත්වන අයගේ තත්ත්වය පිළිබඳ කරුණු සොයා බැලීමට ජනාධිපති උපදේශක හා පාර්ලිමේන්තු මන්තී‍්‍ර බැසිල් රාජපක්ෂ, ඇමැතිවරුන් වන රිෂාක් බදියුදීන්, එස්. එම්. චන්ද්‍රසේන මහත්වරු ප‍්‍රමුඛ රජයේ ඉහළපෙළේ නියෝජිතයෝ පිරිසක් ඊයේ (06) එහි නිරීක්ෂණ චාරිකාවකට සහභාගි වූහ. සුබසාධක කඳවුර අසල අලුතින් ඉදිකළ පාසලේ ඉගෙනුම ලබන දරු දැරියන් සමඟ බැසිල් රාජපක්ෂ මහතා සුහද කථාබහේ නිරතව සිටින අයුරුයි මේ.

 

ඡායාරූපය - චමින්ද හිත්තැටිය






කොටින්ගේ තවත් තිරිසන් වැඩක්!

දැරියකට බෝම්බ අන්දවා
හමුදා භටයන් ළඟ පුපුරවති

ම්ලේච්ඡ කොටි ත‍්‍රස්තවාදීන් වයස අවුරුදු 12 ක කුඩා දැරියකට බෝම්බ ඇඳුම් අන්දවා මරා ගෙන මැරීමට ආරක්ෂක හමුදා වෙත එවීමේ සිද්ධියක් උතුරේ චලෙයි ප‍්‍රදේශයෙන් වාර්තා විය. චලෙයි අත්පත් කර ගැනීමේ මෙහෙයුමේ යෙදී සිටි 55 වැනි බළ සේනාංකය වෙත එම කුඩා දැරිය යවා තිබේ.

විස්තර »

රජය අපකීර්තියට පත් කිරීමේ කුමන්ත‍්‍රණයක් කි‍්‍රයාත්මකයි

කොටි ත‍්‍රස්තවාදීන් සිරකරගෙන සිටින සාමාන්‍ය වැසියන් බේරා ගැනීම සඳහා ආරක්‍ෂක හමුදා සද්භාවයෙන් මානුෂීය මෙහෙයුමක් සිදුකර ගෙන යද්දී කොටි හිතවාදී ඇතැම් සංවිධාන, මාධ්‍යයන්, සහ සංගම් රජය අපකීර්තියට පත් කිරීමේ දැවැන්ත කුමන්ත‍්‍රණයක් කරගෙන යන බව ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කෙළේ ය.

විස්තර »

අන්තර් ජාතික බොරු ප‍්‍රචාර හමුවේ මෙහෙයුම් නතර කරන්නේ නෑ

- ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල

ශී‍්‍ර ලංකාවේ හමුදාව මුදානොගත් ප‍්‍රදේශවල සිවිල් ජනතාවටත් , පුදුකුඩිඉරිප්පු රෝහලටත් ප‍්‍රහාර එල්ලකැර මිනිස් ඝාතන සිදුකරන බවට ඇතැම් අන්තර්ජාතික සංවිධාන සහ ජාත්‍යන්තර මාධ්‍ය බොරු ප‍්‍රචාර ගෙනගියත් කිසිදු ලෙසකින්වත් මේ අවස්ථාවේදී හමුදා මෙහෙයුම් නතර කිරීමට රජය සූදානම් නැතැයි ජාතික ආරක්‍ෂක මාධ්‍ය ප‍්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා කීය.

විස්තර »

රතු කුරුස ප‍්‍රධානි පෝල්
වහා පිටුවහල් කළ යුතුයි

- විමල් වීරවංශ

අවසන් හුස්ම හෙළන කොටි සංවිධානයට ඔක්සිජන් සැපැයීමේ කාර්යයේ නිරතව සිටින ජාත්‍යන්තර රතු කුරුස සංවිධානයේ ශ‍්‍රී ලංකා ප‍්‍රධානී පෝල් කැස්පර්ලු මහතා වහාම රටින් පිටුවහල් කළ යුතු බව ජාතික නිදහස් පෙරමුණේ සභාපති පාර්ලිමේන්තු මන්තී‍්‍ර විමල් වීරවංශ මහතා පවසයි.

විස්තර »

ලසන්ත ඝාතනය වූ දින
ප‍්‍රභූ ඇමතුම් 24 ක්

ලසන්ත වික‍්‍රමතුංග මහතා ඝාතනයට ලක්වූ දින ඒ මහතාගේ ජංගම දුරකතනයට ලැබී ඇති ඇමතුම් 24 ක් (Incomeing) සම්බන්ධයෙන් විශේෂ වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කළ මිරිහාන විශේෂ විමර්ශන ඒකකය එම ඇමතුම් දී ඇති අය අතර ප‍්‍රභූන් රාශියකගේ නම් ගල්කිස්ස මහේස්ත‍්‍රාත් වෙත පසුගිය 5 වනදා නඩුව කැඳවූ අවස්ථාවේදී ඉදිරිපත් කැර තිබේ.

විස්තර »

ජනාධිපති ආර්යාව රණවිරු උපහාර සිහිවටනයට පුෂ්පෝපහාර දක්වන අයුරු.


ජාතියේ අනාගත සුබ ගමන ලොවට කියාපාන තුන්කල් දකිනා ජාතික මහා ප‍්‍රදර්ශනය “දැයට කිරුළ” මේ දිනවල කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලා පරිශ‍්‍රයේදී පැවැත්වේ. මේ ප‍්‍රදර්ශනයේ එක් තැනක රණවිරුවන්ට තම හදවතේ ගැඹුරු තැනින්ම උපන් ආදරය, සෙනෙහස සහ උත්තමාචාරය පුදකිරීමට ඉඩක් ලබා දෙමින් විශේෂ රණවිරු උපහාර සිහිවටනයක් ඉදිකොට ඇත. එම විශේෂ සිහිවටනය වෙත ජනාධිපති ආර්යාව ශිරන්ති රාජපක්‍ෂ මැතිනිය පුෂ්පෝපහාර දක්වන අයුරුයි මේ.

 

 ඡායාරූපය – ලලිත් වැලිවිටිගොඩ