තිළිණ තුෂාර ඩොලර් 140,000කට අලෙවි වෙයි

ඉන්දියා ප‍්‍රිමියර් ලීග් කී‍්‍රඩක වෙන්දේසිය

තිළිණ තුෂාර ඩොලර් 140,000කට අලෙවි වෙයි

ශ‍්‍රී ලංකා කි‍්‍රකට් කී‍්‍රඩක තිළිණ තුෂාර නවදිල්ලියේ ඊයේ පැවැති ඉන්දියා ප‍්‍රිමයර් ලීග් කි‍්‍රකට් කි‍්‍රකට් කී‍්‍රඩක වෙන්දේසියේදී ඩොලර් 140,000ක මුදලකට මිලදී ගැනිණි.

ඔහු මිලදී ගනු ලැබුවේ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමයි.

එම වෙන්දේසියේදී වැඩිම මුදලකට අලෙවි වූ කී‍්‍රඩකයා වූයේ එංගලන්තයේ ඇන්ඩෘ ෆ්ලන්ටොෆ් ය. ඩොලර් මිලියන 1.55 කට ඔහු මිලදී ගනු ලැබුවේ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමයි.

තවත් එංගලන්ත කී‍්‍රඩකයකු වන කෙවින් පීටර්සන් එම මුදලටම බැංගලෝර් රෝයල් චැලෙන්ජර්ස් විසින් මිලදී ගනු ලැබිණි.

එම වෙන්දේසියේදී මිලදී ගැණුනු කී‍්‍රඩකයන් 17 දෙනා හා ඔවුන් මිලදී ගනු ලැබූ කණ්ඩායම් මෙසේය.

1) ඩොලර් මිලියන 1.55 ඇන්ඩෘ ෆ්ලින්ටොෆ් චෙන්නායි සුපර් කිංග්ස් -(එංගලන්තය) -

2) ඩොලර් මිලියන 1.55 කෙවින් පීටර්සන් බැංගලෝර් රෝයල් චැලෙන්ජර්ස් - (එංගලන්තය)

3) ඩොලර් 950,000 ජීන් පෝල් ඩුමිනි මුම්බායි ඉන්ඩියන්ස් -(දකුණු අපි‍්‍රකාව) -

4) ඩොලර් 650,000 ටිරෝන් මෙන්ඩර්සන් රාජස්තාන් රෝයල්ස්- (දකුණු අප‍්‍රිකාව) -

5) ඩොලර් 600,000 මෂ්රෆි මොටාසා කොල්කටා නයිට් රයිඩර්ස් (බංග්ලාදේශය) -

6) ඩොලර් 450,000 රවි බොසාරා කිංග්ස් පන්ජාබ් - (එංගලන්තය) -

7) ඩොලර් 375,000 ෂෝන් ටේට් රාජස්තාන් රෝයල්ස්- (ඕස්ටේ‍්‍රලියාව)

8) ඩොලර් 275,000 ඔවයිස් ෂා දිල්ලි ඩෙයාඩෙවිල්ස්- (එංගලන්තය)

9) ඩොලර් 275,000පෝල් කොලිංවුඩ් දිල්ලි ඩෙයාඩෙවිල්ස්- (එංගලන්තය)

10) ඩොලර් 160,000 ජෙසී රයිඩර් බැංගලෝර් රෝයල්-(නවසීලන්තය) චැලෙන්ජර්ස්

11) ඩොලර් 150,000 ෆිඩෙල් එඩ්වර්ඩ්ස් ඩෙකාන් චාජර්ස් - කොදෙව් දූපත්)

12) ඩොලර් 150,000 කයිල් මිල්ස් මුම්බායි ඉන්ඩියන්ස්-(නවසීලන්තය)

13) ඩොලර් 150,000ජෙරම් ටේලර් කිංග්ස් 11 පන්ජාබ්-(කොදෙව් දූපත්)

14) ඩොලර් 140,000 තිළිණ තුෂාර චෙන්නායි සුපර් කිංග්ස්-(ශ‍්‍රී ලංකාව)

15) ඩොලර් 100,000 ඩ්වේන් ස්මිත් ඩෙකාන් චාජර්ස් - (කොදෙව් දූපත්)

16 ඩොලර් 75,000 මොහොමඩ් අෂ්රෆුල් මුම්බායි ඉන්ඩියන්ස් - (බංග්ලාදේශය)

17) ඩොලර් 50,000 ජොර්ජ් බේලි චෙන්නායි සුපර් කිංග්ස් - (ඕස්ටේ‍්‍රලියාව)

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා