යුද හමුදා රෝහලට රු. ලක්‍ෂ 15ක උපකරණ

යුද හමුදා රෝහලට රු. ලක්‍ෂ 15ක උපකරණ

මොරටුව, කටුබැද්ද ශී‍්‍ර ලංකා ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනයේ ඉගෙනුම ලැබූ ඔස්ටේ‍්‍රලියාවේ පදිංචිව සිටින ආදි ශිෂ්‍යයන්ගේ සංගමය විසින් රණවිරුවන්ගේ ප‍්‍රයෝජනය උදෙසා රුපියල් ලක්‍ෂ 15කට අධික වටිනා කමකින් යුතු වෛද්‍ය උපකරණ සමූහයක් යුද හමුදා රෝහල වෙත බාරදෙන ලදී.

එහි නිල උත්සවය ශී‍්‍ර ලංකා ජර්මානු කාර්මික අභ්‍යාස ආයතන ශ‍්‍රවණාගාරයේදී පසුගියදා පැවැත්විණි.

ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනයේ විදුහල්පති සහ අධ්‍යක්‍ෂ ගාමිණී මංචනායක මහතා විසින් එම වෛද්‍ය උපකරණ ශී‍්‍ර ලංකා යුද හමුදා වෛද්‍ය බළකායේ අණදෙන නිලධාරී වෛද්‍ය මේජර් කමල් සුමනපාල මහතා වෙත භාරදුන්නේය.

බි‍්‍රගේඩියර් සජීව මුණසිංහ නියෝජ්‍ය විදුහල්පති ශාන්ත කරුණාරත්න, ආදි ශිෂ්‍ය සංගමයේ සභාපති වරලත් ඉංජිනේරු සරත් අබේසිංහ, ඉහත ආදිශිෂ්‍ය සංගමයේ අයි. කේ. පෙරේරා යන මහත්වරුන් ඇතුලු විශාල පිරිසක් මෙම උත්සවයට සහභාගී වූහ.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා