බටහිර කුරවිල්කුලම් බලය හමුදාව අතේ පතරොම් කන්ටේනරයක් සොයාගනී

බටහිර කුරවිල්කුලම් බලය හමුදාව අතේ
පතරොම් කන්ටේනරයක් සොයාගනී

මුලතිව් කුරවිල්කුලම් බටහිර ප‍්‍රදේශයේ බලය ඊයේ (10) දහවල් අත්පත්කරගත් ආරක්‍ෂක හමුදාව විසින් එම ප‍්‍රදේශයේ තිබූ ත‍්‍රස්තවාදීන් සතු පතරොම් පිරවූ කන්ටේනරයක්ද සොයාගෙන තිබේ.

මේ කන්ටේනරයේ ටී56 සහ එම්. පී. එම්. ජී. වර්ගයේ පතරෝම් ලක්ෂ ගණනක් තිබී ඇත. මේ පතරොම් තොගයේ වටිනාකම රුපියල් කෝටි ගණනක් විය හැකි බවත් ආරක්‍ෂක අංශ විශ්වාස කරති.

මානුෂීය මෙහෙයුම ආරම්භ කළදා පටන් හමුදාවට හමු වූ විශාලතම පතරොම් තොගය මෙය බවත් ආරක්‍ෂක අංශ සඳහන් කළහ.

යුදහමුදාවේ 57 වැනි සේනාංකයේ රණවිරුවන් විසින් මේ කුරවිල්කුලම් ප‍්‍රදේශයේ බලය තහවුරකරගත් අතර ත‍්‍රස්තවාදීන් සමඟ පැවති දැඩි සටනකින් පසු ප‍්‍රදේශය අත්පත්කරගත් බවත් ජාතික ආරක්‍ෂාව පිළළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානය සඳහන් කළේය.

එම සටනේදී ත‍්‍රස්තවාදීන්ට දැඩි අලාභහානි සිදු වී ඇති අතර විශාල පිරිසක් මියයන්නට ඇතැයි විශ්වාස කරයි.
කුරවිල්කුලම් ප‍්‍රදේශයේ බලය හමුදාව අත්පත්කර ගැනීමත් සමඟම මුලතිව් දිස්ති‍්‍රක්කයේ කොටින්ගේ බලප‍්‍රදේශය වර්ග කිලෝමීටර් 165 කට පමණ සීමා වෙයි.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා