රටම කම්පා කළ විශ්වමඩු කොටි ප‍්‍රහාරයේ දෝංකාරය

රටම කම්පා කළ විශ්වමඩු කොටි ප‍්‍රහාරයේ දෝංකාරය

බෝම්බය ගැන රතුකුරුසය කලින් දැන සිටියාදැයි සැකයක්

මේ රටේ ජනතාවගේ පමණක් නොව සමස්ත ලෝකවාසීන්ගේ ම නෙතට කඳුලක් ගෙනා ඔවුන්ගේ සිත් සතන් ශෝකයෙන් ඇලලී ගිය දිනයක් බවට පෙරේදා (10) පත් වවූ බව අපි දනිමු.

ඒ විශ්වමඩු ප‍්‍රදේශයේ දී මිලේච්ඡ මිනීමරු කොටි ත‍්‍රස්තවාදීන් මරාගෙන මැරෙන බෝම්බයක් පුපුරුවා හැර අහිංසක දරුවන් මවුපියන් පමණක් නොව මේ රටේ අහිංසක ද්‍රවිඩ වැසියන් ත‍්‍රස්තවාදී ග‍්‍රහණයෙන් බේරා ගැනීමට කැප වී සිටි වීරෝදාර හමුදා සොයුරු සොයුරියන් පහළොස් දෙනකු ද එම රුදුරු බෝම්බයට බිලිවීමයි.

ත‍්‍රස්තවාදීන්

මිලේච්ඡ මිනීමරු ප‍්‍රභාකරන්ගේ ගෝල බාලයන් මේ රටේ පිපිර වූ එකම බෝම්බය විශ්වමඩු මරාගෙන මැරෙන බෝම්බ පමණක් නොවේ. දශක තුනකට ආසන්න කාලයක් ඔවුන් පුපුරුවා හැරි සිය දහස් ගණනක් බෝම්බවලට බිලි වී මේ රටේ මිනිස් ජීවිත විශාල සංඛ්‍යාවක් විනාශ විය.

එහෙත් විශ්වමඩු බෝම්බය ඊට හාත්පසින් ම වෙනත් අර්ථයක් ගන්නේ දෙමළ ජනතාවගේ එකම ගැලවුම්කාරයා යැයි කියූ මිනීමරු මිලේච්ඡ කොටි නායකයා වූ ප‍්‍රභාකරන් ඔහුගේ ජාතියම ඉලක්ක කර විශ්වමඩු බෝම්බය පුපුරුවා හැරීමයි.

ජනතාව ඒ අවාසනාවන්ත ඛේදවාචකය සියැසින් ම දැක හඬා වැළපුනහ. සිංහල, දෙමළ, මුස්ලිම් යනුවෙන් ජාති භේදයකින් තොරව ඒ ඛේදවාචකය දැක හැඩූහ. විදෙස් සිත් ද කම්පාවට පත් විය.

අහිංසක දරුවන් ඒ රුදුරු බෝම්බයට හසු වී මියගොස් ලේ පෙරාගෙන වැටී සිටිය දී අපේ වීරෝදාර හමුදා සෙබළුන්ගේ දෑතින් ඔසවාගෙන ගොස් වාහනවලට දැමූ ආකාරය අපි දුටුවෙමු.

ඒ අහිංසකයන්ගේ පුංචි දෑත් දෙපා කඩා වැටී ගවුම්, කලිසම් කෑලි වී තිබූ හැටි අපි දුටුවෙමු. තුවාල ලැබූ අහිංසක දරුවන් අසලට වී විලාප නගන මවුපියන්ගේ අදෝනා දැක අසා කඳුලක් නොනැගුන දෑසක් නොමැති තරම්.

ගැබිනි මවුවරු පියවරු වයෝවෘද්ධ මවුවරු පියවරු, දෑත් දෙපා අහිමිව වැටී සිටි ආකාරය කෙසේ නම් දරා ගන්නද? තම සොයුරාගේ මුහුණ කැබලි වී තිබියදීත් ඒ දෙස බලා තම පියා මව සමඟ එකට බදාගෙන ඒ හඬා වැළපුන පුංචි දියණිය, පුංචි පුතුන් කෙසේ කවදා මේ තරම් අවාසනාවන්ත සිද්ධියක් අමතක කරන්නද?

අපේ වීරෝදාර හමුදා සොයුරන් ඒ තුවාලකරුවන්, අහිංසක දරුවන් දෑතින් ඔසවාගෙන ගියේ, තුවාල ලැබූවන්ට ප‍්‍රතිකාර කෙළේ දෝතට අරන් වතුර පෙව්වේ ඔවුන්ගේ මාතෘත්වය සහොදරත්වය මොනතරම් ශ්‍රේෂ්ඨ දැයි යන්න මුළු මහත් ලෝකයාට ම පෙන්වමිනි.

අහිංසක දූ දරුවන්

අපේ වීර හමුදාව මිලේච්ඡ ත‍්‍රස්තවාදීන් හමුවේ සිටින දෙවිවරු ලෙස ඒ දෙමළ සහෝදර සහෝදරියන්ට පෙනී යන්නට ඇත. ම ඛේදවාචකයට හසු වී මේ රට ජාතිය වෙනුවෙන් අපේ හමුදා සොයුරියන් තිදෙනකු සමඟ සොයුරන් පහළොස් දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ.

තවත් විශාල පිරිසක් තුවාල ලැබූහ. දිවා-රෑ නොබලා දවසේ පැය 24 පුරාම මේ රට රකිනා දෑසට පෙනෙන දෙවිවරු වූ ඒ අපේ දයාබර හමුදා සොයුරන් ඔවුන්ගේ ජීවිත කැප කෙළේ මේ රටේ ජනතාවට නිදහස් ලෝකයක් උරුම කර දීමේ මහා කර්තව්‍යය වෙනුවෙන් වෙහෙසෙමින් සිටියදී ය.

ඔවුන් ඒ රුදුරු මිලේච්ඡ ත‍්‍රස්තවාදියාගේ බෝම්බයට ගොදුරුවූයේ දෙමළ ජනතාව ආරක්ෂා කිරීමට කටයුතු කරමින් සිටියදීය. ඒ අහිංසක මිනිසුන්ට ආහාරවේලක් ලබා දීමට වෙහෙසෙමින් සිටිය දීය. ඔවුන් කෙරෙහි වූ ඒ පරම පවිත‍්‍ර චේතනාව මිලේච්ඡ කොටිනායකයන් ළඟ නැති බව අපි දනිමු. ඔහු විනාශ කළ ඒ ත‍්‍රස්තවාදී සාමාජිකයන්ගේ මනසෙයි ද නැති බව අපි දනිමු.

මාස දෙක තුනකට අධික කාලයක් ඒ අහිංසක මවුවරු පියවරු දරු දැරියන් ප‍්‍රභාකරන් නමැති මිලේච්ඡ ගරිල්ලා නායකයාගේ ආරක්ෂාවට මිනිස් පලිහක් ලෙස යොදාගෙන සිටියේ ය. ඒ අහිංසක මිනිසුන් ඒ සඳහා ඔහු යොදාගත්තේ බලහත්කාරයෙනි.

මාස තුනක් වැනි කාලයක් බඩගින්නේ පිපාසයෙන් හරි හැටි කෑමක් බීමක් වස්ත‍්‍රයක් අසනීපයට බෙහෙත් හේතක් නොමැතිව හිස් අහස දෙස බලා කවදා කොයි මොහොතේ මේ මරු කටෙන් ගැල වෙන්දෝ සිතා සුසුම් හෙළමින් කඳුළු වගුරුවමින් සිටි මේ ජනතාවට අවසානයේ දී හිමි වූ මේ ඉරණම මොනතරම් ඛේදවාචකයක් ද?

ත‍්‍රස්තවාදී නායකයා තමන්ට මේ රටේ හමුදාව සමඟම ගැටෙන්නට නොහැකි වී පරාජය කරා ඇදෙමින් සිටිය දී ඔහුගේ දුව පුතා සහ බිරිය ඉතා ආරක්ෂා සහිතව විදේශ රටවලට යැවීය.

ඔවුන් වෙනුවෙන් ඔවුන්ගේ අනාගතය වෙනුවෙන් විදේශ රටවල බැංකුවල කෝටි ගණනින් මුදල් තැන්පත් කෙළේ ය. අල්පෙනිති තුඩක හෝ හිරිහැරයක් හානියක් සිදුවීමට ඉඩ නොතබා භූගත මාලිගාවල සීත කාමරවල, විල්ලු ද පලස්වල රැදී සිටීමට ඔහු කටයුතු කෙළේය.

මෙසේ බිරිය දරුවන් ඒ ආකාරයෙන් රකින මේ මිලේච්ඡ මිනීමරු ත‍්‍රස්තවාදියා මුලතිව් , කිලිනොච්චි ඇතුළු උතුරේ සමස්ත ජනතාවම බලහත්කාරයෙන් පැහැරගෙන ගොස් මිනිස් පලිහක් ලෙස යොදා ගත්තේ ඔහුගේ ආරක්ෂාව පිණිසය. ආරක්ෂක හමුදා සාමාන්‍ය වැසියන්ට ප‍්‍රහාර එල්ල නොකරන බව මේ මිලේච්ඡ ත‍්‍රස්තවාදියා හොදාකාරවම දනියි.

තමා ඔවුන් වටකර ගෙන සැඟවී සිටියහොත් හමුදාවෙන් බේරී සිටීමට හැකිවෙතැයි මොහු සහ ඔහුගේ ගෝලයන් කල්පනා කරන්නට ඇත. එහෙත් යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් සරත් ෆොන්සේකාගේ යුද උපක‍්‍රම හමුවේ සමස්ත කොටි බලයම අහිමි වූ පසු අහිංසක වැසියන් අතරේ සැඟවී සිටින ගරිල්ලා නායකයා අල්ලා ගැනීම හෝ ඔහු සැඟවෙන ස්ථානවලට ප‍්‍රහාර එල්ල කිරීම උපක‍්‍රමිකව සිදු කිරීම යුද හමුදාවට එතරම් ගැටලුවක් වූයේ නැත.

ඒ ආකාරයෙන් කිසිදු මිනිස් ජීවිතයකට හානි වීමට ඉඩනොදී ක‍්‍රමක් ක‍්‍රමයෙන් ඔවුන් බේරා ගනිමින් තිබිය දී ප‍්‍රභාගේ මිනිස් පලිහ ක‍්‍රමයෙන් දියවෙන්නට පටන් ගත්තේය.

ඉන් දැඩි භීතියටපත් මේ මිලේච්ඡ නායකයාට අවසන් හුස් ම පොද රැක ගැනීම පිළිබඳව මර බියක් දැනෙන්නට ඇත. ඒ නිසා ඔහුගේ නියෝගය නොතකා පළා යන අහිංසක දෙමළ වැසියන්ට වෙඩි තැබීමට නියෝග දී තිබුණි.

එහි ප‍්‍රතිඵලයක් වශයෙන් පසුගිය මාසයක් දෙකක් කාලයක් ඔහුගේ අණ නොතකා පළා යන සිවිල් වැසියන්ට වෙඩි තැබීමට පටන් ගත්හ. ඊට පෙර එසේ පළා යන පිරිස් අල්ලා ගෙන ගොස් බංකර්වල දමා ගිනි අවිය අතට දුන්න අවස්ථා කිහිපයකදීම එසේ පළා යන අහිංසක වැසියෝ වෙඩි උණ්ඩයට ගොදුරු වී මිය ගියහ.

එක් අවස්ථාවක එසේ පළා යන කණ්ඩායමේ වෙඩි වැදුණු තිදෙනෙක් අතරමඟ දමා යාමට සිදු වූ බව ජීවිතය බේරාගෙන

හමුදාවේ පිහිට පතා පැමිණි පිරිසක් පැවැසූහ. පසුගිය දින කිහිපයේ තවත් විශාල පිරිසක් මෙහි ප‍්‍රහාරවලට ගොදුරු වූහ. එසේ මියගිය තම ඥාතීන් තිදෙනකුගේම මළසිරුරු සහ තුවාල ලැබූවන් ද කරගසාගෙන ඔවුන් හමුදාව වෙත පැමිණ බාර වූහ.

දශක තුනකට ආසන්න කාලයක් මේ අහිංසක දෙමළ වැසියන් ප‍්‍රභාට වාල්කම් කළහ. ඔහුගේ මාලිගා තැනූහ, බංකර් තැණූහ, පස් අගල් දිය අගල් කැපූහ. පස් කඳු තැණූහ. අවසානයේ ගිනි අවිය දෑතට දී බංකරයට තල්ලු කර යැවූහ. ඒ කාලය ඒ මිනිසුන්ට මේ ලෝකය කුමක්දැයි දැක ගැනීමට ඉඩ ලැබුණේ නැත.

ඔවුන් වෙනුවෙන් රජයෙන් ලැබෙන හාල්, පිටි, සීනි, පරිප්පු ටික පැහැර ගත්හ. තවත් ඒවා සොරකම් කළහ. ඒ අහිංසකයන්ගේ අතේ කර ගැට පනින තෙක් ගිනි අව්වේ මහවැස්සේ වැඩ ගත්හ. ඔවුන් හම්බ කරන තුට්ටු දෙකෙන් වැඩි කොටසක් ඔවුන්ගේ සංවිධානයේ දියුණුවට යැයි කප්පම් ලබාගෙන ප‍්‍රභා වෙනුවෙන් බැංකුවල තැන්පත් කෙරුණි.

එවන් වූ අන්ත අසරණ තත්ත්වයක සිටි මේ අහිංසකයන් අවසානයේ ප‍්‍රභාගේ මර උගුලෙන් බේරී දවස් ගණන් මහා ගිනි අව්වේ, පිච්චි පිච්චී කටු අකුල් මර උගුල් මැදින් බඩගින්නේ, පිපාසයේ අහිංසක දරුවන්ද කර පින්නාගෙන සැතපුම් ගණන් පැමිණ හමුදාවට බාර වී යාන්තමින් සැනසුම් සුසුමක් හෙලුවා පමණි. ඔවුන් පිටුපස පැමිණි ඒ මිනීමරු බෝම්බය පුපුරුවා හැර කොටි මාරයා අහිංසකයන් බෝම්බයෙන් බිලි ගත්තේය.

ඒ ඛේදවාචකය එසේ සිදුවූවත් සිදුවූ ඒ අපරාධය අපට අමතක කළ නොහැකිය.

ඒ බෝම්බයට බිලිවූයේ අපේ සහෝදර හමුදා විරුවන්ය. දෙමළ ජාතිකයන් ඊට බිලිවූවත් අපට ජාති ආගම් භේදයක් නොමැත. ඊට බිලි වූයේ අපේම දූ දරුවන්ය. මේ රටේ අනාගතය ශක්තිමත් කිරීමට සිටි මල්කැකුළු වැනි පුංචි දූ පුතුන්, හෙට අනිද්දා නිදහසේ නැවතත් තම ගෙවල් දොරවල් බලායාමට සිටි අහිංසක මවුවරු, පියවරු, සහෝදර සහෝදරියන්ය. ඔවුන් මේ ආකාරයෙන් කොටි බෝම්බයට බිලි වූ ආකාරය අපට අමතක කළ නොහැකිය.

මේ ම්ලේච්ඡ නායකයා පණ අදිමින් සිටින මොහොතේ සිදු කරන මේ මහා අපරාධ දෙස බලාගෙන අපට සිටිය හැකිද? එය කෙසේවත් කළ නොහැකිය. එසේ නම් අප කළ යුත්තේ කුමක්ද? අප ලෝක ප‍්‍රජාවගේ ඇස් හැරවා සිදුවන මේ අපරාධ ගැන දැන ගැනීමට කටයුතු කළ යුතුය.

ප‍්‍රභාකරන් ඔහුගේ දරුවන් මල් මෙන් රැක ගනිමින් සෙසු අහිංසක පුංචි දරුවන් කාලයක් තිස්සේ සිට යුද්ධයට හිර කර තැබුවේය. ලෝකයේ ඇතැම් රටවල් කුඩා දරුවන් යුද්ධයෙන් නිදහස් කරන්නැයි එල්ටීටීඊ යෙන් සාධාරණව ඉල්ලා සිටියේය. එහෙත් ප‍්‍රභාකරන් නම් වූ ඒ ම්ලේච්ඡ නායකයා ඒ විදේශ රටවල්වල ඉල්ලීම තුට්ටුවකටවත් ගණන් ගත්තේ නැත.

මීට සති ගණනාවකට ඉහත දී පැවැත්වුණ අ.පො. (සාමාන්‍ය පෙළ) විභාගයට පෙනී සිටි ළමයින්ට විභාගය අවසන් වීමට පෙර සිටම නියෝග නිකුත් කර ත‍්‍රස්තවාදීන් වෙත එකතු කර ගත්තේය. ප‍්‍රතිඵල බලාපොරොත්තුව සිටි ඒ දරු දැරියන්ට ප‍්‍රතිඵල ලේඛනය වෙනුවට දෑතට ලැබුණේ ගිනි අවියයි. ඔවුන් අතරින් කීදෙනෙක් මියගියාදැයි අපි නොදනිමු.

ප‍්‍රභාකරන් දශක තුනකට ආසන්න කාලයක් පුරා දෙමළ ජනතාවට කෑගසා කීවේ තමා දෙමළ ජනතාවට රටක් හදා දීමට වෙහෙසෙන බවය. එසේ කියමින් බලහත්කාරයෙන් තමාගේ සන්විධානයට සම්බන්ධ කර ගත් මේ ම්ලේච්ඡ නායකයා ඒ ජනතාවගේ මුළු ජීවිතයම බොළඳ ඊළමක් වෙනුවෙන් සිර කෙළේය.

තමාගේ දරුවන්ට උසස් අධ්‍යාපනය ලබා දෙද්දී සෙසු දරුවන් යුද්ධයකට හිර කර ඔවුන්ගේ අනාගතය අ¼ඳුරු කෙළේය. දවස් දෙක තුනක් තිස්සේ එක දිගට පිළුණු වූ ආහාර කන්නට දෙමින් දෑතේ ගිනි අවිය රඳවා සිංහල ජනතාව, හමුදාව කෙරෙහි වෛර සිතිවිලි ඇති කරවා ඒ දරුවන් බංකරයට සිර කෙළේ ම්ලේච්ඡ ප‍්‍රභාකරන්ය.

මීට දින දෙකකට ඉහතදී මේ මහපොළව නුහුලන අපරාධයක් සිදුවිය. ඒ 12 හැවිරිදි දැරියකට මරාගෙන මැරෙන ඇඳුම් අන්ඳවා ආරක්ෂක අංශවෙත පැමිණ මරාගෙන මැරීමට ඉඩ සැලැස්වීමයි. මේ පුංචි දැරිවිය ඒ වන විටත් වැඩිවියටවත් පා තබා තිබුණේ නැත.

ඇය පියා මව සහ පුංචි නංගී සමඟ කොටි නායකයාගේ මිනිස් පලිහට බිලිවී පුදුකුඩිඉරිප්පු ප‍්‍රදේශයේ සිටියදී ඇයව මේ අපරාධයට යෙදවීමට කොටි නායකයන් බලහත්කාරයෙන් රැගෙන ගොස් ඇත්තේ ඇගේ මවුපියන්ගේ මෙන්ම ඒ දැරිවියගේද බලවත් විරුද්ධතාවය මධ්‍යයේය.

රජ දවස ශී‍්‍ර වික‍්‍රම රාජසිංහ රජ වීර මද්දුම බංඩාර පුතුගේ සොයුරා ඝාතනය කිරීමට බලහත්කාරයෙන් ගෙනයාමට ගහලයන් පැමිණි අවස්ථාවේ ඒ පුංචි පුතු මරණයට බියෙන් තම මව වෙත දිව ගොස් ඇගේ සිරුරේ එල්ලුණේය. ඒ ආකාරයෙන්ම මේ පුංචි දියණියද කොටි ගහලයන්ට බියෙන් මව වෙත දිවවිත් එල්ලුනාය. එහෙත් මේ ත‍්‍රස්තයන් මේ අහිංසක දැරියගේ ජීවිතය බිලි දීමට කළ අදහස අත්හැරියේ නැත.

ඇගේ මව පියා පපුවේ බුර බුරා නැගෙන දරු ගින්න ඉවසා ගත නොහැකිව හඬා වැටෙද්දි ත‍්‍රස්තයන්ගේ පා පහරින් බිම වැටී විලාප දෙද්දී ඔවුන්ගේ දියණිය රැගෙන ගොස් මරාගෙන මැරෙන ඇ¼ඳුම් අන්¼ඳවා බිල්ලට දුන්නේය. එය මහා අපරාධයකි. මේ මුළු ලොවම මේ අපරාධය අසා ශෝකයටත්, කෝපයටත් පත්වී සිටිති.

ඒ අහිංසක දැරියගේ මවුපියන් හමුදා ආරක්ෂාව පතා පැමිණි අවස්ථාවේ ඔවුන්ගේ දුක කියා වැළපුන ආකාරය කෙසේ විස්තර කරමුදැයි නොදනිමු. මේ ලොව ළමා අයිතිවාසිකම් සුරකින සංවිධාන බොහෝ ඇත. ඒත් ම්ලේච්ඡ කොටි නායකයා මේ ආකාරයෙන් අහිංසක දරුවන් මරාගෙන මැරෙන්නට බිලිදී දින ගණනක් ගත වුවද ඒ වෙනුවෙන් යම් පියවරක් ගත් එකදු ළමා සංවිධානයක් හෝ මුනිවත රැකගෙන සිටීම දැඩි කනගාටුවට කරුණකි.

ප‍්‍රභාකරන් ජීවිතයේ කිසිදු දිනෙක රැකියාවක් කර නැත. රැකියාවක් කිරීමට තරම් සරිලන අධ්‍යාපනයක් ද ලබා නැත. ඔහු තරුණ වියට එළැඹියේ දෙමළ ජනතාව සමඟ වූ වෛරයෙනි. ඔහු කුල හීනයෙකි.

හරිහමන් දේපළක් නැති අයෙකි. මෙවැනි දුර්වලතා නිසා හරිහැටි දේපළ වස්තුව ඇති අධ්‍යාපනය ලැබූ සෙසු දෙමළ ජනතාවට ඔහු වෛර කෙළේය. ඉහල පෙළේ දෙමළ ජනතාව ඝාතනය කෙළේය. දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි සෙසු දෙමළ සංවිධානවල නායකයන් සාමාජිකයන් ඝාතනය කෙළේය.

ඔහු අහිංසක දෙමළ ජනතාව හරිහම්බ කරන වස්තුවෙන් කප්පම් ගෙන සුර සැප වින්ඳේය. ඔහු දෙමළ ජනතාවගෙන් වරින් වර පළි ගත්තේය. ඔවුන් ඝාතනය කෙළේය. සිර අඩස්සිවල යෙදෙව්වේය.

යමලොව දඬුවම් මේ මිහිපිටදීම ලබා දුන්නේය. එවැනි ම්ලේච්ඡකම් කළ ඒ ගරිල්ලා නායකයා ඔහුගේ අවසන් හුස්ම බිඳ රැක ගන්නට වෙහෙසෙන මොහොතේත් දෙමළ වැසියන් මරාගෙන මැරෙන්නට ඔහුද කටයුතු කරයි. ඔහු වීරයෙක් නම් එළියට පැමිණිය යුතුය. එසේ පැමිණියහොත් ඔහුගේ අවසානය සිදුවෙන්නේ කෝපයට පත් දෙමළ ජනතාව අතින්මය.

මිනිස් ඝාතන

මිනිස් අයිතිවාසිකම් ගැන කතා කරන බොහෝ අන්තර්ජාතික සමිති සමාගම් මේ ලොවේ දකින්නට ඇත. කාලයක් තිස්සේ උතුරු නැඟෙනිර දෙමළ ජනතාව වෙනුවෙන් ඔවුන්ගේ දියුණුව වෙනුවෙන් බොහෝ දේ කරනවා යැයි පවසමින් ගොස් කොටි නායකයා පෝෂණය කළ බොහෝ රාජ්‍ය නොවන සංවිධාන ඇත.

කොටි නායකයාගේ මේ ම්ලේච්ඡ අපරාධ දෑසින් දකින නෝර්වේ, ස්විට්සර්ලන්ත වැනි දෙමළ ජනතාව සුඛිත මුදිත කිරීමට යැයි බොරු සාමයක් ඉල්ලමින් කොටි නායකයා පෝෂණය කළ රටවල්ද ඇත. එසේත් නොමැතිනම් දෙමළ ජාතිය සුළු ජාතීන් ඔවුන්ගේ අයිතිවාසිකම් රැකදිය යුතුය.

එල්.ටී.ටී.ඊ.ය කටයුතු කරන්නේ දෙමළ ජනතාව ආරක්ෂා කිරීමටයි යනුවෙන් පවසමින් එල්.ටී.ටී.ඊ.ය කරන අපරාධ සාධාරණී කරණය කරමින් කොටි නායකයන් අපරාධවලට සුදු හුණු ගාමින් අන්තර්ජාතික වශයෙන් ඔහුට යම් යම් වරප‍්‍රසාද ලබාදීමට කටයුතු කළ මෙරට සහ අන්තර්ජාතික සංවිධාන, සමිති සමාගම්, මාධ්‍ය කණ්ඩායම් සිය ගණනක් ඇත.

මෙරට තිවිධ හමුදාව කරගෙන යන මානුෂීය මෙහෙයුම අසාධාරණ බව කියමින් මෙරටින් හොර රහසේ පිටරට වලට පළාගොස් උද්ඝෝෂණය කරන ලිපි ප‍්‍රවෘත්ති සැපයීමට පෑන පාවිච්චි කරන මාධ්‍ය කණ්ඩායම් සිටිති.

එසේත් නැතිනම් මානුෂීය අයිතිවාසිකම් රැකීමට යැයි මෙරටට පැමිණි කොටි ත‍්‍රස්තවාදි නායකයා ගලවා ගැනීමට ඔත්තු සපයන අන්තර්ජාතික රතු කුරුස සංවිධානය එක්සත් ජාතීන්ගේ සංවිධානය මේ අපරාධ ඇස් දෙකෙන්ම දකිති. එසේනම් ඔවුන් මේ අපරාධ අභියස මුනිවත රැක සිටිනවාද? නැතිනම්, ප‍්‍රභාකරන්ට මිනිස් පලිහේ ඉතිරි මිනිස් ජීවිත ටිකත් බිලිගන්නට ඉඩදී සිටිනවාද යන්න විමසීමට කැමැත්තෙමු.

මේ රටේ මානුෂීය මෙහෙයුම් විවේචනය කරන විපක්ෂයක් ඇත. ප‍්‍රභාකරන් කළ මේ මිනිස් ඝාතනය ගැන අද ඔවුන් ශෝක පණිවිඩයක්වත් නිකුත් නොකරන්නේ ප‍්‍රභාකරන්ගේ අපරාධ ඔවුන්ද අනුමත කරන නිසා විය හැකිය.

මීට දින කීපයකට ඉහත දී අන්තර්ජාතික රතු කුරුස සංවිධානයේ නායකයා ඔහුගේ සේවකයන් අමතතා බොඩි බෑග් තුන්දහසක් සූදානම් කිරීමට යැයි උපදෙස් දුන්නේය.

එසේනම් ඒ රතු කුරුස ප‍්‍රධානියා ප‍්‍රභාකරන්ගේ මරාගෙන මැරෙන කල්ලිය අහිංසක දෙමළ වැනියන් ඝාතනය කිරීමට කර ඇති සැලසුම කල්තියා දැනගෙන සිටින්නට ඇතැයි අපට තීරණය කළ හැකියි. එසේ නැතිනම් බොඩි බෑග් තුන්දහසක් සකස් කිරීමට ඔහු උපදෙස් දුන්නේ ඇයිද? යන්න මේ රටේ ජනතාව පමණක් නොව අන්තර්ජාතික ප‍්‍රජාව පවා ප‍්‍රශ්න කරනු ඇත.

මේ අවාසනාවන්ත සිද්ධිය වූ අවස්ථාවේ මේ රටේ යුද හමුදා විරුවන් තුවාල ලැබූවන් රෝහල්වලට ගෙන යනතෙක් දහදුක් විඳිමින් ඒ ජීවිත ගලවා ගැනීමට කටයුතු කරද්දී බොඩි බෑග් සූදානම් කළ රතු කුරුසය සිටියේ කෙසේදැයි අද මේ රටේ ජනතාව විමසති.

ඒ සමඟම යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් සරත් ෆොන්සේකා ප‍්‍රකාශයක් කරමින් කියා සිටියේ ප‍්‍රභාකරන්ගේ මේ ම්ලේච්ඡ කි‍්‍රයා හමුවේ යුද හමුදාව ඉදිරියට යන ගමන වැළැක්වීමට ඔහුට කෙසේවත් නොහැකි බවය. ඔහු පරාජයෙන් වියරු වී මෙවැනි ම්ලේච්ඡ කි‍්‍රයා සිදුකරන බවය. එතුමාගේ ඒ ශක්තිය ධෛර්යය මේ රටේ යුද හමුදාවගේ ඉදිරි ජයග‍්‍රහණයේ ශක්තිය වී ඇති බව රහසක් නොවේ.

මේ ඛේදවාචකයට බිලිවී ජීවිතක්ෂයට පත්වූ අපේ විරෝදාර රණවිරුවනේ ඔබලා ජීවිතය පුද කෙළේ මේ රටේ ජනතාවට නිදහස් නිවහල් ලෝකයක් උරුම කර දීමේ පරම පවිත‍්‍ර චේතනාවෙනි. අද ඔබ අප අතරින් වෙන්ව ගියත් ඔබලා කළ ඒ කැපවීම මේ මුළුමහත් රටවැසියන්ටම කිසිදිනෙක අමතක නොවනු ඇත. ඔබ බිහි කළ මවුවරුන්ටත් හැදු වැඩූ පියවරුන්ටත් අප සදා ගෞරව කරමු.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා