පිරිබාහරන් කියූ දහවල් සිහිනය සැබෑ කර ගැනීම !

පිරිබාහරන් කියූ දහවල් සිහිනය සැබෑ කර ගැනීම !

කිලිනොච්චි රෝහල වෙත ගිය ජනාධිපතිවරයා එහි සිටි තුවාල ලත් සෙබලු සහ සෙසු සාමාන්‍ය වැසියන් සමඟ කාලය ගත කෙළේය. රෝහලේ සිටි අය සමඟ සාම්ප‍්‍රදායික කිරිබත්, කැවුම්වල රසවිඳි ඔහු පසුව සියල්ලන්ටම තෑගි බෝගද ලබා දුන්නේය. මෙම අවස්ථාවෙන් පසු 57 සහ 58 වෙනි සේනාංකාධිපතිවරුන් විසින් මෑතකදී ලත් හමුදා ජයග‍්‍රහණ පිළිබඳව ඔහුට කරුණු දක්වන ලදී. යුදමුක්ත කලාපයේ පවන්නා තත්ත්වය සහ එහි සිර වී සිටින සාමාන්‍ය ජනතාව මුදවා ගැනීමේ සැලැසුම ගැනද ඔහුගේ දැඩි අවධානය යොමු විය. ප‍්‍රදේශයේ සෙබළ මුළු ඇමතූ ඔහු, ඔවුන්ගේ කැපවීම සහ අභීත භාවය ප‍්‍රසාදයට ලක් කෙළේය. ඔවුන්ගේ පරාර්ථකාමී කැපවීම වත්මන් ජයග‍්‍රහණවලට හේතුව බව ප‍්‍රකාශ කළ ජනාධිපතිවරයා අවසන් ජයග‍්‍රහණය අත ළඟ බැවින් ඒ යහපත් කාර්යයේ දිගටම යෙදෙන ලෙස සෙබලුන්ගෙන් ඉල්ලා සිටියේය.

හින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ඓතිහාසික කිලිනොච්චි සංචාරය, කිලිනොච්චියට රාජ්‍ය නායකයකු පැමිණි පළමු අවස්ථාව ලෙස සඳහන් වී තිබේ. එල්.ටී.ටී.ඊ. යේ දේශපාලන මූලස්ථානය යැයි පැවැසූ කිලිනොච්චි සහ ඔවුන්ගේ පාලනයට නතුව තිබුණු සෙසු ප‍්‍රදේශ ආරක්ෂක හමුදාවන් අතට මුළුමනින්ම පත් වූයේ 2009 ජනවාරි 02 දින ය.

ජනාධිපතිතුමාගේ විස්මිත සංචාරය පැය 3 කට වැඩි කාලයක් තිස්සේ පැවැති අතර නගරයේ වැදගත් ස්ථාන රැසක් ඔහු නිරීක්ෂණය කෙළේය. සෙබළ බැරැක්ක මෙන්ම රෝහලද ඔහුගේ විශේෂ අවධානයට යොමු විය. ස්ථාන කිහිපයක් පෞද්ගලිකවම පරීක්ෂා කරමින් ඔහු විථි පුරා නිදහසේ ඇවිද ගිය බව ආරංචි මාර්ග සඳහන් කරයි.

වවුනියාවේ සුළු වේලාවකට නතර වීමෙන් පසු ජනාධිපතිතුමා රැගත් හෙළිකොප්ටර් යානය කිලිනොච්චියට පැමිණියේ පෙ.ව. 7.30 ට පමණය. මෙම සංචාරයේදී ජනාධිපතිතුමා සෙබළුන්ට මෙන්ම සාමාන්‍යවැසියන්ටද සැපයෙන පහසුකම් පෞද්ගලිකවම සොයා බැලුවේය. ජනාධිපතිවරයාගේ හොඳ හිත පිළිබිඹු කිරීමේ මෙම සංචාරය සිංහල දෙමළ අලුත් අවුරුද්දට සමගාමීව සිදුවිය.

සෙබළු මුළු අවතැන් වූවන් සහ සෙසු සාමාන්‍යවැසියන්ද ඔහු මුණ ගැසුණේය. ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ සහ ආරක්ෂක මාණ්ඩලික ප‍්‍රධානී ඇතුළු ති‍්‍රවිධ හමුදාපතිවරු සහ පොලිස්පතිවරයාද මේ ගමනට එක්ව තිබුණි. එල්.ටී.ටී.ඊ. ය විසින් විනාශ කරන ලද යටිතල ව්‍යූහය පරීක්ෂා කිරීමේදී ඔවුන් පලායන අවස්ථාවේ විනාශ කරන ලද නගරයේ ප‍්‍රධාන ජල ටැංකිය ජනාධිපතිවරයාගේ දැඩි අවධානයට යොමු විය. ඊට අමතරව එල්.ටී.ටී.ඊ. දේශපාලන මූලස්ථාන ගොඩනැගිල්ල සහ සාම ලේකම් කාර්යාලයද ඔහු නැරැඹුවේය.

ඉන්පසු 58 වෙනි සේනාංක මූලස්ථානය සහ ඒ ආසන්නයේ පවතින සෙබළ බැරැක්ක වෙත ජනාධිපතිවරයා පැමිණියේ සෙබලු මුළු ප‍්‍රමෝදයට පත්කරමිණි. සෙබලුන්ගේ ලැඟුම්හල් පෞද්ගලිකව නරඹමින් ඔවුන්ට සැපැයෙන පහසුකම් පිළිබඳව ජනාධිපතිවරයා විශේෂ අවධානය යොමු කෙළේය. මේ සංචාරයේදී 58 වෙනි මූලස්ථානයේ පවත්නා මෙහෙයුම් මැදිරියද ඔහු නිරීක්ෂණය කෙළේය. නියමු රහිත යානාවකින් ලබාගත් යුදමුක්ත කලාපයේ ගුවන් ඡායාරූපද ඔහු නැරැඹුවේය.

පසුව කිලිනොච්චි රෝහල වෙත ගිය ජනාධිපතිවරයා එහි සිටි තුවාල ලත් සෙබලු සහ සෙසු සාමාන්‍ය වැසියන් සමඟ කාලය ගත කෙළේය. රෝහලේ සිටි අය සමඟ සාම්ප‍්‍රදායික කිරිබත් කැවුම්වල රසවිඳි ඔහු පසුව සියල්ලන්ටම තෑගි බෝගද ලබා දුන්නේය. මෙම අවස්ථාවෙන් පසු 57 සහ 58 වෙනි සේනාංකාධිපතිවරුන් විසින් මෑතකදී ලත් හමුදා ජයග‍්‍රහණ පිළිබඳව ඔහුට කරුණු දක්වන ලදී.

යුදමුක්ත කලාපයේ පවන්නා තත්ත්වය සහ එහි සිර වී සිටින සාමාන්‍ය ජනතාව මුදවා ගැනීමේ සැලැසුම ගැනද ඔහුගේ දැඩි අවධානය යොමු විය. ප‍්‍රදේශයේ සෙබළ මුළු ඇමතූ ඔහු ඔවුන්ගේ කැපවීම සහ අභීත භාවය ප‍්‍රසාදයට ලක් කෙළේය.

ඔවුන්ගේ පරාර්ථකාමී කැපවීම වත්මන් ජයග‍්‍රහණවලට හේතුව බව ප‍්‍රකාශ කළ ජනාධිපතිවරයා අවසන් ජයග‍්‍රහණය අත ළඟ බැවින් ඒ යහපත් කාර්යයේ දිගටම යෙදෙන ලෙස සෙබලුන්ගෙන් ඉල්ලා සිටියේය. සාමාන්‍ය වැසියන් ආරක්ෂා කර ගැනීමත් කොටි ග‍්‍රහණයෙන් ඔවුන් ආරක්ෂිතව මුදා ගැනීමත් පිළිබඳව ජනාධිපතිවරයාගේ අවධානය යොමුව තිබිණි.

මේ සංචාරයේදීම වවුනියාවට ගිය ජනාධිපතිවරයා එම ප‍්‍රදේශයේ සිටින සෙබලුන් ඇමතීමටද අමතක නොකෙළේය. ඒ සමඟම සහන සේවා සහ සුබසාධන කටයුතු ඉහළම කාර්යක්ෂමභාවයෙන් යුතුව ඉක්මනින් සිදුකරන ලෙස ඔහු නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

පසුගිය දශක තුන තිස්සේ බැංකු කටයුතු සෞඛ්‍ය සේවා, වෙළෙඳ්‍රම, අධ්‍යාපනය සහ සුබසාධන කටයුතු ඇතුළු පරිපාලන කි‍්‍රයාපද්ධතිය රජයෙන් සිදුවුවද එල්.ටී.ටී.ඊ. ය ඔවුන්ගේ පරිපාලන අග නගරය ලෙස ප‍්‍රකාශයට පත්කර තිබුණේ කිලිනොච්චියයි. කිලිනොච්චියෙන් හමුදාවෙන් ඉවත්වීම නිසා 1990 දී එල්.ටී.ටී.ඊ ය පළමුවරට එය අල්ලා ගත්තේය.

1996 සත් ජය I, II, IIIමෙහෙයුම් යටතේ යළි කිලිනොච්චිය අල්ලා ගැනීමට ආරක්ෂක හමුදා සමත් විය. එහෙත් 1998 දී යළිත් එය ත‍්‍රස්තවාදීන් අතට පත්විය. 2009 ජනවාරි 2 දින හමුදාව එය මුදා ගන්නා තුරුම ඔවුන්ගේ පරිපාලන කේන්ද්‍රස්ථානය වූයේ කිලිනොච්චිය යි.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා


සබැඳි පුවත්