උපන් භූමිය වෙනුවෙන් ඔබ කළ කැපවීම අනගිභවනීයයි

උපන් භූමිය වෙනුවෙන් ඔබ කළ කැපවීම අනගිභවනීයයි

- ජනාධිපති

ජනාධිපතිතුමා හමුදා සෙබලුන් සමඟ නිදහසේ කතා බස් කළ අතර හමුදා සාමාජිකයන්ගේ ප‍්‍රශංසා මැද අවුරුදු කිරිබත් හා රස කැවිලිවල රස බැලීය. යුද්ධය පැවැතුණු කාල වකවානුවේ දී රාජ්‍ය ප‍්‍රධානියකු සිදු කළ ප‍්‍රථම සංචාරය වන ජනාධිපති මහින්ද රාජපක්ෂගේ මේ සංචාරය සැබවින්ම අසමසම වූවකි. සෑම විට ම විනයෙන් හා ඉවසීමෙන් කටයුතු කරන ශ‍්‍රී ලංකාවේ හමුදාව ලෝකයේ ඕනෑම හමුදාවකට ආදර්ශයක් බව ජනාධිපතිතුමා ප‍්‍රකාශ කෙළේය.

ආරක්ෂක ලේකම්
ගෝඨාභය රාජපක්ෂ


යුද හමුදාපති
ලුතිනන් ජනරල්
සරත් ෆොන්සේකා


නාවික හමුදාපති
වයිස් අද්මිරාල්
වසන්ත කරන්නාගොඩ

ගුවන් හමුදාපති
එයාර් වයිස් මාර්ෂල්
රොෂාන් ගුණතිලක


පොලිස්පති
ජයන්ත වික‍්‍රමරත්න

පසුගියදා සිදු වුණු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ කිලිනොච්චි සංචාරය ඓතිහාසික සංචාරයක් ලෙස සනිටුහන් වී හමාරය.

මෙහි දී ජනාධිපතිතුමා හමුදා සෙබලුන් සමඟ නිදහසේ කතා බස් කළ අතර හමුදා සාමාජිකයන්ගේ ප‍්‍රශංසා මැද අවුරුදු කිරිබත් හා රස කැවිලිවල රස බැලීය.

යුද්ධය පැවැතුණු කාල වකවානුවේ දී රාජ්‍ය ප‍්‍රධානියකු සිදු කළ ප‍්‍රථම සංචාරය වන ජනාධිපති මහින්ද රාජපක්ෂගේ මේ සංචාරය සැබවින්ම අසමසම වූවකි.

සෑම විට ම විනයෙන් හා ඉවසීමෙන් කටයුතු කරන ශ‍්‍රී ලංකාවේ හමුදාව ලෝකයේ ඕනෑම හමු

දාවකට ආදර්ශයක් බව ජනාධිපතිතුමා ප‍්‍රකාශ කෙළේය.

ලෝකයේ කෘරතම ත‍්‍රස්තවාදී සංවිධානය මැඬ පැවැත්වීමට ඔවුන්ට හැකි වූ බව ද ජනාධිපතිතුමා සඳහන් කෙළේය.

තවද මේ ජයග‍්‍රහණය අත්පත් කර ගැනීමට නිවැරැදිව මඟ පෙන්වූ නායකයන්ට ද ජනාධිපතිතුමා සිය ප‍්‍රශංසාව පුද කෙළේය. මේ වීරෝදාර හමුදාවන්ට සියලු සුබසාධන පහසුකම් සැපැයීමට ආණ්ඩුව කටයුතු කරන බව ද ජනාධිපතිතුමා සඳහන් කෙළේය.

දැනටමත් ඔවුන්ගේ දරුවන් පාසල්වලට ඇතුළත් කිරීමේ දී විශේෂත්වයක් ලබාදී ඇති අතර නිවාස හා අනෙකුත් සියලු පහසුකම් ලබා දීමට ද කටයුතු කර තිබේ.

“අද මගේ කිලිනොච්චි සංචාරය ඓතිහාසික සංචාරයක් ලෙස මම සලකනවා. අද මට මේ සංචාරය සිදු කිරීමට හැකි වුණේ ආරක්ෂක ලේකම්තුමාගේ  service commanders හමුදා ජ්‍යෙෂ්ඨයන්ගේ) සහ වීරෝදාර හමුදාවන්ගේ කැපවීම නිසාවෙනි.

2005 නොවැම්බරයේ දී මා ජනාධිපති ලෙස තෝරා පත්කරගන්නා විට අපට විශාල අභියෝගයක් තිබුණා. ඒ අපේ මාතෘ භූමිය ආරක්ෂා කර ගැනීමයි. දේශය ඒකාබද්ධ කිරීමයි”

යනුවෙන් ජනාධිපතිතුමා මේ සංචාරයේ දී ප‍්‍රකාශ කෙළේය.

අතීතයේ දී ත‍්‍රස්තවාදීන්ගේ පාලනය යටතේ එක් බිම් අඟලක්වත් නොතිබුණේය. එහෙත් කෙටි කාලයකින් විශාල භූමි ප‍්‍රදේශයක් ත‍්‍රස්තවාදීන් විසින් අල්ලා ගනු ලැබීය.

හමුදා සෙබලුන් කැපවීමෙන් මෙහෙයුම් වල නිරතවුවද බලධාරීන් විසින් ගනු ලැබූ යම් යම් තීරණ නිසා ඔවුනට ජයග‍්‍රහණය අත්පත් කර ගැනීමට නොහැකි විය.

කිලිනොච්චි සංචාරයේ දී ජනාධිපතිතුමා තවදුරටත් මෙසේ ප‍්‍රකාශ කෙළේය.

කෙසේ වෙතත් 2006 දී ජයග‍්‍රහණ කරා මෙහෙයවිය හැකි නායකයන් හමුදාවට පත් කිරීමෙන් නිවැරැදි නායකත්වයක් සැපැයීමට අපට හැකි වුණා. මෙහෙයුම් කාර්යක්ෂමව සිදු කිරීමට හමුදා service commanders  ජ්‍යෙෂ්ඨයන්ට අවශ්‍ය නිදහස අපේ ආරක්ෂක ලේකම් ලබා දී තිබෙනවා.

අපට අහිමි වුණු භූමි ප‍්‍රදේශ නැවත ලබා ගැනීමට අපට අවශ්‍ය වුණා. විනයෙන් අග තැන්පත් වුණු එක් සන්නද්ධ හමුදාවක් ලෝකයේ සිටිනවා නම් ඒ අපේ හමුදාවයි.

එවන් විනයකින් යුතු හමුදාවක් ළඟා කරගත් ජයග‍්‍රහණ පිළිබඳ අපි සන්තෝෂ වන්නෙමු. ඕනෑ ම රටකට ගොස් අපට අපේ හමුදාව ගැන ආඩම්බරයෙන් කතා කළ හැකියි.

සම්පූර්ණයෙන් ම එල්.ටී.ටී.ඊ. ය සමූල ඝාතනය කිරීමෙන් භූමියේත්, සාගරයේත්, ගුවනේත් තම පරාක‍්‍රමය පෙන්වීමට ඔවුනට හැකි වී තිබේ. “තවත් දින කිහිපයකින් රටේ සෑම බිම් අඟලක් ම ආගම් කුල හෝ ජාති භේදයකින් තොරව රටේ ජනතාවගේ අයිතියට පත් වනු ඇත.

ඔබ මේ කාර්යය ඉතා ප‍්‍රශංසනීය ලෙස සිදු කරමින් සිටිනවා. සිවිල් ජනතාවටම ආරක්ෂක ප‍්‍රදේශවලට පැමිණිවිට නිදහස ඔබ ලබා දී තිබෙනවා.

මේ නිසා වීරෝදාර හමුදාවන්ට ජාතියේ කෘතවේදීත්වය හිමිවිය යුතු බවත් ඒ වෙනුවෙන් ජාතිය ණය ගැති බවත් ජනාධිපතිතුමා ප‍්‍රකාශ කෙළේය. ආණ්ඩුව හැකි උපරිමයෙන් ඔවුන්ගේ සුබ සාධනය වෙනුවෙන් කැපවීමෙන් යුතුව කටයුතු කරන බව ජනාධිපතිතුමා සඳහන් කෙළේය.

ඔබ උපන් භූමිය වෙනුවෙන් ඔබේ කැප කිරීම අපි අගය කරන්නෙමු. ඔබ සියලු දෙනාට ම සුබ අලුත් අවුරුද්දක් වේවා.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා


සබැඳි පුවත්