කිලිනොච්චියට ලැබුණු අවුරුදු තෑගි දෙක

කිලිනොච්චියට ලැබුණු අවුරුදු තෑගි දෙක

කිලිනොච්චියට නිදහස ලැබීම අපලත් එක් ත්‍යාගයක් වන අතර දෙවැන්න මවු බිම එක්සේසත් කිරීමේ පුරෝගාමියා වන ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ විශ්මිත අලුත් අවුරුදු සංචාරයයි. මෙය වසර 60කදී රාජ්‍ය නායකයකු එහි සිදුකළ පළමු සංචාරයයි

සිවුමසකදී කිලිනොච්චියට අවුරුදු තෑගි දෙකක් ලැබුණු බව කීම සාවද්‍ය කියමනක් නොවේ.

දශක දෙකකට වැඩි කාලයක් එල්.ටී.ටී.ඊ. පාලනයට නතුව තිබුණු උතුරුකරයේ මේ ප‍්‍රධාන නගරය නවයුගයකට මඟ පාදමින් 2009 ජනවාරි 2 දා ආරක්ෂක හමුදා යළි අත්පත් කැරගත්හ.

යාපනය වැටීමෙන් පසු එල්.ටී.ටී.ඊ.යේ පරිපාලන කේන්ද්‍රය වුණේ කිලිනොච්චියයි.

ඔවුන්ගේ සාම ලේකම් කාර්යාලය, කොටිහඬ ගුවන්විදුලිය, හමුදා හා පරිපාලන ගොඩනැගිලි තිබුණේ මෙහිය. රැවටිල්ලක් වූ ව්‍යාජ සටන්විරාම සමයේ කොටිනායකයන් සංචාරක විදේශික ප‍්‍රභූන් හමුවූයේද මෙහිදීය.

ද්‍රවිඩ ජනතාව මුදාගන්නා බව ප‍්‍රකාශ කළ එල්.ටී.ටී.ඊ.යේ කුරිරු පාලනයෙන් කිලිනොච්චි ජනතාව පීඩාවට පත්ව සිටියහ.

දැන් කිලිනොච්චිය නිදහස්ය. කොටි, දැන් කිලිනොච්චියේ නැත. සුළුබිම් කඩක හැර උතුරු කරයේම නැත.

යුද්ධයට බිලිව තිබුණු කිලිනොච්චි නගරය හෙමින් වුවත් අචලව යථාත්ත්වයට පත්වෙමින් තිබේ.

කිලිනොච්චියට නිදහස ලැබීම අපලත් එක් ත්‍යාගයක් වන අතර දෙවැන්න මවු බිම එක්සේසත් කිරීමේ පුරෝගාමියා වන ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ විශ්මිත අලුත් අවුරුදු සංචාරයයි.

මෙය වසර 60කදී රාජ්‍ය නායකයකු එහි සිදුකළ පළමු සංචාරයයි.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා


සබැඳි පුවත්