බළපිටිය ප‍්‍රා. සභාවේ හිටපු සභාපති ඇතුළු 5000 ක් ශී‍්‍රලනිපයට

බළපිටිය ප‍්‍රා. සභාවේ හිටපු සභාපති ඇතුළු 5000 ක් ශී‍්‍රලනිපයට

බළපිටිය ප‍්‍රාදේශීය සභාවේ හිටපු සභාපති දයාරත්න සිල්වා මහතා ඇතුළු ඡන්දදායක පිරිසක් ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ සාමාජිකත්වය ලබා ගනිති.

සාමාජිකත්වය ලබා ගැනීමේ උත්සවය හෙට (14) වැනිදා පෙ. ව. 10.00 ට බළපිටිය නායක විහාරයේ දී පැවැත්වේ.

මේ උත්සවය ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ මහ ලේකම් කෘෂිකර්ම සංවර්ධන හා ගොවිජන සේවා ඇමැති මෛතී‍්‍රපාල සිරිසේන මහතා ගේ හා ප‍්‍රවාහන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා ගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වෙන අතර එම අවස්ථාවට බළපිටිය ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ සංවිධායක ලාල් නවනන්දන ද සිල්වා, ජාතිය ගොඩනැගීමේ හා වතු යටිතල පහසුකම් සංවර්ධන ඇමැති ගුණරත්න වීරකෝන් මහත්වරු ද සහභාගී වෙති.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා