උතුරෙන් පුපුරන ද්‍රව්‍ය-ආයුධ සොයා ගැනේ

උතුරෙන් පුපුරන ද්‍රව්‍ය-ආයුධ සොයා ගැනේ

සී 4 වර්ගයේ අවි පුපුරන ද්‍රව්‍ය කිලෝ ග‍්‍රෑම් 185, ක්ලේමෝ බෝම්බ ඇතුළු බෝම්බ 233, ටී 56 ගිනි අවි 21 ඇතුළු අවි ආයුධ රැසක් හමුදා භට පිරිස් විසින් උතුරේ ප‍්‍රදේශ කිහිපයක සිදු කළ සෝදිසි මෙහෙයුම් වලදී ඊයේ (12) සොයා ගෙන තිබේ.

මුලතිව්, කිලිනොච්චි, පුදුකුඩුඉරිප්පු ඇතුළු ප‍්‍රදේශ කිහිපයක සිදු කරන ලද සෝදිසි මෙහෙයුම් වලදී මේ අවි ආයුධ සොයා ගැනීමට හමුදා භට පිරිස් සමත් වී ඇතැයි ජාතික ආරක්ෂාව පිළිබඳව මාධ්‍ය මධ්‍යස්ථානය පවසයි.

57, 58 සේනාංක වල භට පිරිස් සහ 08 වන කාර්ය සාධක බළකායේ භට පිරිස් මේ මෙහෙයුම් සිදුකර තිබේ.

මෝටර් චාජර්ස් 220, එම්. පී. එම්. ජී. පතරොම් 1000, විදුලි උත්පාදක යන්ත‍්‍ර 01, සිතියම් 17, එම්. පී. එම්. ජී. අවි 01, ආර්. පී. ජී. අවි 01, මිලිටර් 12.7 උණ්ඩ 388, ඩෙටනේටර් 146, මිලි මීටර් 7.62 පිස්තෝල 01, මිලිමීටර් 9, පිස්තෝල 01, මිලිමීටර් 20 පතරොම් පෙට්ටි 20, සන්නිවේදන උපකරණ කට්ටල 01 මෙලෙස සොයා ගත් අවි ආයුධ අතර තිබෙන බව හමුදාව පවසයි.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා