බ‍්‍රැඩ්බි සූරතාව රාජකීය විද්‍යාලයට

බ‍්‍රැඩ්බි සූරතාව රාජකීය විද්‍යාලයට

ඡායාරූපය - කවින්ද්‍ර පෙරේරා

මහනුවර ති‍්‍රත්ව විද්‍යාලය හා කොළඹ රාජකීය විද්‍යාලය අතර වාර්ෂිකව පැවැත්වෙන බ‍්‍රැඩ්බි කුසලාන පාසල් රගර් තරගයෙන් මෙවර සූරතාව දිනා ගැනීමට රාජකීය කී‍්‍රඩකයෝ සමත් වූහ. තරග 3 කින් සමන්විත තරගාවලියේ තවත් තරගයක් ඉතිරිව තිබියදීම රාජකීය කී‍්‍රඩකයෝ ජයග‍්‍රහණය කිරීම විශේෂ වේ.

මහනුවර පැවැති පළමු තරග වටයෙන් 22-12ක් ජයක් ලැබූ රාජකීය විද්‍යාලය දෙවැනි තරග වටයෙන් 31 – 15 ක ජයක් ලැබුවේය.

නරේන් දසුන්ගේ නායකත්වයෙන් පිටියට පිවිසි රාජකීය කී‍්‍රඩකයෝ තරගයේ ආරම්භයේ සිටම තම අණසක පිටිය පුරා පැතිර වූහ. තමන්ට හුරු පුරුදු පිටියේ දීම තරග වැදුණ ඔවුන් පළමු අර්ධය නිමා කළේ 26 – 03ක් ලෙස අදහාගත නොහැකි පරාසයක් ප‍්‍රතිවාදීන්ට ලබා දෙමිනි.

දෙවැනි අර්ධයේ දී ති‍්‍රත්ව කී‍්‍රඩකයෝ සුපුරුදු දක්ෂතා අතරට පිවිසීමට උත්සාහ කළ ද එය ජයග‍්‍රහණය ලැබීමට තරම් ප‍්‍රමාණවත් නොවීය. රාජකීයයන් ගෝල 3 ක් සහ උත්සාහක දිනුම් 2 ක් මගින් ලකුණු එක්කර ගත් අතර ති‍්‍රත්ව විද්‍යාලය ගෝලයක්, උත්සාහක දිනුමක් සහ දඬුවම් පහරක් මගින් ලකුණු රැස්කළේ ය.

1945 දී ආරම්භ වී 65 වැනි වරටත් පැවැති මේ තරගාවලියේ රාජකීයයන් ජයගත් 30 වැනි අවස්ථාව මෙය වේ. ඔවුන් අවසන් වරට 2007 වසරේ මනිල් අබේරත්නගේ නායකත්වයෙන් බ‍්‍රැඩ්බි සූරතාව දිනා සිටියහ. තරගයේ ප‍්‍රධාන විනිසුරු ලෙස ප‍්‍රදීප් ප‍්‍රනාන්දු මහතා කටයුතු කළේය.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා