ෂැංහයි සහයෝගිතා සංවිධාන සමුළුවේ දී ඉරාන ජනපතිගෙන් අමෙරිකාවට දොස්

ෂැංහයි සහයෝගිතා සංවිධාන සමුළුවේ දී

ඉරාන ජනපතිගෙන් අමෙරිකාවට දොස්

අධිරාජ්‍යයන් පැවති යුගය මුළුමනින් ම අවසන් වී ඇති බව පැහැදිලි අතර ඒවායේ පුනර්ජීවනයක් යළි සිදුනොවනු ඇති බව පෙන්වා දෙන ඉරාන ජනාධිපති මහමුද් අහමදීන් ජාඩ් එක්සත් ජනපදය දෝෂ දර්ශනයට ලක් කරමින් අන්තර්ජාතික ධනවාදී පිළිවෙත පසුබසිමින් පවත්නා බව පෙරේදා ප‍්‍රකාශ කළේය.

ඔහු මෙබව ප‍්‍රකාශ කළේ පෙරේදා රුසියාවේ පැවති ‘ෂැංහයි සහයෝගීතා සංවිධානයේ’ සමුළුවට නිරීක්ෂණ මට්ටමින් සහභාගිවෙමිනි.

පසුගියදා පැවති ජනාධිපතිවරණයෙන් විශිෂ්ට ජයක් අත්පත් කැරගත් අහමදීන්ජාඩ් එම ජයග‍්‍රහණයට එරෙහි ව ඡන්ද වංචා සිදු වූ බවට චෝදනා කරමින් ප‍්‍රධාන ප‍්‍රතිවාදියාගේ ආධාරකරුවන් අගනගරයේ උද්ඝෝෂණය කරද්දී රුසියාවට පැමිණියේ මෙම සමුළුවට සහභාගිවීමටය.

ෂැංහයි සහයෝගිතා සංවිධානය 1996 දී පිහිටුවනලද්දේ නැටෝ සංවිධානයට විකල්පයක් වශයෙනි. එමගින් එක්සත් ජනපදයෙන් ආසියාවට කැරෙන බලපෑම්වලට ප‍්‍රතිචාර දැක්වීම රුසියාවට හා චීනයට හැකිව තිබේ.

රුසියාව හා චීනයට අතිරේකව කසකස්ථානය, කර්ගිස්තානය, ටජිකිස්තානය හා උස්බෙකිස්තානය ද මෙම සංවිධානයට අයත් ය.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා