ඉන්දියාවේ සූකර උණ මුළුමනින් ම පාලනය කරලා

ඉන්දියාවේ සූකර උණ මුළුමනින් ම පාලනය කරලා

සෞඛ්‍ය ඇමැති ගුලාම් අවධාරණය කරයි

සූකර උණ රෝගය මුළුමනින් ම පාලනය කැර ඇති බව ඉන්දීය සෞඛ්‍ය ඇමැති ගුලාම් නාබි අසාබ් ප‍්‍රකාශ කැර තිබේ. නවතම ගණනයන්ට අනුව ඉන්දියාවේ ඩ්ධ්ව්ධ් - ඉන්ෆ්ලුවෙන්සා (සූකර උණ) රෝගය වැළදුණු සංඛ්‍යාව 23 කි.

‘සූකර උණ මනා පාලනයකට යටත් කොට තිබෙනවා. ඒ සඳහා අවශ්‍ය තරම් ඖෂධ තොග තිබෙනවා. මෙහි දී වැදගත් ම කරුණවන්නේ මේ රෝගය 100%ක්ම සුව කළ හැකි වීමයි. රෝගය වැළදුණු 23 දෙනාගෙන් 11 දෙනකු ප‍්‍රතිකාර ලබා රෝහල්වලින් පිටවී ගොස් සිටිනවා. ඉතිරිව ඇත්තේ 12 දෙනකු පමණයි. ඉන්දියාවේ ජනගහනය ගැන සැලකීමේ දී සෙසු සංවර්ධිත රටවල තත්ත්වය අනුව 11 ක් 12ක් යනු ගණන් නොගතයුතු තරම් සංඛ්‍යාවකි’ යැයි ඇමැතිවරයා පැවැසීය.

සූකර උණ රෝගය වසංගත තත්ත්වයෙන් ව්‍යාප්ත වන්නක් බව ලෝක සෞඛ්‍ය සංවිධානය ප‍්‍රකාශ කැර ඇත. දැනට රටවල් 74ක මේ රෝගය ව්‍යාප්ත වී ඇති බව ද සඳහන් ය.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා