මරණ දැන්වීම්

 

 

වෙලගෙදර කේ. බී. - නැසීගිය දයා (මැටිල්ඩා) ගේ ආදරණීය ස්වාමි පුරුෂයා වූද එල්. බී. යූ. බී. ඩී. ඒ. සමරතුංග, නැසීගිය මල්ලිකා කහවත්ත. සීතා බස්නායක, බිසෝ වෙලගෙදර, සුමේධා ඒකනායක, සුමනා ජයසුන්දර යන අයගේ දයාබර සොහොයුරා වූද පොල්ගොල්ල පේරාදෙනිය හා ගම්පොල ගුරු විද්‍යාලයන් හි හිටපු කථිකාචාර්යවරයෙකු හා ශ‍්‍රී ලංකා මහවැලි අධිකාරියේ කොත්මලේ ව්‍යාපෘතියේ අතිරේක කළමනාකාරවරයෙකුව සිටි මහනුවර, අම්පිටිය පාරේ, අංක 95/1 නිවසෙහි පදිංචිව සිටි කේ. බී. වෙලගෙදර මහතා අභාවප‍්‍රාප්ත වූයෙන් ඒ පිළිබඳව ආදාහන කටයුතු 2009 ජුනි මස 27 වැනි සෙනසුරාදා ප. ව. 4.00 ට මහනුවර මහයියාව පොදු සුසාන භූමියේ දී සිදුකරන බව සියලු ඥාති හිත මිත‍්‍රාදීන් වෙත ඉතා සංවේගයෙන් දැනුම් දෙමු. මෙයට ශෝකයට පත් පවුලේ ඥාතීන්. අංක 95/1, අම්පිටිය, මහනුවර.
 


හික්කඩුව ඇස්.කේ. ලෙස්ලි (නන්දසේන) - කේ. චන්‍ද්‍රලතා මහත්මියගේ ආදරණීය ස්වාමිපුරුෂයා වූද, හික්කඩුව පොසයිඩන් කිමිදුම් මධ්‍යස්ථානය හා සංචාරක හෝටලය අධිපති, හික්කඩුව සුලු නගර සභාවේ හිටපු සභාපති හික්කඩුව අමරසේන මාවත පදිංචි ඇස්.කේ. ලෙස්ලි (නන්දසේන) මහතා අවුරුදු 68 ක් ආයු වළඳා ආභාවප‍්‍රාප්ත විය. ඒ පිළිබඳ ආදාහන කටයුතු මෙම 27 වැනි සෙනසුරාදා සවස 3 ට හික්කඩුව නගර සභා මහජන කී‍්‍රඩාංගණයේදී සිදු කෙරේ. දැනුම් දෙන්නේ කේ. චන්‍ද්‍රලතා (භාර්යාව), සංචාරක ව්‍යාපාරික ඇස්.කේ. චමින්ද ලීලාන් (පුතා), මංජු ධීවර ව්‍යාපාරය හිමි ඇස්.කේ. මංජුල ඩිලාන් (පුතා), සංචාරක ව්‍යාපාරික ඇස්.කේ. සංජය නිලාන් (පුතා), ඇස්.කේ. චන්දිමා ඩිලානි (දුව), රමිලදේව ද සිල්වා (බෑනා), ඩයන් විල්කින්ස් (ලේලි), චමිලා විනෝදනී (ලේලී), ඉෂාරා ෂාහනි (ලේලි). අවමගුල් පෙරහැර අමරසේන මාවතේ නිවසින් එදින සවස 2 ට පිටත්වේ. දු.ක. 0912277340.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා