ඉස්ලාමීය සටන්කාමීන් පැරැදවීමට අමෙරිකා-පාකිස්තාන් සහයෝගිතාවක්

 ඉස්ලාමීය සටන්කාමීන් පැරැදවීමට අමෙරිකා-පාකිස්තාන් සහයෝගිතාවක්

පාකිස්තානයේ ස්ථායිතාවට තර්ජනයක් වී ඇති ඉස්ලාමීය සටන්කාමීන් පරාජය කිරීම සඳහා පාකිස්තානය සමඟ දිගුකාලීන සහයෝගිතාවක් ගොඩනගා ගැනීමේ අරමුණ ඇතිව, අමෙරිකන් සෙනෙට් සභාව, ත‍්‍රස්තවාදයෙන් පීඩා විඳින සිවිල් වැසියන්ට සහාය සැපයීමේ ආධාර තෙගුණයකින් වැඩිකිරීම අනුමතකර ඇත. මේ අනුව මානුෂික සහ ආර්ථික ආධාර වශයෙන් පාකිස්තානයට ඩොලර් බිලියන 7.5ක් පස් වසරක් තුළ සැපයීමට නියමිතය.

මෙම කලාපය තුළ අමෙරිකන් ක‍්‍රමෝපාය සාර්ථක ලෙස කි‍්‍රයාත්මක වේද යන්න පිරික්සීම සඳහා ඔබාමාගේ ජාතික ආරක්ෂක උපදේශක ජේම්ස් ජොන්ස් ඇෆ්ගනිස්තානයේ පාකිස්තානයේ සහ ඉන්දියාවේ චාරිකා කිරීමට නියමිතය. පාකිස්තානයට සහනාධාර සැපයීමට අමෙරිකාව ඉතා අවංකව ඉදිරිපත්වී ඇති බැව් මෙමගින් තහවුරු කරනු ඇතැයි, සෙනෙට් සභාවේ විදේශ සබඳතා කමිටුවේ සභාපති ජෝන් කෙරී ප‍්‍රකාශ කරයි.

මෙම ආධාර මුදල් වසරින් වසර ලබාදීමට කටයුතු කරනු ඇති බව පවසන අමෙරිකාව, පාකිස්තානයේ මිලියන 170ක ජනතාවගේ අධ්‍යාපන ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලනය, තිරසාර ආර්ථික වර්ධනය වැනි කටයුතු වෙනුවෙන් ලබාදෙන සහනාධාරවලින් මෙම ආධාර පරිබාහිර බව කියයි.

මෙම යුදමය ආධාර ලබාදෙන්නේ පාකිස්තානය තම භූමිය තුළ සිට කි‍්‍රයාත්මක වන අල්කයිඩා, තලෙයිබාන් සහ සෙසු අන්තවාදී ත‍්‍රස්ත කණ්ඩායම් මුලිනුපුටා දැමීමට ස්ථිර අධිෂ්ඨානයන් සහ පූර්ණ කැපවීමෙන් කටයුතු කරනු ඇතැයි යන අපේක්ෂාවෙන් බව අමෙරිකාව කියයි.

කෙසේවෙතත් තමන් පාකිස්තානයේ දේශපාලන සහ අධිකරණමය කටයුතු කෙරේ. කිසිදු බලපෑමක් නොකරන බවටත් අමෙරිකාව සහතික වෙයි.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා