කකුල් මාට්ටු දමලා කෙටි පාරෙන් එජාපයට ජය ගන්න බෑ

කකුල් මාට්ටු දමලා කෙටි පාරෙන් එජාපයට ජය ගන්න බෑ

සී . නන්ද මැතිව්
ඌව පළාත් සභාවේ ආණ්ඩුකාර

ව පළාත ගොඩනැඟීම සඳහා තෝරා ගත යුත්තේ කුමන ආකාරයේ නායකයෙක් ද ? , ඌවේ මැතිවරණයේ දී එජාපයෙන් ආණ්ඩුවට අභියෝගයක් තිබේද ? යන්න පිළිබඳව වර්තමාන ඌව පළාත් ආණ්ඩුකාර සහ එජාපයේ හිටපු ජ්‍යෙෂ්ඨ ඇමැතිවරයකු වන නන්ද මැතිව් මහතා සමඟ සිදු කළ සාකච්ඡාවකි මේ.

* කොටි සංවිධානය මුළුමනින්ම විනාශ කිරීමට අපේ රණවිරුවන්ට පුළුවන්කම ලැබුණා. මේ විජයග‍්‍රහණය ඌව පළාතේ ජනතාව දකින්නේ මොන විදිහටද ?.

මට 1818 වසරේ දී ඇති වූ වෙල්ලස්සේ කැරැල්ල මතක් වෙනවා එදා වෙල්ලස්සේ ජනතාවට අයිතිව තිබූ ගේ-දොර , හරක – බාන, ගොවිබිම් ඉංග‍්‍රීසි ආක‍්‍රමණයෙන් විනාශ කරල දැම්මා, ඌව පළාතේ දහස් ගාණක් අමු අමු වේ මරා දැම්මා, නූතනයේ දී මිලේච්ඡ ප‍්‍රභාකරනුත් මේ දේම තමයි සිද්ධ කළේ. ඔහුගේ මේ කි‍්‍රයා නිසා එක සම්පතක් නෙමෙයි, මුළු රටේම සම්පත් විනාශයකට ලක් වූණා. ඒ වගේ විනාශයක් කළ ත‍්‍රස්තවාදී කල්ලියක් වනසා දැමීම ජයග‍්‍රහණයක් විදිහට සඳහන් කරන එකේ වරදක් නැහැ. මේ ජයග‍්‍රහණයට මුල් වුණේ ජනාධිපතිතුමායි. එතුමාගේ නායකත්වය අපේ රණවිරුවන්ට විශාල ශක්තියක් වුණා. ඒ නිසා අද ඌව වෙල්ලස්සේ දේශපේ‍්‍රමී ජනතාව දේශපාලන භේදයකින් තොරව ජනාධිපතිතුමාගේ නායකත්වය වටා පෙළ ගැසිලයි ඉන්නේ.

මොනරාගල දිස්ති‍්‍රක්කයේ බුත්තල, ගල්ගේ, කතරගම දක්වා ප‍්‍රදේශවලට කොටි ත‍්‍රස්තවාදයේ බලපෑම එල්ල වුණා. ඒ ප‍්‍රදේශවල අහිංසක සිවිල් ජනතාව විශාල ප‍්‍රමාණයක් කොටි ප‍්‍රහාර වලට ලක්වෙලා මිය ගියා. එහෙත් අද වෙද්දි මොනරාගල ජනතාවට තිබුණ මරබිය සම්පුර්ණයෙන්ම පහවෙලා තියෙනවා. ඒ පිළිබඳව ජනතාව විශාල සතුටකින් පසුවෙනවා.

* ත‍්‍රස්තවාදය බලවත්ව තිබූ අවුරුදු තිහෙන් අවුරුදු දාහතක්ම බලයේ සිටියේ එජාපය. ඔබත් මේ ආණ්ඩුවේ ප‍්‍රබල ඇමැති ධූර රාශියක් දැරුවා. එජාපයට ත‍්‍රස්තවාදය පරාජය කරන්න බැරි වුණේ ඇයි ?.

මං හිතන විදියට එජාප නායකයන්ට ත‍්‍රස්තවාදය පරාජය කළ යුතුයි කියන ස්ථිර අධිෂ්ඨානය තිබුණේ නැහැ. ඒ අය හිතුවෙ නැහැ ත‍්‍රස්තවාදය පරද්දන්න පුළුවන් කියල. ඒ හින්ද තමයි මේ ප‍්‍රශ්නය දුර දිග ගියේ. එජාපයේ මේ අඩුපාඩු නිසා රටටත්, එජාපයටත් සිටිය ජාතික මට්ටමේ නායකයො මිය ගියා. ඒ වගේම එජාපය හැම වෙලාවෙම විදේශයන්ගෙන් ආපු බලපෑම් හිස මුදුනින් පිළිගත්ත වගේම යුද්ධ කරද්දීත් එජාපය දෙබිඩි පිළිවෙතක් තමයි අනුගමනය කළේ .

අපේ සමහර නයකයො කොටි සංවිධානයට ආයුධ , සිමෙන්ති , අධාර දීල සාමය ඇති කරන්න උත්සාහ කළා. එජාප ජනාධිපතිවරු අනුගමනය කළ මෝඩ උපක‍්‍රම නිසා ප‍්‍රභාකරන්ට බෝනස් පිට බෝනස් වාසි ලැබුණා. ප‍්‍රභාකරන් එජාපයේ අඩුපාඩු මොනවද කියල හොඳීන් තේරුම් අරගෙනයි වැඩ කළේ. ඒ හින්ද තමයි අපේ අවුරුදු දාහතක පාලන කාලය තුළ ත‍්‍රස්තවාදය පරාජය කරන්න අපිට බැරි වුණේ.

ඒත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා මුලින්ම නම්‍යශීලි විදිහට සාකච්ඡා මාර්ගයෙන් මේ ප‍්‍රශ්නය විසඳන්න දැඩි උත්සාහයක් ගත්ත. ඒත් සාමය දුන්න අත ප‍්‍රභාකරන් හපා කෑවා. ඊට පස්සෙ තමයි එතුමා කොටියට තේරෙන භාෂාවෙන් කතා කරල ත‍්‍රස්තවාදය සහමුලින්ම පරද්දන්න කටයුතු කෙළේ.

* ඌව පළාත නැවත ගොඩනැගීමට මොන විදිහෙ මහ ඇමැතිවරයෙකු ද සුදුසු වෙන්නෙ ?

ඌව පළාත කියන්නෙ මේ රටේ ඌන සංවර්ධිත පළාතක් විදිහට හඳුන්වාදීම ඌවේ ජනතාවට කරන අපහාසයක් නෙමෙයි. මොනරාගල දිස්ති‍්‍රක්කයේ ප‍්‍රාදේශීය ලේකම් කිහිපයක් තියෙනවා. දුප්පත් කමේ සීමාවටත් පහළ ආර්ථික තත්ත්වයක් තියෙනවා. ඒත් අපිට එහෙමයි කියල අහක බලාගෙන ඉන්න බැහැ. ඇස් දෙක පියාගෙන ඉන්න බැහැ. මේකට ප‍්‍රතිකර්මයක් යෙදිය යුතුයි. ඒකට ඌව පළාත නඟා සිටුවන්න පුලුවන් නායකයෙක් මහ ඇමැතිවරයෙක් මේ මැතිවරණයේ දී බිහිකර ගන්න ඕනෑ. එහෙම කළොත් තමයි ඌවට ගොඩ යන්න පුලුවන් වෙන්නෙ.

මේ මැතිවරණයට ජනාධිපතිතුªමාගේ ඥාති පුත‍්‍ර චමල් රාජපක්ෂ මහත්මයාගේ පුත‍්‍ර ශෂින්ද්‍ර රාජපක්ෂ මහත්මයත් තරග කරනව කියල ආරංචි ලැබිල තියෙනවා. එතුමා තරුණයකු විදිහට නොයෙකුත් තනතුරු දරමින් කටයුතු කර තියෙනවා. කතරගම දේවාලයේ බස්නායක නිලමේ විදිහට , ජනාධිපතිතුමාගේ පුද්ගලික ලේකම් විදිහට මුහුකුරා ගිය සේවයක් එතුමාට කරන්න පුලුවන් වෙලා තියෙනවා. ඒ නිසා ඔහුට පුළුවන්කම තියෙනව ඌව පළාත් සභාවට විශාල සේවයක් ඉෂ්ට කරන්න.

ලංකාවේ දුෂ්කරම දිස්ති‍්‍රක්කයක් තමයි මොනරාගල කියන්නේ. ඒ නිසා ජනාධිපතිතුමාගේත් විශේෂ අවධානය මොනරාගල දිස්ති‍්‍රක්කය පිළිබඳව යොමු වෙලා තියෙනවා. ශෂින්ද්‍ර රාජපක්ෂ මහත්මය වගේ ජනාධිපතිතුමාගේ විශ්වාසය දිනාගත්තු තරුණයෙකුට ඌව පළාත් සභාවේ ඉහළ තනතුරකට එන්න පුලුවන්නම් , ඔහුට පුලුවන්කම තියෙනව මුළු ඌව පළාතටම නවෝදයක් ඇති කරන්න. ශෂින්ද්‍ර රාජපක්ෂ මහතාගේ බාප්පා , ජනාධිපතිතුමා, තාත්ත ප‍්‍රබල ඇමැතිවරයෙක් , එහෙම කෙනෙකුට මහ ඇමැතිකම වගේ ප‍්‍රබල තනතුරක් ලැබුණොත් ප‍්‍රදේශය දියුණු කරන්න විශේෂ හැකියාවක් ලැබෙනවා.

වෙන කෙනෙක් මහ ඇමැතිවරය වෙනවට වඩා මහ ඇමැති අපේක්ෂකත්වයට පත් වෙනවට වඩා ශෂින්ද්‍ර රාජපක්ෂ වගේ තරුණයකු මහ ඇමැති ධූරයට පත්වෙනවානම් ඒක පළාතට සුබදායි කාරණයක් විදිහටයි මා දකින්නේ. මගේ පුද්ගලික තේරීම විදිහටනම් ඌව පළාතේ දියුණුවට සුදුසුම මහ ඇමැතිවරයා විදිහට හඳුන්වා දෙන්න පුළුවන් ශෂින්ද්‍ර රාජපක්ෂ මහතායි.

* ඌව පළාත් සභා මැතිවරණයට එජාපය සංවිධානාත්මකව තරග කිරීමට උත්සාහ කරන බවක් පෙනෙනවා. ඒ වගේම පසුගිය මැතිවරණවලදී ආණ්ඩුවත් එක්ක තරග කළ ජනතා විමුක්ති පෙරමුණත් අද වෙනම තරග කරන්නෙ. මේ තත්ත්වය ආණ්ඩුවට අභියෝගයක් නෙමෙයිද ?

මා හිතන්නේ නැහැ ආණ්ඩුවට කිසිම අභියෝගයක් තියෙනවා කියල. ඌවෙ විතරක් නෙමෙයි මුළු රටේම ජනතාව අද වෙද්දි ජනාධිපතිතුමාගේ නායකත්වය වටා ගොනුවෙලා ඉවරයි. අවුරුදු පන්සියයකට පස්සෙ රට එක්සේසත් කෙළේ ජනාධිපතිතුමා.

ඔහු දුටු ගැමුණු, මහා පරාක‍්‍රමබාහු රජවරුන්ට පමණයි දෙවැනි වෙන්නෙ. ඒ වගේ් විශිෂ්ට නායකයෙකුට අභියෝග කරන්න බැහැ. මොන ජගතෙක් ආවත්.

එජාපය දිගින් දිගටම මැතිවරණ පරදිනව. ජවිපෙට එදා ලැබූ ඡන්ද ප‍්‍රමාණය අද ගන්න බැහැ. මට ස්ථිරවම කියන්න පුලුවන් ඌව පළාතෙන් ආණ්ඩුවට විශිෂ්ට ජයග‍්‍රහණයක් ලබන්න පුළුවන් කියල.

* මේ තත්ත්වය තුළ එජාපයේ අනාගත ඉරණම මොන විදිහට විසෙඳයිද ?

අවුරුදු තිහ හතළිහ එජාපයත් එක්ක හිටිය අය මේ, වෙද්දි ගම්පිටින්ම සන්ධානයට එකතු වෙනවා. එජාප නායකත්වය ගැන මේ ජනතාව විශාල කලකිරීමකින් ඉන්නෙ. මේ අය හොඳීන්ම දන්නවා රනිල් වික‍්‍රමසිංහ මහත්මය නායකත්වයේ ඉන්න කම් එජාපයට ගොඩයාමක් නැහැ කියල.

* ඌව පළාත් සභා මැතිවරණයේ දී වතුකරයේ දෙමළ ඡන්ද තීරණාත්මක කාර්යභාරයක් ඉෂ්ඨ කරනව. මේ ඡන්ද දිනා ගැනීමට ආණ්ඩුවට වැඩපිළිවෙළක් නැද්ද ?

වතුකරය තුළ ශ‍්‍රීලනිපයටත් සාමන්‍ය ඡන්ද පදනමක් තියෙනව. මෙවර තොන්ඩමන් ඇමැතිතුමාගේ කම්කරු කොංග‍්‍රසය , කඳුරට ජනතා පෙරමුණ සහ බදුල්ල දිස්ති‍්‍රක්කයේ පදනමක් තියෙන වඩිවේල් සුරේෂ් මහත්තයගෙ කණ්ඩායමත් බුලත් කොළය ලාංඡනය යටතේ තරග කිරීමට සුදානමින් ඉන්නෙ. ඒ නිසා අපිට වතු ඡන්ද ගැන කිසිම ප‍්‍රශ්නයක් නැහැ.

* මීලඟට පැවැත්වීමට ඇත්තේ පස්වෙනි පළාත් සභා මැතිවරණයයි. මීට කලින් තිබූ පළාත් සභා පාලන ගැන ඔබේ නිගමනය මොකක්ද ?

ඒ අයගෙන් මොකුත්ම වුණේ නැහැ. වැඩක්ම නැහැ කියන්න තරම් මම ඉක්මන් වෙන්නෙ නැහැ. ඒත් ඒ පාලන යුගවලදී ඌවට තීරණාත්මක ලෙස ඉදිරියට යාමට තරම් ශක්තිමත් නායකත්වයක් ලැබුණෙ නැහැ. ඒත් අපිට දැන් පුළුවන්කම ලැබිල තියෙනවා අලුත් ආරම්බයක් ගන්න. ඒ නිසා මේ මොහොතේදී ඌවේ ජනතාව තීරණයක් ගන්න ඕනෑ. ශෂින්ද්‍ර රාජපක්ෂ මහතා වගේ තරුණ නායකයෙකුට මහ ඇමැති ධූරය වගේ ඉහළ ධූරයක් ලබාදීමට.

* යුද ජයග‍්‍රහණ, මැතිවරණ ජයග‍්‍රහණ ලබා ගනිමින් ආණ්ඩුව දේශපාලනිකව දැඩි ස්ථාවර තත්ත්වයක තියෙන්නෙ. ආණ්ඩුව ලකුණු සීයම ගනිද්දි ඔබ අවුරුදු තිස් නවයක්ම සිටි එජාපයට මොකද වෙලා තියෙන්නෙ?

රනිල් වික‍්‍රමසිංහ මහත්මයගෙ නායකත්වයේ තියෙන දුර්වලතා හින්ද තමයි මං එදා එජාපයෙන් එළියට බැහැල ආවේ. මේ වෙලාවෙ එජාපයට කරන්න තියෙන්නේ ජනාධිපතිතුමාගේ වැඩපිළිවෙළට සහයෝගය දීල රට ගොඩනඟන වැඩපිළිවෙළට එකතු වීම පමණයි. එහෙම නැතිව කුමන්ත‍්‍රණ කර කකුල් මාට්ටු දමල දේශපාලන කෙටි පාරවල් වලින් දේශපාලන ජයග‍්‍රහණ ලබන්න බැහැ. ඒ හින්ද මේ වෙලාවෙ එජාපය කරන්න ඕනෑ ජාතික වැඩපිළිවෙළකට එකතු වීමයි.

* මේ වගේ ජාතික වැඩපිළිවෙළකට එජාපය පසුගිය කාලයේ දීම සහයෝගය ලබාදීම මඟ හරිය. මේ තත්ත්වය රටේ අනාගතයට විශාල බාධාවක් වුණා. දැන් එජාපය එකට වැඩ කිරීමට කැමැතියි කියල ඉඟි පළකරනවා. මේ ගැන ඔබේ අදහස මොකක්ද ?

පහුවෙලා හරි එජාපයට මොළේ පෑදීම හොඳ දෙයක්. අද අපි හැම දෙයක්ම බලන්නෙ බටහිර රටවල ආභාෂයෙන්, එදා රජවරු වැදගත් තීරණ ගත්තෙ විපක්ෂයෙන් අහල නෙමෙයි. එදා විපක්ෂයක් තිබුණෙ නැහැ. ඒත් අද යන්ත‍්‍ර උපකරණ යොදාගෙන කරන්න බැරි දේවල් එදා මිනිස් ශ‍්‍රමයෙන් කළා. ජනාධිපතිතුමාටත් ඒ වගේ ආත්ම ශක්තියක් තියෙන නායකයෙක්. ඔහුට රටගොඩනගන්න හොඳ හැකියාවක් හා ශක්තියක් තියෙනවා.

ඒ නිසා මේ වෙලාවෙ විපක්ෂයේ සහයෝගය ලැබුණත් නැතත් කමක් නැහැ. ජනාධිපතිතුමාගේ අති විශිෂ්ට දේශපෙ‍්‍ර්මී නායකත්වය යටතේ රට ගොඩනගන්න පුලුවන් .

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා