ජස්ටින් ගලප්පත්ති ළඟදීම ආණ්ඩු පක්‍ෂයට

ජස්ටින් ගලප්පත්ති ළඟදීම ආණ්ඩු පක්‍ෂයට

මාතර දිස්ති‍්‍රක් එක්සත් ජාතික පක්‍ෂ බල මණ්ඩලයේ හිටපු සභාපති, දකුණු පළාත් සභාවේ විපක්‍ෂ නායක මෙන්ම දෙවිනුවර ආසනයේ එක්සත් ජාතික පක්ෂ ප‍්‍රධාන සංවිධායක ජස්ටින් ගලප්පත්ති මහතා අද හෙටම ආණ්ඩුපක්‍ෂයට එක්වීමට යන බවට විශ්වාස කටයුතු ආරංචි මාර්ග පවසයි.

ගලප්පත්ති මහතා රජයට එක්වීමේ අරමුණින් මේ වන විටත් ආණ්ඩු පක්ෂයේ ප‍්‍රබලයන් පිරිසක් සමඟ සාකච්ඡා පවත්වමින් සිටින බවත් ඒ මහතා සමඟ එක්සත් ජාතික පාක්ෂිකයන් 500 දෙනකු පමණ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ රජයට සහාය පළකිරීමට තීරණය කර ඇති බවත් වාර්තාවේ.

ගලප්පත්ති මහතා මෑතක් වනතුරු මාතර දිස්ති‍්‍රක් එක්සත් ජාතික පක්ෂ බල මණ්ඩලයේ සභාපතිවරයා වශයෙන් පක්ෂයේ උන්නතිය වෙනුවෙන් සේවය කෙළේ ය.

එහෙත් එජාප නායකයා මාතර දිස්ති‍්‍රක් සංවිධායක ධුරයට සාගල රත්නායක මහතා පත් කෙළේ ය.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා