ආසියානු නෙට්බෝල් අවසන් පූර්ව වටයේ ශී‍්‍ර ලංකා - තායිලන්ත ගැටුම අද

ආසියානු නෙට්බෝල් අවසන් පූර්ව වටයේ
ශී‍්‍ර ලංකා - තායිලන්ත ගැටුම අද

ආසියානු නෙට්බෝල් තරගාවලියේ ශී‍්‍ර ලංකාව හා තායිලන්තය අතර අවසන් පූර්ව තරගය අද මලයාසියාවේ බුකිට් කියාරා ගෘහස්ථ කී‍්‍රඩාංගණයේදී පැවැත්වේ.

මූලික වටයේ සහභාගී වූ සියලුම තරග ජයගෙන තරගාවළියේ ‘බී’ කාණ්ඩයේ අපරාජිත ශී‍්‍ර ලංකා පිල තරග 3කින් තරග 2ක් ජයගත් ‘ ඒ’ කාණ්ඩයේ දෙවැනි ස්ථානයේ සිටින තායිලන්තය මුණගැසේ.

මේ තරගාවලියේ අනෙක් අපරාජිත කණ්ඩායම වන්නේ ‘ඒ’ කාණ්ඩයේ ප‍්‍රථම ස්ථානයට පත් සිංගප්පූරුවය. සිංගප්පූරුව හා මලයාසියාව අතර අවසන් පූර්ව තරගය ද අද පැවැත්වේ.

ශී‍්‍ර ලංකා තායිලන්තය අතර තරගයෙන් ශී‍්‍ර ලංකාව ජය ලැබුවහොත් සිංගප්පූරුව හා මලයාසියාව අතර තරගයේ ජයග‍්‍රාහී කණ්ඩායම සමග අවසන් මහා ගැටුම පැවැත්වේ.

අවසන් තරගය මේ 28 දා පැවැත්වීමට නියමිතය.

2001 වසරට පසුව ශී‍්‍ර ලංකා පිල ආසියානු නෙට්බෝල් තරගාවලියේදී සූරතාව දිනා නැත. මෙවර තරඟාවලියේදී ආසියානු සූරතාව දිනාගැනීමට ශී‍්‍ර ලංකාවට වැඩි වාසියක් ඇතැයි විචාරක මතය වී තිබේ.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා