බාල පපඩම් නිෂ්පාදනයට දඩ

බාල පපඩම් නිෂ්පාදනයට දඩ

මහරගම පමුණුව, පන්සල පාරේ වෙළෙඳ සලක අලෙවිය සඳහා තබා තිබුණු කෘමීන් සහිත පපඩම් තොගයක් මහරගම නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂක ඒකකයෙන් කරන ලද වැටලීමකදී අත්අඩංගුවට ගන්නා ලදී.

පපඩම් සාම්පල රස පරීක්ෂක තැනට ඉදිරිපත් කිරීමේදී ඒවා කෘමීන් සහිත බවත් එම පපඩම් මහජන පරිභෝජනයට නුසුදුසු බවත් නිගමනය කර ඇත.

මේ අනුව වෙළෙඳසල් හිමිකරුට හා එම පපඩම් නිෂ්පාදක සමාගමට විරුද්ධව ගංගොඩවිල මහේස්ත‍්‍රාත්වරයා වෙත පැමිණිලි කරන ලදුව නිෂ්පාදක සමාගමට රු. 7500ක දඩයක් නියම විය.

මෙහෙයුම කරන ලද්දේ පමුණුව මහජන සෞඛ්‍ය පරීක්ෂක චමින්ද හුලංගමුව මහතා විසිනි.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා