ඉරානයට එරෙහිව ඊශ‍්‍රායලය පහර දුන්නොත් මහා විනාශයක්

ඉරානයට එරෙහිව ඊශ‍්‍රායලය පහර දුන්නොත් මහා විනාශයක්

ප‍්‍රංස ජනාධිපති අනතුරු අඟවයි

ඉරාන ඉස්ලාමීය ජනරජයේ න්‍යෂ්ටික අපේක්ෂාවන් සිඳබිඳ දැමීම සඳහා එරටට එරෙහිව ඊශ‍්‍රායලය ඒක පාර්ශ්වික ප‍්‍රහාරයක යෙදුනහොත් ඉන් මහා විනාශයක් සිදුවනු ඇති බවට ප‍්‍රංශ ජනාධිපති නිකොලස් සාකෝසි පෙරේදා අනතුරු ඇඟවීය.

ඔහු මෙම අනතුරු ඇඟවීම සිදුකළේ ඉතාලියේ පවත්නා ජී 8 සමුළුවට සහභාගිවීමෙන් පසුය. න්‍යෂ්ටික බෝම්බයක් නිපදවීමේ සැලැස්ම වසන්කරන්නේ යැයි බටහිර ලෝකයෙන් පැවසෙන, ඉරාන න්‍යෂ්ටික වැඩපිළිවෙළ අත්හිටුවීම සඳහා සාකච්ඡා මාර්ගයෙන් කටයුතු කිරීමට මෙම සමුළුවේදී සියල්ලන්ම එකඟ වී ඇත.

ඊශ‍්‍රායලය තනිවී නැති බව එරට වටහාගත යුතුව ඇතැයිද ඔහු කීවේය. ඉරානයේ න්‍යෂ්ටික වැඩපිළිවෙළ ඊශ‍්‍රායලයට තර්ජනයක් බව බොහෝ ඊශ‍්‍රාලිකයන් පිළිගන්නා අතර අවශ්‍ය වූ වොත් පලස්තීනයට එරෙහිව යුද වදින බව ඔවුන් කියා ඇත.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා