ගොඩගම වෙල්යාය ගොඩකිරීම අත්හිටුවයි

ගොඩගම වෙල්යාය ගොඩකිරීම අත්හිටුවයි

ගොඩගම, පනාගොඩ සශ්‍රීක වෙල්යාය ගොඩකර ගොඩනැගිලි ද්‍රව්‍ය මධ්‍යස්ථානයක් ඉදිකිරීම අත්හිටුවා ඇති බව නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජෙනරාල් ප්‍රසන්න සිල්වා මහතා දන්වා ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී අක්මීමන දයාරතන හිමියන්ගේ කාර්යාලයෙන් දන්වා ඇත.

ගොඩගම සුරැකීමේ සංවිධානය ඇතුළු ප්‍රදේශයේ ස්වෙච්ඡා සමිති ඉදිරිපත් කළ විරෝධතා අනුව, අක්මීමන දයාරතන හිමියන් විසින් යෝජනා අංක 764 යටතේ යළි සලකා බැලීම සඳහා මේ යෝජනාව උපදේශක කාරක සභාවට යොමුකරවන ලදි.

මේ සම්බන්ධයෙන් ගොඩගම සුරැකීමේ සංවිධානයේ සභාපති වෛද්‍ය ඩී. එස්. මායාදුන්නේ මහතා ප්‍රකාශයක් කරමින්, ගොඩගම වෙල්යායේ අක්කර 26 ක් ගොඩකිරීමෙන් සිදුවන පරිසර හානියත්, ගොවීන්ගේ පාරම්පරික කුඹුරු වැනැසී යෑමත් ගැන මහා සංඝරත්නය මෙන්ම ජනතා නියෝජිතයන් සහ මාධ්‍යවේදිනුත් ලබාදුන් සහයෝගයට ස්තුතිවන්ත වන බව පැවැසීය.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා