මෝටර රියේ එන්ජිම පැහැරගෙන යකඩ බඩු කඩයකට විකුණලා

මෝටර රියේ එන්ජිම පැහැරගෙන යකඩ බඩු කඩයකට විකුණලා

පැළැද වතු යායේ වතුපාලක මිය ගිය සේන සමරසිංහ මහතාට අයිති මෝටර් රථයේ එන්ජිම පැහැගෙන ගොස් බදුරලිය පරණ යකඩ බඩු කඩයකට විකුණා තිබිය දී පොලීසිය අත්අඩංගුවට ගෙන ඇත.

බදුරලිය පොලීසියට ලැබුණු පැමිණිල්ලක් මත කරන ලද පරීක්ෂණයේ දී අනාවරණය වූ කරුණු මත සොරකම් කරන ලද ඇන්ජිමේ කොටස් ගලවා බදුරලිය යකඩ බඩු කඩයක තිබිය දී අත්අඩංගුවට ගැනීමට හැකිවී තිබේ.

වත්තට යාබදව ඇති ගල්මෝලේ ට්‍රැක්ටරයෙන් ගල්මෝලේ වැඩ කරන පුද්ගලයකු තවත් දෙදෙනකුගේ සහායෙන් මේ ඇන්ජිම බදුරලියට ප්‍රවාහනය කර ඇතැයි පොලීසිය කියයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් මතුගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලදුව එක් අයෙකුට රුපියල් පනස් දහස බැගින් වූ ශරීර ඇපමත මුදා හරින ලදී.

මෝටර් රථයේ හිමිකරු වූ වතු පාලක සේන සමරසිංහ මහතා මෙයට මාස කිහිපයකට උඩදි නිදි යහනේදී ම අමානුෂික ලෙස ඝාතනය කැර තිබුණි. බදුරලිය පොලිස් ස්ථානාධිපති අයි. ඇම්. ඒ. උදයකුමාර මහතාගේ උපදෙස් මත බස්නාහිර පළාත් බුද්ධි අංශයේ නිලධාරින් ගේ මඟ පෙන්වීම යටතේ පොලිස් සැරයන් 24754 සුනිල් පොලිස් කොස්තාපල් 55277 කිත්සිරි නිලධාරිහු අපරාධකරුවන් නීතියේ රැහැනට යොමු කළහ.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා