රුසියාව ජගත් ක්‍රිකට් පිටියට

රුසියාව ජගත් ක්‍රිකට් පිටියට

රුසියාව ජගත් ක්‍රීඩා පිටියේ විශිෂ්ටයන් බිහිකළ රටක් වීම විශ්මයජනක පුවතක් නොවූවද එරට ක්‍රිකට් ලීග් තරගාවලි පැවැත්වීම නම් විමතිය දනවන කරුණක් වන බවට කිසිදු සැකයක් නොමැත.

රුසියානු එක්සත් ක්‍රිකට් ලීගය, රුසියානු පුරවැසිභාවය ලබාගත් ක්‍රීඩකයන්ගෙන් සමන්විත කණ්ඩායමක් ඇතුළු ක්‍රීඩා සමාජ 7 ක් තරග වදින වාර්ෂික ජාතික ක්‍රිකට් සූරතාවලියක් පවත්වමින් සිටියි.

රුසියාවේ ක්‍රිකට් ව්‍යාප්ත කිරීම සඳහා පෙරමුණ ගෙන කටයුතු කළ ඉන්දීය සම්භවයක් ඇති ව්‍යාපාරිකයකු වන අෂ්වැනි චොප්රා මේ සූරතාවලියේ ප්‍රධාන දායකත්වයක් සපයන්නේය.

“1995 වසරේ සිට අප විනෝදයට මෙන් මෙහි ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත වෙනවා. 2001 වසරේදී අපි මෙහේ ලෝක ක්‍රිකට් කණ්ඩායම් අතරින් තෝරාගත් ක්‍රිකට් පිලක් සමඟ ඔස්ට්‍රේලියානු සහ ඉන්දීය කණ්ඩායම සහභාගි කරගෙන කුඩා ක්‍රිකට් තරගමාලාවක් පැවැත්වුවා.

ඒ තරග මාලාව සාර්ථක වීම නිසා මේ වාර්ෂික ජාතික ක්‍රිකට් සූරතාවලිය පවත්වනු ලබනවා.” චොප්රා පැවැසුවේය.

රුසියානු ක්‍රිකට් පිලට ජගත් ක්‍රිකට් කවුන්සිලයේ අවසරය ලැබීමෙන් පසුව අනාගතයේදී ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ සාර්ථකත්වයට පත්වීම පිළිබඳව චොප්රා සිහින මවමින් සිටින්නේය.

“රුසියානු ජාතික කණ්ඩායමක් නිර්මාණය කිරීම අපගේ සිහිනයයි” ඔහු වැඩිදුරටත් පැවැසුවේය.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා