ජගත් ආර්ථික ප්‍රතිපත්ති සැකසීමේදී සංවර්ධනය වන රටවලට

ජගත් ආර්ථික ප්‍රතිපත්ති සැකසීමේදී සංවර්ධනය වන රටවලට
ප්‍රමුඛතාවක් දිය යුතුයි

සංවර්ධනය වන රටවලින් ඉල්ලීම්

ඇමෙරිකාව කේන්ද්‍ර කොටගත් ආර්ථික අර්බුදය නිසා සංවර්ධනය වන රටවල් තවමත් ප්‍රබල අසීරුතාවයට පත්ව සිටී.

මේ නිසා මින් ඉදිරියට ජාත්‍යන්තර ආර්ථික ප්‍රතිපත්තිය සකස් කිරීමේදී දුගී රටවලට වැඩි දායකත්වයක් ලබාදිය යුතුªබව එම රටවල් ඉල්ලා සිටී.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ ලෝක බැංකුවේ ඡන්ද දීමේ අයිතිය තමන්ටද ලැබිය යුතු බව දුගී රටවල් අවධාරණය කරයි. ඉකුත් මාසයේදී ලෝක නායකයන් විසින්, ජී. 20 කණ්ඩායමට ලෝක ආර්ථික ප්‍රතිපත්ති සැකසීමේලා ප්‍රමුඛස්ථානය ලබාදුනි.

චීනය, ඉන්දියාව වැනි නැගී එන ආර්ථිකයන්ට ආර්ථික ප්‍රතිපත්ති සම්පාදනයේලා වැඩි වැදගත් කාර්යය භාරයක් පවරාදී ඇතත්, සංවර්ධනය වෙමින් පවතින දුගී රටවලට තවමත් කිසිදු පිළිගැනීමක් ලැබී නැති බවට එකී රටවල් චෝදනා කරයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල දුගී දුප්පත් රටවලට ලබාදෙන ණය මුදල් 2014 වනවිට ඩොලර් බිලියන 17 දක්වා වැඩි කිරීමට තීරණය කර තිබේ. 2011 වන විට මින් ඩොලර් බිලියන 8ක් නිකුත් කිරීමට නියමිත ය.

අධික ණය බරින් පීඩා විඳින රටවල් 35 අතුරින් 29ක්ම අපි‍්‍රකානු රටවල් ය.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා