කොස්ටරිකා ජනපතිට පස් අවුරුදු සිර දඬුවමක්

දූෂණ චෝදනා නිසා වරදකරු වූ

කොස්ටරිකා ජනපතිට පස් අවුරුදු සිර දඬුවමක්

කොස්ටරීකාවේ හිටපු ජනාධිපතිට දූෂණ චෝදනා මත පස් අවුරුදු සිර දඬුවමක් නියම කර තිබේ.

හිටපු ජනාධිපතිවරයකුට විරුද්ධව එරට අධිකරණය විසින් දුන් ප්‍රථම තීන්දුව මෙය ලෙස සැලකේ. මේ අතර, වෛද්‍ය උපකරණ ගැනීම සඳහා අල්ලස් ලබාගත් බවට චෝදනා ලැබ සිටි ඔහුගේ සගයන් හත්දෙනෙකුටත් සිරදඬුවම් නියම කර ඇත.

1990 - 1998 දක්වා කාලයේ කොස්ටරීකාවේ ජනාධිපතිධූරය හෙබවූ රෆිල් කැල්ඩරන් ලබන පෙබරවාරියේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේදී තරඟවැදීමට බලාපොරොත්තු වූ අයෙකි.

කැල්ඩරන් සහ ඔහුගේ සගයන්ට වන්දි වශයෙන් රජයට ඩොලර් 700,000 ගෙවීමට නියමකර තිබේ.

11 මසක් තිස්සේ පැවැති නඩු විභාගයකින් අනතුරුව, අධිකරණය විසින් දෙන ලද මෙම තීන්දුවෙන් තමා විමතියට පත්වන බව හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත.

රාජ්‍ය නිලධාරින් විසින් කළ වැරැදි වෙනුවෙන් දූෂණ චෝදනා මත තමාට සිර දඬුවම් පැමිණවීම ඉතාම අසාධාරණ බව ඔහු අවධාරණය කරයි.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා