මරණ දැන්වීම්



 

අපවත්වීම්


හෑගොඩ වජිර ලොකුහාමුදුරුවෝ - කොළඹ මරදාන බෞද්ධ මධ්‍යස්ථාන පාරේ බෞද්ධ මධ්‍යස්ථානාධිපති පුජ්‍යපාද ගරු හෑගොඩ වජිර ලොකු හාමුදුරුවන් වහන්සේ අපවත්වී වදාළ සේක. ආදාහන පූජෝත්සවය 19 දා පස්වරු 3.00 ට බොරැල්ල කනත්ත ආදාහන මළුවේදී සිදුකෙරේ. . දැනුම් ‘දෙන්නේ ශිෂ්‍ය ඉදිකිවුලේ පඤ්ඤාසාර හිමියන් මාපලගම ජිනානන්ද හිමියන් ඇතුළු දායක සභාව.



පිං පැමිණවීම

මැනිං මාර්කට්හි වෙළඳ ව්‍යාපාරිකව සිටි පී.ජී.සුරපාල මැතිතුමා කළුරිය කර අවුරුදු 30 ක් පිරීම නිමිත්තෙන් මැයි මස 22 වෙනි දින සාංඝික දානයක් පිරිනමනු ලැබේ. මෙම පිනෙන් ඔබතුමාට නිර්වාණ සුවය අත්වේවායි ප්‍රාර්ථනා කරමු. දයාබර බිරිඳ සහ දරු පිරිස.



මරණ දැන්වීම්

ජිනදාස වීරසිංහ - පරලෝසැපත් විශ්‍රාමික හෙදි පාලිකා ඒ. චන්ද්‍රලතා වීරසිංහ මහත්මියගේ ස්වාමි පුරුෂයා වූද ආයුර්වේද දෙපාර්තමේන්තුවේ සේවය කල නාවින්න ආයුර්වේද ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ ආරම්භක පුරෝගාමිකයා වූද සිද්ධාලේප ආයතනයේ ජ්‍යෙෂ්ඨ උපදේශක වෛද්‍යාචාර්ය ජිනදාස වීරසිංහ මහතා අභාවප්‍රාප්ත විය. ආදාහනය නාවල සුසාන භූමියේදී බදාදා 19 දින සවස 05 ට සිදු කෙරේ. සියළු ඥාති මිත්‍රාදීන් වෙත සංවේගයෙන් දන්වන්නේ දූ දරු පිරිස විසිනි. අංක 32, පාසැල් මාවත, නාවල, රාජගිරිය.


බ්ලොසම් ලංකාතිලක - නීතිඥ ජේ. ලංකාතිලක (ලාන්ස්) ගේ දයාබර බිරිඳ වූද, උදේනි සහ කෝකිලගේ ආදරණීය මෑණියන් වූද, ෂම්මිගේ නැන්දනිය වූද, මරීටා, ෆෑන්ක් (රාජු) සහ ලියෝනිගේ සහෝදරිය වූද, බ්ලොසම් ලංකාතිලක මහත්මිය අභාවප්‍රාප්ත වූයෙන් අවසන් කටයුතු 19 වෙනි බදාදා සවස 3.30 ට “කුඩා වලව්ව“ පවුලේ සුසාන භූමියේදී සිදු කෙරේ. “කුඩා වලව්ව“ පනාවිටිය, දීකිරිකෑව.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා