ඩෙංගු මර්දනයට “මෝර්ටීන් ලෙඩරෝග වළකමු’’

ඩෙංගු මර්දනයට “මෝර්ටීන් ලෙඩරෝග වළකමු’’

ශ්‍රී ලංකාවේ අංක 1 හිමි ගෘහස්ථ කෘමිනාශක වෙළෙඳ නාමය වන මෝර්ටීන් විසින් ‘’මෝර්ටීන් ලෙඩ රෝග වළකමු’’ නමින් ඩෙංගු රෝග මර්දනය සඳහා ජාතික තලයේ ප්‍රජා අධ්‍යාපනික හා දැනුවත් කිරීමේ වැඩසටහනක් පසුගියදා ක්‍රියාත්මක කෙරුණි. සිව්වන වසරටත් අඛණ්ඩව සිදු කෙරෙන මෙම ඩෙංගු මර්දන ව්‍යාපෘතිය මගින් මෙම වසරේ දී ඩෙංගු රෝගයෙන් නිදහස් ශ්‍රී ලංකාවක් බිහි කිරීමට දැඩි කැපවීමකින් හා ඵලදායිතාවකින් යුත් එකිනෙකට ඈඳුණු වැඩසටහන් රැසක්ම ක්‍රියාත්මක කිරීමට රෙකිට් බෙන්කීසර් සමාගම ඉදිරිපත්ව සිටී.

රෙකිට් බෙන්කීසර් සමාගම විසින් ක්‍රියාත්මක කළ මෙම ‘’ මෝර්ටීන් ලෙඩ රෝග වළකමු’’ ප්‍රජා අධ්‍යාපනික හා දැනුවත් කිරීමේ වැඩසටහන සම්බන්ධයෙන් එම සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ, රියාසුල් චෞද්රි මහතා පැවැසුවේ, ‘මදුරුවන්ගෙන් බෝවන සියලු රෝගවලින් වලකින්නේ කෙසේ ද යන්න අපේ පාරිභෝගිකයන්ට අධ්‍යාපනය ලබා දෙන වැඩසටහන් රැසක්ම මෝර්ටීන් දැනටමත් අරඹා තියෙනවා.

එයට අමතරව මඳුරුවන් සහමුලින්ම විනාශ කිරීමේ විවිධ උපක්‍රම පවා මෝර්ටීන් ඉදිරිපත් කර තිබෙනවා. කෙසේ හෝ ප්‍රවේසම්වීමේ මූලික පියවර අනුගමනය කිරීමෙන් පමණක් මෙරට ප්‍රජාවට මදුරුවන්ගෙන් වැළදෙන රෝගවල අවදානමෙන් දැඩි සේ වැළකීමට හැකියි. මෝර්ටීන් මගින් ලබා දීමට හා ක්‍රියාවෙහි යෙදවීමට උත්සාහ කරන්නේ එම අවබෝධයයි.’’ යන්න ය.

මෙම වසරේ දී ක්‍රියාත්මක වන ‘’ මෝර්ටීන් ලෙඩ රෝග වළකමු’’ ව්‍යාපෘතියෙහි ස්වභාවය පිළිබඳව විග්‍රහයක් කළ රෙකිට් බෙන්කීසර් සමාගමේ අලෙවි අධ්‍යක්ෂ, සකාරියා අහ්මද් මහතා පවසන පරිදි නෙත් එෆ්. එම්. ගුවන්විදුලි නාලිකාව මාධ්‍ය සහකරු ලෙසින් කටයුතු කරන මෙම ව්‍යාපෘතියෙන්, ශ්‍රී ලංකාවේ ප්‍රධාන නගර හා ප්‍රදේශ 200 කට වඩා ආවරණය කිරීමට නියමිත බව ය.

පහසුවෙන් වටහා ගත හැකි ලෙසින් අධ්‍යාපනිකව හා රසාස්වාදය සැපයෙන අයුරෙන් ඉදිරිපත් කෙරෙන මෙම වැඩසටහනට, සියලුම තරාතිරමේ ප්‍රජාවන් සේම තරුණ මහළු සැමම දැඩි උනන්දුවක් දක්වන බවද සකාරියා අහ්මද් මහතා තවදුරටත් පැවැසීය. තවද, මෝර්ටීන් වෙළෙඳ නාමය, පසුගිය සිව් වසරේ දී මදුරුවන්ගෙන් බෝවන රෝගවලින් වැළකීම හා ආරක්ෂා වීම සම්බන්ධයෙන් සිදුකළ මෙවැනි දැනුවත් කිරීමේ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා රුපියල් මිලියන 20කට අධික මුදලක් ආයෝජනය කර ඇති බව ය.

2007 වසරේ දී මෝර්ටීන් , ‘’Operation Red Alert’’  නමින් ඩෙංගු රෝග දැනුවත් කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කළ අතර, 2008 වසරේ දී සෞඛ්‍ය හා අධ්‍යාපන අමාත්‍යාංශය සමඟ එක්ව, අතිශයින්ම සාර්ථකත්වයට පත් Mortein SLAM (මදුරුවන්ට එරෙහි ශිෂ්‍ය නායකයෝ) ක්‍රියාත්මක කෙළේ ය. 2009 වසරේ සිට ක්‍රියාත්මක කෙරෙන මෙම ‘’මෝර්ටීන් ලෙඩරෝග වළකමු’’ ව්‍යාපෘතිය යටතේ, සෑම වසරකදීම ඩෙංගුවලින් වැළකීම හා ආරක්ෂාව සම්බන්ධයෙන් මෙරට ජනතාව දැනුවත් කිරීමක් සිදු කෙරේ.

මෝර්ටීන් දේශීය හා ජාත්‍යන්තර වශයෙන් ප්‍රකට කෘමීන්ගෙන් පූර්ණ රැකවරණය ලබාදෙන වෙළෙඳනාමයකි. මදුරු කොයිල්, එයරොසොල්ස්, වේපරයිසර්, මැට්, රීෆිල්ස් හා මීයන් සඳහා වූ නිෂ්පාදන පෙළක්ම ඇතුළත් මෝර්ටීන්, එම සියලු නිෂ්පාදන අංශයන් හි වෙළෙඳපොළ ප්‍රමුඛත්වයද හිමි ය. මෝර්ටීන් මෙරට අලෙවි කරන රෙකිට් බෙන්කීසර් ශ්‍රී ලංකා සමාගමේ සෙසු අලෙවි නිෂ්පාදන අතර, ඩෙටෝල්, හාර්පික්, ලයිසෝල්, එයාර්වික්, වීට්, ස්ට්‍රෙප්සිල්, කාර්ඩිනල් හා කෝල්මන්ස් වෙති.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා