එටිසලාට් ජාලයට නව තාක්ෂණය හා මෘදුකාංග

එටිසලාට් ජාලයට නව තාක්ෂණය හා මෘදුකාංග

සභාපති මාධ්‍ය හා විදුලි සංදේශ සමුළුවේදී කියයි

එටිසලාට් සභාපති මොහොමඩ් ඔම්රාන් මහතා පසුගියදා ජෝර්දානයේ පැවැත්වුණු 07 වැනි මාධ්‍ය හා විදුලි සංදේශ සම්මන්ත්‍රණයේ දී මෘදුකාංග නිර්මාණකරණ ආයතන හා දුරකථන සමාගම් අතර සහයෝගීතාවයේ වැදගත්කම පිළිබඳ අවධානය යොමුකරමින් සභාව ඇමතීය. එහිදී ඔහු පැවත්වූ කථාවේදී ජංගම දුරකථන සම්බන්ධතා සැපයුම් සමාගම් හුදෙක් දුරකථන සම්බන්ධතා සැපයුම්කරුවන් ලෙස ක්‍රියා කිරීමෙන් ඔබ්බට ගොස් නවීන තාක්ෂණයෙන් දුරකථන බිල්පත් ගෙවීම, IPTV,මොබයිල් TV, වැනි සේවාවන් සපයමින් හුරුබුහුටි මෙහෙයුම්කරුවෙකු බවට පත්වීමේ අවශ්‍යතාවයට අවධානය යොමු කළේය.

දේශීය වෙළඳ පොළවල්වල තරගකාරීත්වය ඉහළ යනවිට සමාගම් අත්පත් කරගැනීම සහ ඒකාබද්ධ කරගැනීම අනිවාර්යෙන්ම සිදුවන දෙයක් ලෙස හැඳින් වූ ඒ මහතා සිය කතාවේදී එටිසලාට් සමාගම මෑතකදී ආරම්භ කළ කලාපයේ ප්‍රථම ත්‍රිමාණ රූපවාහිනී සේවය පිළිබඳවද අදහස් දැක්වූවේය.

එටිසලාට් සමාගම එම ත්‍රිමාණ රූපවාහිනී සේවය ආරම්භ කිරීමත් සමඟම ත්‍රිමාණ රූපවාහිනී සේවය ආරම්භ කළ ලොව සිව්වැන්නා බවට එටිසලාට් සමාගම පත් විය. එටිසලාට් සමාගම HD [high definition]  තාක්ෂණය ආරම්භ කිරීමෙන් වසරකටත් අඩු කාලයක් තුළ ත්‍රිමාණ රූපවාහිනී සේවය ආරම්භ කළ අතර සියලු එටිසලාට් Life හා E-Vision ග්‍රාහකයින්ට ත්‍රිමාණ රූපවාහිනී සේවා පහසුව අත්විඳිය හැක.

එටිසලාට් සමාගම සිය ජාලය නවීන තාක්ෂණය හා මෘදුකාංගයන් සැපයීමට සුූදානම් බවද මෙහිදී නිවේදනය කළ අතර ෆයිබර් ඔෆ්ටික් ජාලය ඔස්සේ සැපයෙන සේවාවන්වල අන්තර්ගත නව අධිවේගී මෘදුකාංගයන් කිහිපයක් හඳුන්වා දීමද සිදු කෙරුණි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා