හිත හොඳ සිරිසේන වරු ගාණක් මිනී කාමරේ

හිත හොඳ සිරිසේන වරු ගාණක් මිනී කාමරේ

ඔහුගේ නම සිරිසේනය. එමෙන්ම හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පදිංචිකරුවකු වන මොහු ප්‍රදේශයේ සුප්‍රකට සමාජ සේවකයෙකි. ප්‍රදේශයේ කිසියම් නිවෙසක මරණයක් සිදුවුවහොත් එය ආරංචිවූ වේලේ සිට ඔහු එහි ගොස් හැකි අයුරින් නිවැසියන්ට සහාය වෙයි.දිනක් හදිසියේ අසල්වැසි ගෙයක රෝගියෙක් රෝහලේදී මියගියේය. දේහය රෝහල් මෘත ශරීරාගාරය වෙත යවන ලදී.

එහිදී එම දේහය මල් ශාලාවට බාරදීමට අවශ්‍ය බැවින්, ඥාතීහු එතැනට පැමිණියහ. සිරිසේන ද එහි විය. එම ස්ථානයේ තිබූ මෘත ශරීර අතුරෙන්, තම ඥාතියාගේ දේහය හඳුනාගත් පසු මල් ශාලාවකට ගෙන යෑමට සැරසිණි. ඒ අතරතුර සිරිසේන මෘත ශරීරාගාරයේ එහා මෙහා ඇවිද්දේ තමා දන්නා හඳුනන අයගේ මළ සිරුරු ඇත්දැ’යි බලමිනි.

කෙසේ හෝ ඔහු නොදැනුවත්වම ඥාතීහු මළ සිරුර මල් ශාලාවට ගෙනයාමට බාරදුනි. පසුව රෝහල් සේවකයා විසින්, එහි දොර ‘දඩාස්’ යන හ¼ඩින් වසා දමන ලදී. සිරිසේන මෘත ශරීරාගාරය ඇතුලේය. ඔහු දොර ලඟට විත් දොරට තට්ටු කළ ද, දොර විවෘත නොවුණේ, ඒ අවට අවශ්‍යතාවකට හැරෙන්නට කවුරුත් නො ගැවසෙනා නිසා විය යුතුය.

අසරණ සිරිසේන මළ සිරුරු තැන්පත් කරන තැටියක් (කොන්ක්‍රීට් තට්ටුවක්) මත දිගාවුණේ භීතියද හදවතෙහි දරා ගෙනය. පැය කීපයකට පසු (රාත්‍රියේ) එම දොර නැවත විවෘත වුණේ තව මළ සිරුරක් ගෙන ආ බැවිනි. මළ සිරුර රැගත් ට්‍රොලිය එහි ඇතුළුවෙද්දී, “අනේ මට හරි වැඩේ වුණේ...” කියමින් සිරිසේන නිදා සිටි තැනින් නැගිට්ටේ ය.

රෝහල් සේවකයා බියටපත්වී, මරහඬ දෙමින් ට්‍රොලිය ඇතුළට තල්ලුකොට, පස්ස නොබලා දිව්වේය. සිරිසේනට බියක් ඇතිවිය. එය තමා මෙහි සිටීමෙන් කාර්යමණ්ඩලය තමන් ගැන වැරැදි වැටහීමක් ඇතිකර ගනු ඇතැයි කියාය.

ඔහු ද අවස්ථාවෙන් ප්‍රයෝජන ගනිමින්, හෙමින්සීරුවේ දොරටුවෙන් පිටවී වාට්ටු සංකීර්ණය පැත්තට පැනගත්තේය. කොරිඩෝව දිගේ රෝහලේ ප්‍රධාන දොරටුව අබියසට එනවිට, මග දෙපස මේ සිද්ධිය පිළිබඳව කසු කුසු මොහුට ඇසිණ. ඔහු පාරේ කොනක නැවතී සිදුවූ දෙයට ප්‍රතිචාරය කුමක්දැයි දැනගැනීමට සිත්වූ බැවින් ටික වෙලාවක් රැදුණේය.

“මුළු මෝචරියේ ම හෙව්වා. කිසි කෙනෙක් නෑ. මේක මහා පුදුමයක්. හැබැහින්ම දැක්කලු. ඒ අසල සිටි කෙනෙක් කියනු සිරිසේනට ඇසිණ. “එහෙනම් අවතාරයක් ද දන්නේ නැහැ.” තවකෙකු කීය. සිරිසේන, ඒ පිම්මේ ම ගියේ මළ ගෙදරටය. එහි සිටි අය “ තමුසේ කොහේද ඕයි ගියේ.  අපි හැමතැනම බැලුවා. හොයාගන්න බැරි වුණා. පස්සේ අපි බොඩිඑක මල් ශාලාවට යවලා ගෙදර ආවා. තව ටිකකින් ඒකත් ගෙනේවි” යැයි කීහ. සිරිසේන තමාට සිදුවූ දෙය විස්තර කළේය. නිවැසියන්ට එය අදහාගන්නටත් බැරි තරම්ය.

(නම් මනඞකල්පිතය)

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා