පතල කඩා වැටීමට පෙර ඉවත්වීමට කළමනාකාරීත්වය ඉඩ දුන්නේ නෑ

පතල කඩා වැටීමට පෙර ඉවත්වීමට කළමනාකාරීත්වය ඉඩ දුන්නේ නෑ

චිලී කම්කරුවෝ සමාගමට එරෙහිව නඩු මඟට

කම්කරුවන් තිස්තුන්දෙනාම මුදා ගැනුණු චිලී පතල කඩාවැටීමට පැය කීපයකට මත්තෙන් ගිගුරුම් හඬවල් දෝංකාරදීමත් සමඟ ඉන් ඉවත්වීමට ඔවුන් සූදානම් වුවද පතල් කළමනාකාරිත්වය ඊට හරස් වූ බව දිවි ගලවාගත් කම්කරුවෝ පවසති.

ඔවුන්ගේ අනාවරණයන්ගෙන් හෙළිවන්නේ අදාළ සැන්ජෝස් පතල අස්ථාවර තත්ත්වයක පැවති බව කළමනාකාරිත්වය දැන සිටි බවය.

පතල් සිද්ධිය පිළිබඳ පාර්ලිමේන්තු විමර්ශන කමිටුව හමුවේ කරුණු අනාවරණය කරන කම්කරුවන් පවසා ඇත්තේ පතල කඩාවැටීමට තෙපැයකට කලින් ඉන් ඉවත්වීමට අවසර පැතූ බවය. පතලේ දෝනා රැසක් පැවතුනෙන් ගිගුරුම් හඬ දෝංකාර දුන් බවද කියැවී තිබේ.

මේ නිසාම ඔවුන් දැන් සමාගමට එරෙහිව නඩු මගට බැස ඇත.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා