වෙඩි ප්‍රහාරයකින් පෙන්ටගනයේ ජනේල දෙකකට හානි

වෙඩි ප්‍රහාරයකින් පෙන්ටගනයේ ජනේල දෙකකට හානි

ඉකුත් අඟහරුවාදා පෙන්ටගනයට වෙඩි ප්‍රහාර එල්ල වූ බව අමෙරිකන් බලධාරීන් අනාවරණය කර තිබේ. එම ප්‍රහාරයෙන් පෙන්ටගනයේ ජනේල දෙකකට හානි සිදුවූවත්, කිසිදු පුද්ගලයෙක් අනතුරට ලක් නොවූ බව ඔව්හු වැඩිදුරටත් තහවුරු කර තිබේ.

මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් දැනටමත් විශේෂ විමර්ශනයක් සිදුකර ඇති මුත් කිසිදු සැකකරුවෙකු මෙතෙක් සොයාගෙන නැත. මීට මාස කිහිපයකට ඉහත දී පෙන්ටගනයේ ප්‍රධාන දොරටුව වෙත ගමන්ගත් තුවක්කුකරුවෙක් එල්ල කළ ප්‍රහාරවලින් ආරක්ෂක පොලිස් භටයෝ දෙදෙනෙකු තුවාල ලැබූහ.

එම ප්‍රහාරකයා මරා දමන ලදී.පෙන්ටගනයට මෙවැනි ප්‍රහාර එල්ලවන්නේ, 2001 වසරේ දී මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකට ලක්වීමෙන් පසුව පෙන්ටගනයේ ආරක්ෂාව දැඩි ලෙස තරකර තිබියදීයි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා