කාදිනල්වරයට නම් කිරීමෙන් පසු 
 

ශුද්ධෝත්තම පාප්වහන්සේ විසින් ශ්‍රී ලංකාවේ අගරදගුරු අති උතුම් ආචාර්ය මැල්කම් රංජිත් හිමිපාණන් කාදිනල්වරයට නම් කිරීමෙන් පසු ආසිරි ගැන්වූ අයුරු.
 




Send money to Sri Lanka - www.timesofmoney.com




සිසාරා යන්නට වෙබ් අඩවි . . . .


සිසු ගැටුමක් සොයා බැලීමට ගිය

රුහුණේ උප කුලපතිට සරසවි සිසුන්ගෙන් ප්‍රහාර

ශිෂ්‍ය උපදේශකයකුටත් පහර දීලා

රුහුණු විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සුසිරිත් මෙන්ඩිස් මහතාට සරසවි සිසුන් පිරිසක් ඊයේ (20) උදෑසන පහරදී ඇත. මේ අවස්ථාවේ එම ස්ථානයට පැමිණි ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය උපදේශක සමන් චන්දන මහතාටද පහර දී ඇති බව විශ්වවිද්‍යාල ආරංචි මාර්ග පැවසීය. මානව ශාස්ත්‍ර පීඨයේ සිසුන් දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමක් පිළිබඳව සොයා බැලීමට යමින් සිටි අවස්ථාවේ තමන්ට පහර දුන් බව උප කුලපතිවරයා මාතර පොලිසියට පවසා තිබේ. මෙහිදී එක්සිසුවෙකු තමාට පොල්ලකින් දමා ගැසූ බවද ඔහු පවසා ඇත.

විස්තර »

අගරදගුරු මැල්කම් රංජිත් හිමිපාණන්
කාදිනල් ධුරයට:

ශ්‍රී ලංකාවට අභිමානයක් බව ජනාධිපති සුබ පතමින් කියයි

අති උතුම් කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් හිමිපාණන් අතිඋතුම් සොළොස්වන බෙනඩික් ශුද්ධෝත්තම පාප් වහන්සේ විසින් කාදිනල් තනතුරට ඔසවනු ලැබීය. එතුමන් වතිකානයේදී සසුන් පියාණන් වෙතින් නොවැම්බර් 20 දා ධුරාවලිය ලබාගැනීමට නියමිතය. අගරදගුරුතුමන් කාදිනල් ධුරයට පත්වීම ගැන ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ඊයේ සිය උණුසුම් සුබ පැතුම් පිරිනැමීය. වසර 45කට පසු ශ්‍රී ලංකාවේ මැල්කම් රංජිත් පියතුමන්ට කාදිනල් ධුරය ලැබීම ඉමහත් අභිමානයක් බව ජනාධිපතිතුමා සිය සුබපැතුම් පණිවුඩයෙන් කියා සිටි.

විස්තර »

ආකල්ප වර්ධනය කිරීමේ ජාතික වැඩ සටහන
අද ජනපති ප්‍රධානත්වයෙන්

ශ්‍රී ලංකා ජනසමාජය තුළ ආකල්ප වර්ධනය කිරීමේ ජාතික වැඩ සටහන ජනාධිපති මහින්ද රාජපක්‍ෂ, අගමැති දි. මු. ජයරත්න මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී අද (21) ඇරඹේ. ජාතිකාභිමානී හැඟීම් ගොඩනැගීම සඳහා පරිසරය සමඟ සහජීවනයෙන් කටයුතු කරන සංවේදී සමාජයක් හා ස්වයං විනයක් ඇති කිරීම මෙහි අරමුණ වී තිබේ. දිගු හා කෙටි කාලීන වශයෙන් අංශ දෙකක් යටතේ ක්‍රියාත්මක වැඩ සටහන සඳහා අමාත්‍යාංශ ඇතුළු රාජ්‍ය ආයතන 12ක් සෘජු ලෙස දායකත්වය ලබාදෙනු ඇත.

විස්තර »

‘ලන්ඩන් ඡායාරූප දැක්ම කොටි හිතවාදී වැඩක්’

ගෝලීය දෙමළ සංසදය ලන්ඩන් නුවරදී සංවිධාන කළ ඡායාරූප ප්‍රදර්ශනය ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය වෙනස් කිරීම සඳහා ගත් කොටි හිතවාදීන්ගේ උත්සාහයක් බව විදේශ කටයුතු ඇමැති මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා සඳහන් කරයි. පසුගිය යුද සමයේ දෙමළ වැසියන් විවිධ වධ හිංසාවන්ට ලක් වූ ආකාරය පෙන්නුම් කරමින් මෙම ඡායාරූප නිකුත් කර ඇති අතර එය විදේශ ඇමැතිවරයාගේ බ්‍රිතාන්‍ය සංචාරයට සමගාමීව ප්‍රදර්ශනය කර ඇතැයි වාර්තා වෙයි. ගෝලීය දෙමළ සංසදය ප්‍රකාශ කර ඇත්තේ අදාළ ඡායාරූප එල්. ටී. ටී. ඊ. සංවිධානයේ බුද්ධි අංශ නිලධාරීන්ගෙන් ලබා ගත් බවයි.

විස්තර »

මූලික විමර්ශන අවසන් වනතුරු කේ. පී. හමුදාව බාරයේ

එල්.ටී.ටී.ඊ ජාත්‍යන්තර අංශයේ නායකයා ලෙස හඳුන්වනු ලබන කුමරන් පද්මනාදන් (කේ.පී.) සම්බන්ධ මූලික විමර්ශන කටයුතු අවසන් වන තෙක් ඔහු ආරක්ෂක හමුදා භාරයේ රඳවා සිටින බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, ජලසම්පාදන හා ජලාපවහන ඇමැති දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (20) පැවැසීය. මූලික විමර්ශන තවදුරටත් කරගෙන යන අතර එහිදී ඉදිරිපත් වූ කරුණු තහවුරු කර ගැනීමට ඔහු වන්නි ප්‍රදේශයට රැගෙන ගොස් ඇති බවද පැවසූ ඇමැතිවරයා වන්නි ප්‍රදේශයේ සංචාරයකට රැගෙන ගොස් නැතැයි ද අවධාරණය කෙළේය.

විස්තර »

ජවිපෙට අවශ්‍ය විශ්වවිද්‍යාල සිසුන් කිහිපදෙනකු මරාදමා හෝ තම බලය රැකගැනීමටයි

ජනතා විමුක්ති පෙරමුණට අවශ්‍ය විශ්වවිද්‍යාල සිසුන් කිහිප දෙනෙකු මරා දමා හෝ තමන්ගේ බලය රැක ගැනීමට බව උසස් අධ්‍යාපන ඇමැති එස්.බී. දිසානායක මහතා පවසයි. මේ වෙනුවෙන් ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය නවක සිසුන් උද්ඝෝෂණ, පිකටින් ආදියට මෙන්ම පහර දීම්වලට ද යොදා ගන්නා බව ඒ මහතා ප්‍රකාශ කරයි. රුහුණු විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයාට පහර දීම පිටුපස ද ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ සිසුන් සිටින බවත් ඔවුන්ට එරෙහිව විනය පරීක්ෂණයක් පවත්වා වරදකරුවන් වන ශිෂ්‍යයින් විශ්වවිද්‍යාලයෙන් අස් කර දමන බවත් දිසානායක මහතා ඊයේ (20) උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කෙළේය.

විස්තර »

අණපනත් රෙගුලාසි ඉදිරියට දමා තමන්ගෙන් ඉටුවිය යුතු සේවය පැහැර නොහරින්න.

ජනාධිපති මහින්ද රාජපක්ෂ
2009 මාර්තු මස 17 වැනි දින කොළඹදීය.



වෙළඳ දැන්වීම් . . . .

 
ෆොන්සේකා බේරාගන්න අපි ආවට පපුව පුදා
රනිල් තුමා කපටි ලෙසින් හෙමීට එයි මර්සි දදා
ජේවීපී ටිල්වින් මැති කියපු නිසා ළඟදි මෙදා
විනය පරීක්‍ෂණ තියන්න හනික වරෙන් තිස්ස සුදා