චෙච්නියා සටන්කාමීහු පාර්ලිමේන්තුවට කඩා වදිති

චෙච්නියා සටන්කාමීහු පාර්ලිමේන්තුවට කඩා වදිති

තිදෙනකු මරා දමලා

චෙච්නියාවේ සටන්කාමීන් හතර දෙනෙක් පෙරේදා එරට පාර්ලිමේන්තුවට කඩාවැදී. කිහිප දෙනෙකු අත්අඩංගුවට ගෙන, තවත් පුද්ගලයන් තිදෙනෙකු මරාදමා තිබේ.

අනතුරුව ආරක්ෂක හමුදා සමඟ ඇතිවූ මාරාන්තික ගැටුමකින් අනතුරුව සටන්කාමීන් මරුමුවට පත්වී ඇත.

මේ හේතුවෙන් චෙච්නියාවේ සාමය උදාවී ඇති බව තහවුරු කිරීමට ක්‍රෙම්ලිනය දරන උත්සාහයට දරුණු පහරක් එල්ලවී තිබේ.

ප්‍රාණ ඇපයට ගත් අය මුදාගෙන, සටන්කාමීන් මරා දැමීමට ආරක්ෂක හමුදාවට විනාඩි 20ක ප්‍රබල මෙහෙයුමක් ක්‍රියාත්මක කිරීමට සිදුවූ බව චෙච්නියා නායක රම්සාන් කැඩිරොව් පවසයි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා