රඹුක්කන දුම්රිය ස්ථානයේ ගොඩනැඟිලි අබලන්

රඹුක්කන දුම්රිය ස්ථානයේ ගොඩනැඟිලි අබලන්

සේවක විවේක කාමරයේ කොන්ක්‍රීට් වහල ඉරි තලලා

 බිත්ති ඉරිතැලී තිබෙන අයුරු.

උඩරට දුම්රිය මාර්ගයේ කඳුකර ප්‍රදේශයේ ආරම්භක ප්‍රධාන දුම්රිය ස්ථානය වන්නේ රඹුක්කන දුම්රිය ස්ථානයයි. එසේම දිග දුම්රිය වේදිකාවක්ද මෙහි පිහිටා තිබේ.

අධි ශ්‍රේණියේ දුම්රිය ස්ථානයක් බවට සැලකුවද කාලයට ඔබින අන්දමේ නිසි සංවර්ධනයක් නොවීම නිසාවෙන් මඟීන්ට මෙන්ම එහි සේවය කරන නිලධාරීනට දුෂ්කරතා රැසකට මුහුණපෑමට සිදු වී තිබේ.

දුම්රිය මැදිරි, ගැල්, බවුසර් ඇමුණුම්කරුවන් ෂන්ටර්වරුන්ගේ විවේක කාමරයේ කොන්ක්‍රීට් වහළය ඉරිතැලීමකට ලක් වී ඇති නිසා දැඩි අනතුරුදායක තත්ත්වයක්ද පවතී.

මේ තනතුරේ සේවකයන් තිදෙනෙක් සේවය කරන අතර ඔවුන් පැය 8-12 සේවා මුරයේ සේවය කරන පිරිස්ය.

ඔවුන්ගේ සේවය අවශ්‍ය වෙනතෙක් රැඳී සිටිනුයේ මේ අවදානම් කොන්ක්‍රීට් වහළය ඇති කුඩා කාමරයේය. දුම්රිය ස්ථානයේ තරප්පුපෙළ යට ඇති මේ කාමරයේ බිත්ති ඉරිතැලී ගඩොල් මතු වී තිබේ.

ජනෙල් පියන් බිඳී ඒවාට කාඩ්බෝඩ් ආවරණය කර තිබේ. සේවයට පැමිණෙන විට රැගෙන එන ඇඳුම් පැළැඳුම් බඩු බාහිරාදිය පවා තැබීමට නිසි ස්ථානයක් නොමැත.

සන්ටර්වරුන්ගේ කාමරයට ආසන්නව ඇති මැදිරි පරීක්ෂක මහත්වරුන්ගේ කාමරයේද බිත්ති පලුදු වී අශෝභන ආකාරයන්ට පවතී.

කොන්ක්‍රීට් වහළය ඉරි තැලී තිබෙන අයුරු.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා