ඉක්වදෝර රන් පතලේ හිරවූ කම්කරුවන් දෙදෙනා

ඉක්වදෝර රන් පතලේ හිරවූ කම්කරුවන් දෙදෙනා
බේරා ගැනීමට දැඩි ප්‍රයත්නයක්

දෙදෙනකු මියගිය ඉක්වදෝර රන් පතලේ පස්දිනක් තිස්සේ හිරවී සිටින කම්කරුවන් දෙදෙනා බේරාගැන්ම සඳහා මගක් පාදා ගත හැකිවෙතැයි අපේක්ෂාවෙන් පෙරේදා ද ගැලවුම් කණ්ඩායම් දැඩි වෙහෙසක් දරමින් සිටි බව ප්‍රකාශ වී ඇත.

ඔවුන් හිරවී ඇතැයි සැලකෙන උමග මතුපිට විවරයකට ගැලවුම් සේවකයන් ළඟාවී ඇතත් එය ලී හා පාෂාණවලින් හරස් වී ඇති බව ප්‍රකාශ වී තිබේ.

එම මග පාදා ගැන්ම ඔවුන් ගේ අභිප්‍රාය වී ඇත. කම්කරුවන් දෙදෙනා ජීවතුන් අතර ඇත යන අදහස කා තුළත් පවතින්නේ යැයි සුනිත්‍ය නොවන සම්පත් පිළිබඳ ඇමැතිවරයා පැවසීය.

ඉකුත් සිකුරාදා මේ පතල කඩා වැටුණු තැන් පටන් දෙදෙනකු අතුරු දහන්ව තිබෙන අතර ඔවුන් පතලෙහි හිර වී ඇතැයි අනුමාන කෙරේ.

ඔවුන් කරා ළඟාවීමට ඇති දුර මීටර් 6කට වැඩි නොවන නමුත් ඒ සඳහා දස පැයකට වැඩි කාලයක් ගතවනු ඇතැයි පැවසී තිබේ.

ඔවුන් පණ පිටින් සිටින බවට සලකුණක් නැති නමුදු පතලෙන් දුර්ගන්ධයක් පිටනොවන බැවින් ඔවුන් පිළිබඳ බලාපොරොත්තු අත්හැර නැත.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා