මධ්‍යම පළාත් සභා එජාප මන්ත්‍රී කණ්ඩායම දෙකඩ වෙයි

සූදු පනත පිළිබඳ වැඩසටහනක් මුල්කර ගෙන

මධ්‍යම පළාත් සභා එජාප මන්ත්‍රී කණ්ඩායම දෙකඩ වෙයි

රජයේ සූදු පනතට එරෙහි වූවන්ට ආශීර්වාද කිරීමේ වැඩසටහනක් සංවිධාන කිරීමට ගොස් මධ්‍යම පළාත් සභාවේ එජාප මන්ත්‍රී කණ්ඩායම තුළ දැඩි අර්බූදකාරී තත්ත්වයක් ඇතිවීමෙන් මන්ත්‍රීවරු දෙපාර්ශවයකට බෙදී ඇති බව දැනගන්නට තිබේ.

ශ්‍රී දළදා මාළිගාවේ දී අදාළ වැඩසටහන ඊයේ (30) පෙරවරුවේ ක්‍රියාත්මක කිරීමට මධ්‍යම පළාත් එජාප මන්ත්‍රී කණ්ඩායම තීරණයකට එළඹ ඇතත් මධ්‍යම පළාත් විපක්ෂ නායක කේ. කේ. පියදාස මහතා හදිසියේ ම එම වැඩසටහන අවලංගු කර ඇත.

මන්ත්‍රී කණ්ඩායම යෝජනාවට අනුව ශ්‍රී දළදා මාළිගාවට පැමිණ පසුව මල්වතු අස්ගිරි මහා නායක ස්වාමින්ද්‍රයන් වහන්සේ දෙනම ද බැහැ දැකීමට තීරණය කැර තිබුණ ද හදිසියේ එම වැඩසටහන අවලංගු කිරීමෙන් එය ආවරණය කිරීමට ගිය මාධ්‍යවේදීන් ද දැඩි අපහසුතාවට පත්ව තිබේ.

මධ්‍යම පළාත් සභා මන්ත්‍රී සංජීව කවිරත්න මහතා ගේ යෝජනාවකට අනුව මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට යෝජනාවී ඇති අතර විපක්ෂ නායක කේ. කේ. පියදාස මහතාගේ දැනුම්දීමක් මත එය හදිසියේ අත්හිටුවීමත් සමඟ එජාප මධ්‍යම පළාත් සභා මන්ත්‍රී කණ්ඩායමේ දෙකඩ වීමක් නිර්මාණයවී ඇත.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා