පකිස්තාන ජනපති දිවයිනෙන්
පිටත්ව ගිය අයුරු.

ශ්‍රී ලංකාවේ සිවුදින නිල සංචාරයක නිරත වූ පකිස්තාන ජනපති අසිෆ් අලි සර්දාරි මහතා ඊයේ (30) සවස දිවයිනෙන් පිටත්ව ගියේය. ශ්‍රී ලංකා අගමැති දි. මු. ජයරත්න මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ ඇමැතිවරු පකිස්තාන ජනපතිවරයාට සමුදීමට ගුවන් තොටුපළට පැමිණ සිටියහ. අගමැති දි. මු. ජයරත්න මහතා පකිස්තාන ජනපති සමග ගුවන් යානය දක්වා ගමන් කළ අයුරු.

 

ඡායාරූපය - කුමාරසිරි ප්‍රසාද් ගුවන් තොටුපළ







සිසාරා යන්නට වෙබ් අඩවි . . . .


* හාල් * බී ලූනු * අල * සැමන් * හාල්මැස්සන්

ආහාර ද්‍රව්‍ය 5ක මිල අඩු කරයි

සතොස-ආර්ථික මධ්‍යස්ථාන හා සමූපෙන් අද සිට

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය පහක මිල අද සිට අඩු කිරීමට රජය තීරණය කර තිබේ. හාල්, බී ලූනු, සැමන්, හාල්මැස්සන් සහ අල එසේ අඩු මිලට ලබාගත හැකි අත්‍යවශ්‍ය භාණ්ඩ වෙයි. මෙම භාණ්ඩ සතොස ආර්ථික මධ්‍යස්ථාන හා සමුපකාර හරහා පහත සඳහන් මිලට ලබා ගත හැකිය. මේ අතර සහන මිලට සහල් සැපයීම සඳහා මෙට්‍රික් ටොන් 300ක් රැගත් ලොරි 20ක් ඊයේ (29) කොළඹ ප්‍රධාන ස. තො. ස. ගබඩාව වෙත ගෙනවිත් තිබිණි.  ඒවා අද සිට වෙළෙඳපොළෙන් සහන මිලට ලබා ගැනීමට ඊයේ සිටම බෙදා හැරිණි.

විස්තර »

ජනාධිපති මහින්ද රාජපක්‍ෂ හෙට ඔක්ස්ෆර්ඩ්
ශිෂ්‍ය සංගමය අමතයි

ඔක්ස්ෆර්ඩ් සරසවියේ විශේෂ ආරාධනයක් මත ශ්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ඊයේ (30) අලුයම එක්සත් රාජධානියට ළඟා විය. ජනාධිපතිතුමා හෙට (02) ඔක්ස්ෆර්ඩ් මහා ශිෂ්‍ය සංගමය අමතා විශේෂ දේශනයක් පැවැත්වීමට නියමිතය. 1823 සිට වසර 187ක ඔක්ස්ෆර්ඩ් සරසවි ඉතිහාසය තුළ දේශන පැවැත්වීමට එකම රාජ්‍ය නායකයාට දෙවරක් ආරාධනා කර ඇත්තේ මහින්ද රාජපක්‍ෂ මහතාට පමණි. ඒ මහතා මුලින්ම දේශනය පැවැත්වූයේ 2008 මැයි මාසයේදීය.

විස්තර »

කොටින්ට සහායට ගිය වික්‍රමබාහු ජයලත්
කොටින් විසින්ම පන්නලා

ලන්ඩන් නුවර පැවති කොටි ආධාර කරුවන්ගේ විරෝධතාවකට සහයෝගය දීමට ගිය ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න සහ එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී දොස්තර ජයලත් ජයවර්ධන කොටි ආධාරකරුවන් විසින්ම එළවාදමා ඇත. ද්‍රෝහීන් පිටවනු (Traitors getout) යැයි කියමින් කොටි ආධාර කරුවන්ගේ කෑගැසීමත් සමඟම ඒ දෙදෙනාට පිටවීමට සිදුව ඇත. මේ විරෝධතාවට කොටි ආධාරකරුවන් 200ක් පමණ සහභාගිවූ බව වාර්තා වේ.

විස්තර »

කූට වෙළෙඳුන්ට විපක්ෂය සහාය දෙනවා

-ඇමැති ජොන්ස්ටන්

වෙළෙඳ පොළේ බඩු මිල ඉහළ දැමීමට කූට වෙළෙඳුන්ට සහය දෙන්නේ විපක්ෂය බව සමුපකාර හා අභ්‍යන්තර වෙළෙඳ කටයුතු පිළිබඳ ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි. විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ලියා දෙන බඩු ලැයිස්තුව ඉදිරිපත් කරමින් ගයන්ත කරුණාතිලක මන්ත්‍රීවරයා එම සහාය දීමේ සූක්ෂම වැඩපිළිවෙළ කරගෙන යන බවද කීය. ඇමැතිවරයා එම තොරතුරු හෙළිදරව් කළේ ඊයේ (29) ස.තො.ස ප්‍රධාන ගබඩාවේදී සහල් තොග බෙදා හැරීමෙන් අනතුරුව පැවැති මාධ්‍ය හමුවේදීය. ලක් සතොස නිර්මාණය කර තිබෙන්නේ පාරිභෝගිකයාට සහන මිලට බඩු මිලදී ගැනීමටයි.

විස්තර »

ජ්‍යෙෂ්ඨ ඇමැතිවරු නවදෙනාට
අය වැයෙන් මුදල් වෙන් කළා

ප්‍රශ්නයක් කර නොගන්නා ලෙස
විපක්ෂ නායකට අගමැති කියයි

ජ්‍යෙෂ්ඨ ඇමැතිවරුන්ගේ කාර්යභාරය ගැසට් නිවේදනයේ ඉතා පැහැදිලිව සඳහන් කර ඇති බව අග්‍රාමාත්‍ය දි. මු. ජයරත්න මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (30) ප්‍රකාශ කළේ ය. එම ඇමැතිවරුන්ගේ වැඩ කටයුතුවලට අවශ්‍ය මුදල් අය – වැයේ වෙන් කර ඇති බව ප්‍රකාශ කළ අගමැතිවරයා විපක්ෂ නායකයා එය ප්‍රශ්නයක් කර ගත යුතු නැතැයි ද කීය. ජ්‍යෙෂ්ඨ ඇමැතිවරුන්ගේ කාර්යභාරය පිළිබඳව සහ ඔවුන්ගේ වැඩකටයුතු වෙනුවෙන් මුදල් වෙන් කර නැති බව ද විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ විපක්ෂයේ මන්ත්‍රීවරුන් මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අග්‍රාමාත්‍යවරයා එසේ ප්‍රකාශ කළේ ය.

විස්තර »

ලෝක ඒඩ්ස් දිනය අද

ලෝක ඒඩ්ස් දිනය අදට (01 දා) යෙදී ඇත. මේ සඳහා වූ ජාතික වැඩසටහන කොළඹ පදනම් ආයතනයේ දී සෞඛ්‍ය ඇමැති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (01 දා) සවස 3.30 ට පැවැත්වේ. මෙරට ඒඩ්ස් තත්ත්වය ගත් විට අග්නිදිග ආසියානු කලාපයේ HIV/AIDS ව්‍යාප්තිය අවම රටක් වශයෙන් සැලකෙයි. විශේෂයෙන් ම මෙරට පවත්නා බෞද්ධාගමික හා සංස්කෘතිමය ශක්තිමත්භාවය මෙවැනි ලිංගාශ්‍රිත රෝගයක් පාලනය කිරීම කෙරෙහිදැඩි බලපෑමක් එල්ල කර තිබේ.

විස්තර »

දොස්තර වර්ජනය අත්හිටුවයි

අද දින (1) ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ එක් දින සංකේත වර්ජනය අත්හිටුවීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විධායක කමිටුව තීරණය කළ බව එම සංගමය පවසයි. දීප ව්‍යාප්ත සේවාවක් වන වෛද්‍ය සේවාවේ විනය කටයුතු පිළිගත් නීති රීතිවලට පටහැනිව පවරා ගනිමින් නිකුත් කර තිබූ චක්‍රලේඛය සංශෝධනය කොට එම සේවාවේ විනය කටයුතු.....

විස්තර »

බුද්ධික පතිරණ නොවේ

ලොක්කා ඉදිරියේ පොඩ්ඩෝ ගෝරි යන හිසින් ඊයේ දිනමිණ පත්‍රයේ පළවූ වාර්තාවට අනුව ගෝරියට සම්බන්ධවූයේ තමා නොව වෙනත් මන්ත්‍රීවරයකු බව මාතර දිස්ත්‍රික් මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා දිනමිණට කීය.

“ලෝකයේ සොරකම් කළ නොහැකි එකම දේ දැනුම පමණයි. ඔබ ඉගෙන ගත්තාට පමණක් ප්‍රමාණවත් නැත. ගුණ යහපත්කමත් මනුස්සකමත් තිබිය යුතුය.”

ජනාධිපති මහින්ද රාජපක්‍ෂ
2009 සැප්තැම්බර් 22 මඩකලපුවේදී



වෙළඳ දැන්වීම් . . . .

 
අපේ රටේ ක්‍රමය අනුව සටන් වැද
ත්‍රස්තයො නසනවලු පාකිස්තාන රද
ඒත් එහේ විපක්‍ෂයේ කෙනෙක් හිඳ
කරච්චියට මැදවච්චිය කියා විද