කොටින්ට සහායට ගිය වික්‍රමබාහු ජයලත් කොටින් විසින්ම පන්නලා

කොටින්ට සහායට ගිය වික්‍රමබාහු ජයලත් කොටින් විසින්ම පන්නලා

ලන්ඩන් නුවර පැවති කොටි ආධාර කරුවන්ගේ විරෝධතාවකට සහයෝගය දීමට ගිය ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න සහ එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී දොස්තර ජයලත් ජයවර්ධන කොටි ආධාරකරුවන් විසින්ම එළවාදමා ඇත.

ද්‍රෝහීන් පිටවනු (Traitors getout) යැයි කියමින් කොටි ආධාර කරුවන්ගේ කෑගැසීමත් සමඟම ඒ දෙදෙනාට පිටවීමට සිදුව ඇත. මේ විරෝධතාවට කොටි ආධාරකරුවන් 200ක් පමණ සහභාගිවූ බව වාර්තා වේ.

කොටි සංවිධානය ශක්තිමත් කිරීමට සහය පළකිරීමේ ගිවිසුමක් අස්සන් කිරීමට ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න ලන්ඩන් නුවරට ගොස් තිබිනැයි බුද්ධි අංශ වාර්තා හෙළිකරයි. ශ්‍රී ලංකාවට එරෙහි විරෝධතාවනට මීට පෙරද දොස්තර ජයලත් ජයවර්ධන මහතා සහභාගිවී තිබිණි.
 

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා